Sunday, September 2, 2012

ඉස්කෝලෙ ගිය කාලේ කෝච්චි කතාවක්.....




අද නම් ඉතිං ලියන්න හිතුවේ හිනා වෙන්න පුළුවන් දෙයක්.... ගිය ටිකේ පොඩි පොඩි හිතේ අවුල් ටිකක් තිබුන නිසා ලියන්න දෙයක් හිතට ආවේ නෑ එච්චර..... හැමදාම හිත අවුල් කියලා හරියනවයැ කියලා මගේ හිත හදාගන්නත් එක්ක ඉස්සර කාලේ කතාවක් කියන්න හිතුනා.... ඔන්න දැං මේක 18+ ව‌ෙග් කියලා හිතෙනවා නම් දැම්මම කියවන එක නතර කරන්න වෙයි.. හැබැයි මේ ටික අපි නම් කලේ මට මතක විදියට අවරුදු 18 දි විතර වගේ තමයි.....

6 වසරේ ඉදලා වෑන් එකේ ගිය මං කෙල්ලෝ උනාම බස් එකේ කෝච්චියේ යන්න ඉගෙන ගන්න ඕනේ කියලා අපේ තාත්තා 8 වසරේ ඉදලා මාව කෝච්චියේ ඉස්කෝලේ යවන්න පටන් ගත්තනේ.... ඒ කාලේ කෝච්චියේ මරදානට සීසන් එක රු.36යි මට මතක විදියට... ඕක ඉතිං මාසේ 1 වෙනිදා තමයි ගන්න ඕනේ... ඊට පස්සෙන්දා ඉදලා අපි එකෙක්වත් ස්ටේෂන් එකෙන් බහින්නේ නෑ... උදේට කෝච්චිය හෝන් ගගහා බලං ඉන්නවා අපි එනකම්.. ඔන්න අපේ කෝච්චිය... හරි හරි.. ඒක නෙමෙයි නේ කියන්න ගියේ....

දැං ඉතිං ඔය කැලණිවැලි මාර්ගයේ යන කෝච්චි ගැන දන්න අය දන්නවා ඇති අර ලී පෙට්ටි හතරක් විතරක් තියෙන වැස්ස දවසට නාන්න වෙන අපේ බාසාවෙන් කියන “අවජාතක“ කෝච්චිය...... දන්නෙ නැති අයට නම් හිතා ගන්නකෝ දැං ඔය පවර් සෙට් එක වගේ ඉඩකඩ නැති හිර වෙච්චි කෝච්චි පෙට්ටියක්ය කියලා....ඔය පෙට්ටි වල මැද අල්ල ගන්න තියෙන්නේ උඩ ඉදන් පහලට දාපු ලී පොලු තුනක මැද්දෙන් සෙට් කරපු හරහට දාපු පොල්ලක්....හිටගෙන යන කට්ටිය යන්නේ ඔය පොලු වල දෙපැත්තට හේත්තු වෙලා.....(හිතාගත්තෑකිනේ කට්ටිය යන හැටි...) අනිත් කතාව තමා දොරවල් වලින් වෙන් කරලා තියෙන සෙක්ෂන් තියෙනවානේ.... ඕවා ගොඩක් වෙලාවට වැහිලා තියෙන්නේ දොරවල් ඇරියම...අල්මාරියක දොරක් අරිනවා වගේ දෙපැත්තට තමා මේකේ දොරවල් ඇරෙන්නේ... මුල්ලෙ ඉන්න උන්ව පේන්නේ උන්ට ඉස්සරහා ඉන්න එවුන්ට විතරයි... (කොල්ලන්ට කෙල්ලන්ට ලවු කරන්න කියාපු පෙට්ටිය මේක තමා...)සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන ළමයි ඉන්න කෝච්චි වලත්, වැඩට යන අය වැඩිපුර යන කෝච්චිවලත් කට්ටිය තැන් තැන් අල්ලගෙන නේ ඉන්නේ... ඉතිං අල්ලගන්න අමාරුම හරිය මේ ටික තමා..... අල්ලගත්තොත් රජ මඟුල් තමා....

හා කෝච්චි වර්ණනාව ඉවරයි... ඒත් මේ කියන්න යන්නේ ඔය මැද පොල්ලට සම්බන්ධ කතාවක්.... හි හි...

සාමාන්‍යයෙන් කොල්ලො ටික බොහොම ආදරෙන් කෙල්ලො ටිකට වාඩි වෙන්න ඉඩ අල්ලලා දීලා ඔය පොල්ලට පිට හේත්තු කරගෙන කෙල්ලෝ ඉස්සරහින්ම හිට ගන්නවා.... යාලු වෙච්ච එවුන් එහෙම ඉන්නව නම් එක්කෝ දෙන්නටම සීට් හම්බුවෙනවා... නැත්තම් දෙන්නම හිටගෙන.....ට්‍රයි කරන එවුන් ඉන්නවා නම් කෙල්ල නඟින කොට කොල්ලා නැගිටිනවා... නැත්තම් යාලුවෝ සප් එක දීලා කෙල්ලටත් කොල්ලා ගාවින්ම සීට් එකක් දෙනවා...කෙල්ලෙක් කොල්ලෙක්ට ට්‍රයි නම් ටාර් ගාලා බෑග් එක ඉල්ලලා අරගෙන උකුළ උඩින් තියාගන්නවා.... සාමාන්‍යයෙන් ඉස්කෝලෙ යන කාලේ ලවු එකක් නම් ගොඩක් වෙලාවට දෙන්නම හිටගෙන යන එක තමයි කරන්නේ.. ඒක ඇඟට ගුණයි.... දන්න කෙනෙක් දැක්කොත් ඉක්මණට ෂේප් වෙන්න පුළුවන්නේ..

ආයිත් පිට පැන්නා...... මොනා කරන්නද... මේවා තමයි ඉතිං බෝරිං ඉස්කෝලේ කාලේ රසවත් කළ සිදුවීම්.... හි හි....

ඉතිං දැන් ඔය විදියට හිට ගත්තාම ඔලුව උස්සලා බලන්නේ නැතුව කෙලින්ම ඉස්සරහා බැලුවම කෙල්ලන්ට පුදුම රසවත් තොරතුරු හොයා ගන්න පුළුවන්...... ඇයි කියලත් කියන්න ඕනේද.... ආ... මතක් කරලා දෙන්න ඕනේ මේවා මේ ඉස්කෝලේ අන්තිම කාලේ සහ අවුට් උන අලුත වගේ උන දේවල් කියලා...... ඒ කාලේ ඔය ලොකු ලොකු දේවල් දන්නේ නෑ.. හරිද....

ඔය කාලෙදි ඉතිං කෙල්ලො කොල්ලෝ හොදද කියලා එක එක විදි වලින් බලනවානේ.... මෙන්න එක ක්‍රමයක්... සුදු කලිසමේ සාක්කු මඩ පාට නම් හැමතිස්සේම සාක්කු අස්සේ අත දාන සහ සක්කුවට අත දාලා අත පිහිදගන්න පුරුදු උන එකෙක්...සිප් එක මඩ පාට නං...... කියන්න ඕනේ නෑ නේ... මූට අනිවා දියවැඩියාව..... එතකොට පස්සේ සාක්කුවෙ ලොකුවට පිම්බිලා තියෙන පර්ස් එකක් තියෙනවා නම්.... සාක්කුව වටේට කුණු නම් ටිකක් සල්ලි තියෙන එකෙක්.... ලොකු පර්ස් එක්ක පේන සාක්කුව බො‌හොම පිරිසිදුවට තියෙන එකෙක් නම් එක්කෝ කුණු ලෝබයෙක්, නැත්තම් බොහෝවිට පර්ස් එකේ ලස්සනට නවපු කොල තුන හතරක් ඇරෙන්න වෙන මුකුත් නැති වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි...... (දවසක් අපි ඔය වගේ කොල්ලෙක්ගේ ලොකූ පර්ස් එකක් උස්සලා බලනකොට ඇතුලේ තිබුනේ ඇගයීම් කරපු පේපර් දෙකකුයි පරණ ක්ලාස් කාඩි ටිකකුයි විතරයි....)

ඉතිං මේ කෝච්චි වල යන්නේ මහ ලොකු සල්ලිකාරයොන්ගේ පුත්තු දුවලා නොවෙන හින්දා මේ කාලේ වෙනකොට කොල්ලන්ගේ කලිසම් ටිකක් පරණ පාට වෙලානේ...එතකොට ඊයේ ඇදපු කලිසම අදත් ඇදලා කියලාත් කෙල්ලො ටක් ගාලා හොයා ගන්නවා....ඔය කාලේ තමයි අර හිරට අදින කලිසම් ජාතිය අවේ... ඉතිං දැන් කට්ටිය අම්මලගේ සහ ටීචර්ලගේ ඇස් වහලා බොහොම අමාරුවෙන් ඔය විදියේ කලිසමක් මහගෙන දුක් විදගෙන එන්නේ අපිට බලන්නමයි කියලා අපි දන්නවානේ.. ඉතිං මල් වගේ හිත් තලන්නේ කොහොමද....? අපිත් බලනවා..... පවුනේ නැත්තම්....

ඔය අස්සේ දවසක් මට අහුවුනා අපේ ඉස්කෝලේ පුස්තකාලේ පොතක තිබිලා කොල්ලෙක්ගේ මූණ දිහා බලලා ම්ම්ම් ...අනිත් ඒවා ගැන කියන්න පුලුවන් මිනුම් වගයක්..... ඒකේ තව ගොඩ ගොඩාක් ජාති තිබ්බා.. මට දැං මතක නෑ.... ඉතිං මං ඕක අපේ සෙට් එකට කිව්වාම... (දැනුම බෙදා හදා ගන්න කියලනේ කියන්නේ .. නරකද මං ඉතිං..... )අපේ එවුන්ගේ ලොකුම වැඩෙත් ඕක තමා... මූණ බලන එක අමාරු උනාට ඇස් ඉස්සරහින් තියෙන ඉනෙන් පල්ලෙහා ටික දිහා බලන්න කාගෙන් තහනමක් ද....?

ඉතිං තව එකක් තිබ්බා... ඕක ඉස්කෝලේ යන එවුන්ට කරන්න ටිකක් අමාරුයි... කලිසම බස්සලා අදින එක.... ඔය හිප් එකට අදිනවා කියන්නේ... කතාව නම් කවුද මියුසිෂන් කෙනෙක්ට, මයිකල් ජැක්සන්ට හරි ද කොහෙද පස්ස පැත්තේ ගෙඩියක් ඇවිල්ලා ඔය විදියට කලිසම බස්සලා ඇන්දා කියලා තමා.... අපේ අයටත් එහෙම ද දන් නෑ ඉතිං..... සුදු කලිසම බැස්සුවට ෂර්ට් එක නිසා ඒක එච්චර පේන් නෑ.. ඉතිං හිප් එකට අදින්න අපේ කොල්ලන්ට එක්කෝ ක්ලාස් යන්න ඕනේ.. නැත්තම් හාවා හද දකින්නා වගේ එන ඉස්කෝලෙට කලර්ඩ් අදින්න සෙට් වෙන දවසක් එන්න ඕනෑ....

ඉතිං දැන් ඔය වගේ හිප් එකට ඇදලා... ( හිප් කිව්වට ඉතිං ඊටත් පල්ලෙහා තමා තියෙන්නේ... අපේ එවුන් කිව්වේ අරෑගේ නම් සෙට් එක හින්දද කොහෙද කලිසම තාමත් ඉණේ තියෙන්නේ කියලා....) පාට පාට underware ඇදලා ආවම අපේ උන් අමාරුවෙ වැටෙනවා...

ආසාවනේ.... බලන්නත් ඕනේ.. ඒත් ප්‍රශ්නේ තමයි අපිත් එක්ක ඉන්න ඇන්ටි කෙනෙක් හරි අන්කල් කෙනෙක් හරිත් ඕක දකින එක.. එතකොට අපි බලන්න ගියාම ලෙඩේ වැටෙන්නේ අපිට.... අපි කරන්නේ ඇන්ටිට හරි අන්කල්ට හරි ඕක පෙන්නනවා... බලන්න ඇන්ටි අර කොල්ලගේ ඔක්කෝම එලියේ කියලා... ඇන්ටිත් ඉතිං ඕක බලනකම් අපේ එවුන් එක එකාට පෙන්න පෙන්න හිනා වෙනවා..... බහින්න කිට්ටු වෙලා ඉතිං අර කොල්ලා ගාවින් යන ගමන් අනේ අද ඔයා රතු පාට එකක් නේද ඇදලා ඉන්‌ෙන කියල කියපු වෙලාවලුත් තියෙනවා.... ඒ ඉතිං වැඩට යන කාලේ තමයි.... යුනිෆොම් ඔය වගේ වැඩ කරන්න බයයි නේ.... අනිත් එක කොල්ලො ඔක්කොම අපේ යාලුවෝ නේ....

තව තියෙනවා.. ඒත් ඔක්කොම ලියන්න බෑ.. හොද නෑ නේ... අන්තිමටම ඉතිං පුංචි කතාවක් කියන්නම්... මේක උනේ සන්නස්ගල සර්ගේ පන්තියෙදි...

ඔය පන්තියේ ඉස්සරහින්ම ඉන්දවගන්නේ කොල්ලෝ ටික කියලා සමහරැ දන්නවා ඇති... කොල්ලන්ට පිස්සු කෙලින්න බෑනේ එතකොට.... ඉතිං ඔය පන්තියේ හිටියා කරන්ට් වැදුනා වගේ කොණ්ඩේ හදාගෙන කලිසම බස්සන්න පුළුවන් අන්තිම තැනටම බස්සගෙන එන කොල්ලෝ ටිකක්... එක දවසක් එකෙක් පරක්කු වෙලා පන්තියට ආවම සර් ඌව අල්ලගත්තා.... මෙයා ටිකක් ජනප්‍රිය චරිතයක් ක්ලාස් එකේ....ඔන්න මෙහෙමයි කතාව...

මෙහෙවර කොල්ලා උඩට.... (කිව්වේ ඕකමද මන්දා.... ඔය වගේ එකක්... දැං සර් ස්ටේජ්එක උඩ.. අරූ හිමින් හිමින් ස්ටේජ් එකට නගිනවා.... පරාණ බයෙන්....)

ඔය ඔලුව උඩ මොනාද තියෙන්නේ... ( අරූ ඔලුව අතගානවා.... මූණ හද වගේ.....)

උඹට උදේ පාන්දර කරන්ට් එක වැදුනද........

(අරූ හිමීට....) නෑ සර්........

උ‌ෙඹ් කලිසමට මොකද වෙලා තියෙන්නේ...... ( අරූ කලිසම දිහා බලනවා....)

මුකුත් නෑ සර්.....

ඕක පල්ලෙහාට බැහැලා තියෙන්නේ ඇතුලේ තියෙන ඒවා ඒච්චර දිගයිද.....? ( දැං අරූ රතු වෙනවා....මූ ලස්සන සුදු කොල්ලෙක්...)

උඹට තව ටික දවසකින් ඉස්සරහින් විල්බැරෝ එකක් තල්ලු කරන් යන්න වෙන්නේ ඔහොම ගියොත්... එහෙම නම් ඕක ලෙඩක්... ඉක්මණට දොස්තර කෙනෙක්ට පෙන්නපන්.... එහෙම නැත්තම් කලිසම උස්සගනින්.....

( අරූ උස්සගත්තා කලිසම බඩට වෙනකම්ම... ෂේප් එකේ ස්ටේජ් එකෙන් පල්ලෙහාට පල්ලම් බැස්සා....)

68 comments:

  1. ඔබේ මේ කතා කියවත්දි මමත් ආයෙත් මගේ පාසල් කාළයට ගියා වගේ දැනෙනවා , ඇත්තටම ඔබේ ලිවිමේ රටාවත් එක්ක , ආයෙත් ඒ කාළෙම රැඳුනා , ඒ තරම් සුගමයි .

    ඒ වගේම මේ චර්යාවන් විස්තර කරපු හැටි කියවත්දි ඩෙස්මන්ඩ් මොරිස්ගේ පොත්ම තමයි මතක් වෙන්නේ ..

    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි

      ඔව් මේ වගේ දේවල් හරි සාමාන්‍යයි කියලා දැන්නම් තේරෙනවා... ඒත් ඉතිං ඒ කාලේ..... හම්මෝ.......

      Delete
  2. තව පොඩ්ඩෙන් කියවන එක නවත්තනවා 18+ තිබ්බ නිසා. ඒත් ඉතිං එහෙමයි කියලා අවුලක් මේකේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ පොඩි එකා පවු.....

      Delete
  3. ඔය කාලේ කරන් නැති විලාසිතා කවදා නම් කරන්නද නේද හිරු...

    අනිත් දේ තමයි ගෑල්ලමයි කොටට ඇඳලා ඒකත් පලලා ඇඳන් යන එකේ ඔය චුට්ටක් බස්සලා ඇන්දට මක්ක වෙනවද..

    අර කොල්ලට වෙච්ච දේ ගැන නම් දුක හිතෙනවා. කට්ටිය ගොඩක් ඉන්න පන්තියක ඉස්සරහට ගෙනල්ලා සර් කරපු වැඩේ ගැන නම් මෙහෙමයි කියලා හොදයි කියන්ඩ නම් බෑ..
    කොල්ලා වැරැද්දක් කලා කියමු එහෙම කලා නම් ඒක ඌව පෞද්ගලිකව ගෙනල්ලා වැරැද්ද පහදලා දෙනවා මිසක්කා ඔහොම ප්‍රසිද්ධියේ චාටර් කරන එකා සර් කෙනෙක් කියන්ඩත් ලැජ්ජයි !!!!!

    චුට්ටක් හිතන්ඩ හිරූ... ඒ කොල්ලා කොච්චර නම් මානසිකව වැටෙන්ඩ ඇද් ද කියලා... කට්ටිය කට ඇරගෙන මූට හින වෙනවා. !!! ඔය වගේ දෙයක් ඇති සමහරුන්ට මානසිකව වැටෙන්ඩ !

    තව දෙයක් තමයි මම මේ කොල්ලා කරපු දේ හොඳයි කියලා කියන්නේ නෑ.. නමුත් වැරැද්දක් දකින්නෙත් නෑ.. කාලයක් බෙල් බොටම් ආවා. තවත් කාලයක් මිනි ස්කර්ට් ආවා. තව කාලයක් එලිපන්ට් ට්‍රවුසර්ස් ආවා. කලෙන් කාලෙට විලාසිතා වෙනස් වෙනවා. ඒවා චුට්ටක් පාවිච්චි කලාට වරදක් නෑ කියලයි මට හිතෙන්නේ...

    මට හිතුන දේ අමුවෙන්ම කොටලා දැම්මා මිසක්කා ආයේම එඩිට් කර කර ඉන්ඩ ගියේ නෑ.. !!!

    ප.ලි. - මේ කතාව මම් 18+ කතාවක් ලෙස දකින්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් මධු අපිත් හිතුවා කොල්ලා මානසිකව වැටෙයි කියලා... ඒක නිසා වැඩිය චාටර් කරන්න ගියේ නෑ... ඒත් ඌට ගානක් වත් තිබුන් නෑ... මොකද සර් හැම එකාවම කොයි වෙලාවේ හරි ඔය වගේ චාටරේකට අල්ලගන්නවා..... ඌ එකෙන් පස්‌සේ තවත් ජනප්‍රිය උනා..... හි හි.... සර් අල්ලගෙන චාටර් කරන එකා ඊළග දවසේ වීරයා වෙනවා... එහෙමනේ ඉතිං ඒ කාලේ.... හැබැයි එකක්.. ඌ ඊට පස්සේ කලිසම ඒච්චරම බස්සලා ඇන්දා කියලා මතක නෑ.....

      විලාසිතා නම් ඉතිං කොහොම කරත් මොකද... ඒකනේ අපිත් ඉතිං ඕවට ඉස්සර හරි කැමති....

      ඒකනේ මම කියවලා ඉවර වෙලා 18+ කියලා හිතෙනවා නම් නොකියව ඉන්න කිව්වේ.. හි හි.....

      Delete
    2. ආ අමතක උනානේ.... මේකනේ මධූ... ඔය කාලේ විලාසිතා කරන එකට උනත් පොඩ්ඩක් අවුල් වෙනවානේ ගෙවල් වලින් එහෙම.... මොකද කලර්ඩ් ගහලා එලි පහලියට බහින මුල්ම කාලේනේ.... එතකොට කෙල්ලො උනත් ටිකක් හරි සංවරව අදින්න ට්‍රයි කරනවනේ... හැම එකාම නෙවෙයි.. ගොඩක් අය...

      කොල්ලන්ගේ විලාසිතාත් ඒ වගේ.. සමහරුන්ගේ කොණ්ඩ මොස්තර දැක්කම හිනා යනවා... ඒත් ගානක් නෑ ඒ අයට..... මොකද උනුත් දන්නවා මේකට හිනා යනවා කියලා...

      Delete
    3. හිරු ලියල තියෙන්නෙනම් සම්පුර්ණ ඇත්ත කතාවකින් ටිකයිනේ.ඉස්කෝලෙ යන කාලේ කොච්චිවල වෙච්ච දේවල්වලින් දසමයක්වත් ලියල නෑ කියලයි මට හිතෙන්නේ.මොන මොන දේවල් වුණාද නේද? කොල්ලන්ට කෙල්ලන්ට....හා හා මම ඒව කියන්න යන්නෑ දැන්.
      ඒ වුණාට සන්නගෙ ක්ලාස්වල කෙල්ලන්ටත් මාර මාර දේවල් වුණා මතකනේ. දෙහි දොඩම් ටී ෂර්ට් ඇඳල ආපු දවසේ වෙච්ච ඇබැද්දිය මං හිතන්නේ තාම මතක ඇති හිරුටත්.
      කෙල්ලො කොල්ලන්ගේ මිමි ගනිද්දී කොල්ලොත් කෙල්ලන්ගේ මිමි අරගන්න වග හිරු දන්නේ නැතිවෙන්න බෑ.

      පෝස්ට් එකට මම කැමතියි.බාහිර බලපෑම් නොමැති නම් මේ පෝස්ට් එක තවත් ලස්සන වෙන්න තිබුණා.ඔබට ජය

      Delete
    4. ඔවු අප්පා... ඔක්කෝම ලියන්න ගියොත් අපේ මහත්තයා මට අල්ලගෙන ගහනවා..... අපිත් ඉතිං කෝච්චි ලවු කාරයෝ නේ....... හි හි.... ඒත් පස්සේ ලියනවා.....

      අපොයි ඔවු... කෙල්ලන්ටත් මරු වැඩ උනා....දෙහි දොඩම් සීන් එක මට මතක නෑ... හැබැයි හිතා ගන්න පුළුවන්... මට වැඩිපුර මතක කොල්ලන්ට උන දේවල් තමා.... ඔච්චර කොල්ලෝ ගොඩක් ඉන්න ගොඩේ කෙල්ලොන්ව මතක තියාගන්න මට පිස්සු යෑ.... හි හි.... මාත් එක්ක හිටපු දෙතුන් දෙනා ඇරෙන්න මට එක කෙල්ලෙක් වත් මතක නෑ ඒ ක්ලාස් එකේ හිටපු..... හැබැයි ජනප්‍රිය කොල්ලො ටික නම් ඔක්කොම වගේ තාම මතකයි...... හි හි...

      මොකද්ද බොලේ බාහිර බලපෑම්.. අපේ මහත්තයගේ බලපෑම් ද....? මට ඒක තේරුනේ නෑ......

      හෝව් හෝව්.... මේ කියන්නේ සන්නස්ගල කියන නම ගැනද....?

      Delete
    5. මම කිව්වේ සමස්ථ සමාජයම ගැන. අපට විවෘතව අදහස් දක්වන්න තියන ඉඩ සමාජ බැම්මෙන් ඇහිරිලා කියල හිතෙන්නේ නැද්ද.මහත්තය සන්න ඒ සමාජයේ චරිත දෙකක් විතරයි.
      http://samakayawate.blogspot.com/

      Delete
    6. ඔව්... ඒක හරි... විවෘතව අදහස් දක්වන්න ඉඩ තියෙනවා කිව්වට සමහර දේවල් ගැන කියන්න කලින් දෙපාරක් නෙවෙයි දහපාරක් විතර හිතන්න ඕනේ... අපිට ඒක වෙනස් කරන්න අමාරුයි... මොකද අපි මත ජීවිත කීපයකට සතුට රැදිලා තියෙන නිසා.. තනියම නම් ඕනෙ දෙයක් ගැන කතා කරලා තමන්ගේ මතේ වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන්.....

      ඇත්තටම මේකේ මම මේ සන්නගේ නම දාන එක ගැනත් ගොඩක් කල්පනා කරලා තමයි දැම්මේ... බොරුවක් නොවෙන නිසා.....

      Delete
    7. සන්නා මගේ ගුරුවරයෙක් නෙමෙයි. හොඳ යාලුවෙක්. මම දැක්කා ඔබ හිරු හිමාවිගේ පොස්ට් එකට දාපු කමෙන්ටුව. සුළග වගේ ඇවිදින් පොත වගේමයි නේද සන්නගේ මගේ කුළුඳුල් පෙම්වතිය.

      Delete
    8. මම සන්නගේ පොත් වලින් කියවලා තියෙන්නේ නේත්‍රා විතරයි.. තාම ඒක මං ගාව තියෙනවා සර් අත්සන් කරලා සර්ගේ අතින්ම දීපු එකක් නිසා බුක් ෆෙයාර් එකේදි... ඒකත් ඉස්කෝලෙන් අවුට් උනාට පස්‌ෙස්.... එකෙන් මට එයාගේ නවල් එපා උනා.. එකක්වත් කියවන් නෑ කියලා හිතාගත්තා....

      Delete
  4. ලිවිල්ල නම් සුපිරියි හොඳේ.. වටේ ගියත් රහයි
    ඒත් සර් කරපු වැඩේ නම් අනුමත කොරන්න බෑ..
    පස්සේ හරි දුක් වෙන්න ඇති කළ වැඩේට....

    ReplyDelete
    Replies
    1. පන්තියේ ගොඩක් ළමයි හිටියත් සර්ට ගොඩක් ළමයින්ව හොදට මතක තිබුනා ඒ කාලේ... ඉතිං හැම එකාවම මොකක් හරි මඟුලකට සර්ට මාට්ටු වෙලා චාටරේ කනවා... කිව්වට මොකද මාත් කෑවනේ පන්තියටම ඇහෙන්න..... වැඩේ කියන්නේ ඒ වගේ ඒවා ගොඩක් ළමයි ගනන් ගත්තේ නැති එක.... මට මතකයි එක කොල්ලෙක් කාඩ් නැතුව හොරෙන් පන්තියට රිංගලා ටික්කොන්ට මාට්ටු උනාම සර් ඒකව ඔෆිස් එකට ගෙන්නලා විස්තර අහලා ෆ්‍රී කාඩි එකක් දුන්න හැටි...... ඒ වෙලාවේ මාත් මොකද්ද වැඩකට ඔෆිස් එකේ හිටියා... එක වචනෙකින්වත් බැන්නේ නෑ.....

      Delete
    2. ඊයේ රෑ නිදිමතේ රිප්ලයි තරපු නිසා තැන්ක් යූ කියන්න අමතක උනා.... මේවා කියන්න ගියාම නිකම්ම වටේ යැවෙනවා අප්පා......

      Delete
  5. සන්නස්ගල ක්ලාස් එකේ කියන ඇම්බැක්කේ කැටයම් කතාවක් මම අහලා තියෙනවා :D

    ReplyDelete
    Replies
    1. අපොයි එයාගේ කතා අපිට කට පාඩම්... දැං ක්ලාස් යන එවුන් ඒවා ඇවිත් අඹරි ඇඹරි කියන කොටත් අපිට හිනා යනවා....... වෙලාවකට රස කතාත් එපා උන වෙලාවල් තිබුනා හැබැයි....

      Delete
  6. කලිසම බැස්සුවේ ශැගී අක්කේ.. අනේ මරු වැඩ නේ ඔයාලා කරලා තියෙන්නේ.. හිහිහි... හරිම ශොක් පොස්ට් එකක් අද..හොඳට හිනා වුනා.. :D

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. එයා තමයි.......

      හිනාවෙන්න නඟා... ඒකට තමයි ලිව්වේ......

      Delete
  7. හෆ්ෆා.. ස්ටේජ් එකක නැගලා අර ටික අහ ගන්න උනාම ඉතින් මොන තරම් සංතෝසද නේද? :)

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ...... කොල්ලා රතු උනා කන් දෙකේ ඉදන්..... හැබැයි හිනා වෙවී තමයි ස්ටේජ් එකෙන් බැස්සේ.... සර් ව්ල්බැරැක්කයක් තල්ලු කරගෙන යන හැටි ඇක්ට් කරලා පෙන්නුව හැටි මතක් වෙන කොට මට තාම හිනා.....

      ඊට පස්සේ අපේ එවුන් ඔය විදියට කලිසම ඇදගෙන යන කොල්ලන්ට “ අන්න තව ටික කාලෙකින් විල්බැරැක්කයක් තල්ලු කරගෙන යන්න වෙන ජාතියේ එකෙක් යනවා....“ කියලා කියන්න පටන් ගත්තා.....

      Delete
  8. හී හී..නියම පෝස්ට් එක..:)

    ReplyDelete
  9. පව් යකෝ පොඩි එකා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද.... ඌට මාර සැප ඊට පස්සේ.. කොහොමින් කොහොම හරි අපේ කෙල්ලො සෙට් එකත් එක්ක ඉන්ටවල් එකට බත් එකටත් සෙට් උනා මට මතක විදියට.......

      Delete
  10. ඔයා කොයි පැත්තෙද අනේ.ඔය කැළණිවැලි ලී පෙට්ටි කෝච්චියට කියන්නෙ පතෝල මැස්ස කියලා.මම නම් 10 වසරෙ ඉදලා ගියේ බස් එකේ.ලියලා දාන්න ඕනෙ ඒ විස්තර ටිකක්.කම්මැලියි අප්පා ලියන්න දැන් :(

    ReplyDelete
    Replies
    1. පාදුක්කේ නේ... හි හි...

      මට නම් බස් පේන්න බෑ... මඟ දිගට කොට කොට... ස්කූල් බස් උනත් යන්නේ හෝමගමට විතරයි... ඒවයේ ඉතිං මේ වගේ සොදුරු දසුන් තියෙනවයැ.....

      Delete
    2. ඔයා පාදුක්කෙ.මාත් ඒ පැත්තෙනෙ.

      Delete
    3. හැබෑට.... එහෙනම් ඔයා අ‌ෙප් අම්මගේ කේක් ෂොප් එක දන්නවා ඇති... අර ඉස්පිරිතාලේ ගාව බස් නවත්තන්නේ...

      Delete
    4. දන්නවෝ.... දැන් කොහේද ඉන්නෙ???

      Delete
    5. බැන්දට පස්සේ මහරගම ගෙයක් ගත්තා රෙන්ට් එකට.... තව ටික දවසකින් කොහෙ ඉදියිද දන් නෑ... හි හි....

      Delete
  11. ඒ ගුරුවරයා කරපු වැඩේට මගෙත් බලවත් විරෝධය මුලින්ම! සමහර පුද්ගලයො කරන වැඩ නම් හිතාගන්නත් අමාරුයි. ඊට අමතරව කතා කරපු භාෂාවත් අන්තිමයි.

    මේකත් නියම පෝස්ට් එකක් මට නම්. ඔය කෙල්ලො කොල්ලන්ව මනින හැටි අපි දැනගෙන හිටියෙ නෑනෙ ඒ කාලෙ. මොකද කෙල්ලො පෙන්නන්නෙ හරියට කොල්ලො නෑ වගෙනෙ. අර කුණු පාරෙන් ජජ් කරන එක නම් කන පැලෙන්න වැදුනා අප්පා. ෂික්!

    කලිසම එල්ලෙන්න අඳින එක ගැන කිව්වොත් මට නම් ඕක හෙන කැතට තමයි පේන්නෙ. නමුත් ඉතින් අඳින්න කැමති කොල්ලො එහෙම ඇන්දට ඔච්චර කෑගහන්න දෙයක් නෑ. ඕකත් අනිත් විලාසිතා වගේම ටික කාලෙකින් වෙනස් වෙනවා. ඕක ඉතින් මේ කුඩු ගහනවා වගෙ, ටැබා ගහනවා වගෙ කන්ඩෙම් කරන්න හෙතුවක් නෙවෙයි.

    අර සෙට් එක නැත්නම් කලිසම ‍රැ‍ඳෙන්න දෙයක් නෑ කියන එක මටත් හිතෙන දෙයක් හික් හික්.

    හරි ජෙල් කරලා ස්පයික් කරන එක අපරාධයක්ද? තට්ටෙ ගෑවත් බනිනවා කුඩ්ඩා වගේ කියලා. වවලා පෝනි ටේල් එකක් දැම්මොත් හිපියා වගේ කියලා බනිනවා. දැන් ඔය විදියට මහජන චීන සමූහාණ්ඩුවෙ වගෙ කොන්ඩෙ එකම ස්ටයිල් එකට කපලා ඉන්නද කියන්නෙ කාටත් ? ඔය බනින උන්ගෙ ඉස්සර ගත්ත ෆෝටෝස් නෑනෙ පෙන්නන්න!!


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මුලින්ම තැන්ක් යූ....

      ඔය මැනිල්ලේ තව ගොඩක් ජාති තියෙනවා... ඒත් ඔක්කොම කිව්වොත් දැන් ඉන්න එවුන්ට මනින්න දේවල් නැතුව යනවා... හි හි.....
      කුණු පාර මාර ෂුවර්...... ස්පෙෂලි දියවැඩියා කාරයෝ සහ සල්ලිකාරයෝ හොයා ගන්න....හි හි
      ඔය කොල්ලන්ගේ ස්ටයිල් වලට අපි නම් හිනා උනා මිසක් කවදාවත් බැන්නේ නෑ.... ඇත්තම කිව්වොත් උනුත් දන්නවා කෙල්ලෝ මුලින්ම කරන්නේ අල්ලගෙන බයිට් කරලා ඊට පස්සේ හිනා වෙලා යාලු වෙනවා කියලා....
      මධුයි මාතලනුයි දෙන්නටම මෙතන උත්තර දීලා මම ගුරුවරයා ගැන පෝස්ට් එකක් ලියන්න හිතාගත්තා... දැං ඔයත් මේක කියලා තියෙන නිසා අනිවා ලියනවා....

      Delete
    2. මචො හෙන්රි...
      මේ මැනිල්ල සුලෝහිතයන්ටනම් හරියන්නේ නෑ නේද...මොකද උන්ගේ කුණු ගෑවුණානම් ඒ වෙන දෙයක් නිසා...

      මතකනේ ඒ අතීතය

      Delete
    3. අපිට හිටියේ ආනන්ද, නාලන්ද සහ අසෝක තමයි වැඩියන්ම....හි හි...
      මොකද්ද අප්පේ ඒ වෙන දේ.... ? අපිට කිව්වට කමක් නෑ ... දැන් ඔය සුදු කලිසම් වල වගතුග හොයන්න යන් නෑ නේ.....

      Delete
    4. මට තේරෙනවා හිරු. ලියන්න දේවල් ගොඩයි.ඒත් වෙලාව නෑ.දවසේ වැඩිම කාලයක් අනුන්ගේ පුවත් අතර හිරවෙලා.වසර ගානකට පස්සෙ හරි ඔයා ආයිමත් අපිව මේ පෝස්ට් එක හරහා සුලෝහිතයන්ගේ ලෝකෙට අරන් ගියා.

      Delete
    5. @නලීන්, කිව්වම මොකද ඩයබීටිස් කතාවක් මට මතක් වුනෙත් නෑ. ඒත් ඉතින් හිරු ගෑල්ලමයෙක් හන්දා මම මොකුත් සඳහන් නොකර වෙන දේවල් කතා කලා.:D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    6. අනේ හොද ඩූඩ් අයියා වගේ ඒ කතාව කියන්නකෝ..... මොකද්ද අප්පා.. ඔයාලා රහස් කියනවනේ.. ඒවා බෑ හරිද.........

      Delete
  12. ෂහ්. මාර ආතල්නෙ. නියම ලිවිල්ල. දැං බැලුවම හිරුල කොල්ලන්ට හපං.

    ReplyDelete
    Replies
    1. අනිවා..... කොල්ලන්ට හොදනං අපි බැලුවාම මොකෝ..... අනිත් එක ඇස් ඉස්සරහා තියෙන එකේ කාගෙන් තහනමක් ද....? හි හි....

      Delete
  13. Dude අයියගෙ කථාවට මමත් එකගයි... අදින පළදින විදියෙන් මිනිස්සු මනින්න හොද නෑ කියලා මම අත්දැකීමෙන්ම දන්නවා... ඔය සන්නස්ගල ලොක්කා පන්තියේ ළමයි ඔක්කොම ඉස්සරහා පොඩි කොල්ලෙක්ව කිච කරලා මම පොර කියලා තමයි පෙන්නන්න උත්සාහ කරලා තියෙන්නෙ..... අපි නිකමට හිතමුකො ඔය කියන කොල්ලා බොහොම අමාරුවෙන් ජීවත්වෙන...කුලී වැඩක් කරලා පන්තියට එන්න සල්ලි හොයාගන්න.. ඒ සල්ලි වලින්ම දෙමාපියන් පෝෂණය කරන චරිතයක් කියලා පස්සෙ දවසක දැනගත්තොත් සර් අඩාවි කෑ ගහලා එදා කරපු අපරාදෙට... සමහර කොල්ලො කෙල්ලො තමන්ගෙ අඩු ආර්ථික තත්වය නොපෙනෙන්න කොහොම හරි ඇදුම් අදිනවා...ඒ ආකර්ශනය ලබාගන්නටත් වෙන්න පුලුවන්...තමන්ගෙ හිත තරුණ නම් එතැනදි ආර්ථික බාධක තිබුනට ඒවා කොහොමහරි ජයගෙන විලාසිතාවක් දෙකක් කරන්න බොහෝ අය උත්සාහ කරනවා...මට එහෙම චරිත හමුවෙලා තියෙනවා.

    පිස්සු හැදිලා ආයෙත් හැදෙන කෙල්ලො සෙට් එකක්නෙ බොලේ මේ සෙට් එක... මෙච්චර දේවල් කෙල්ලො කොල්ලන්ගෙ බලනවා කියලා අදනෙ දන්නෙ... අපේ කාලෙ නම් කෙල්ලො කොල්ලගෙ දණහිස ලග කලිසමේ කුණු තියෙනවද කියලයි බැලුවෙ... කුණු තිබ්බා නම් ඌ වැරැද්දක් කරලා ඉස්කෝලෙ දණ ගහගෙන හිටපු ‍එකෙක්...

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ එහෙම තමා... හැම එකම බලනවා... මන්දා... අපි නම් එහෙම තමා..... එයාලට හොදනම් කෙල්ලන්ගේ අරකයි මේකයි බලලා කතන්දර හදන්න අපි කළාම මොකෝ.... අපි ඕවට එක එකාට නම් දාලත් තිබුනා.... කොණ්ඩ මෝස්තර අනුව, කලිසම අදින මෝස්තරේට, කුණු නාලා එන එවුන්ට.... හි හි.....

      සිරාගේ ඔය කතාව ඇත්ත....හැබැයි මෙතන මෙහෙම එකක් තියෙනවා... ඇයි වදේ මං කිව්වද මූට බැන්නා කියලා........?

      මම කිව්වානේ මේ කොල්ලා පන්තියේ ටිකක් ජනප්‍රිය චරිතයක් කියලා..... ඒකට හේතුවක් තිබුනා.... මූ ඇව්ල්ලා මට මතක විදියට නොම්මර ඒකේ පැණි හැලියක්.....



      Delete
    2. අනේ මම නම් ඔයාට බැන්නෙ නෑ හොදේ... ඌ පැණි හැලියක් කියන්නෙ කෙල්ලොත් හීනියට හීනියට ඇහැ දෙන්න ඇති නේද ?

      Delete
    3. අනිවා... ඒකනේ කිව්වේ ලස්සන සුදු කොල්ලෙක් කියලා....

      Delete
  14. අර කලිසම්වල කුණු පාරෙන් අයියලව මැන ගන්න වැඩේ අපිත් ඒ දවස්වල කළානෙ.... මං ඕක කොහොම ලියන්නද කියලා හිත හිත හිටියෙ.... ඔය දීල තියෙන්නෙ ගෙඩිය පිටින්ම... හික්ස්...
    ඔය තඩියට පස්සෙ සාක්කුවේ පත පොකට් දාගෙන යන සමහරුන්ගෙ ඒවා ඇතුලෙ පුරවල තියෙන්නෙ කාඩ්බෝඩ් කෑලියි, කොළ කෑලියි... බොරුවට කෙල්ලන්ට පේන්න.... (සොයා බලා පරීක්ෂා කර දැනගත්තු දෙයක්) තව සමහර ලෑලි පස්සවල් තියෙන අයියලත් පස්ස ලොකුවට පේන්න ඔය වැඩේ කරනවා කියලා කොල්ලෙක්මයි කිව්වෙ....
    හිනාවෙලා පණ ගියා කතාවට.... :D :D

    ReplyDelete
    Replies
    1. අපිත් ‌සොයා බලා ඇත්ත ඇති සැටියෙන්ම හොයා ගත්තා ඒක....... හි හි.. ( කොල්ලෙක්ගේ පොකට් එකකට ගහලා....)

      තැන්කියු වේවා...
      මං හිතුවා කට්ටිය සද්ද නැතුව හිටියට ‌පොඩ්ඩ පොඩ්ඩ ඕවට සම්මාදම් වෙලා ඇති කියලා.....

      Delete
  15. හික්ස්...
    බලං ගියාම කෙල්ලො නරකයිනෙ යකෝ කොල්ලංට වඩා...
    අක්කගෙ බ්ලොග හොයා ගන්න බැරුව හිටියේ..
    දැං හරි...

    ReplyDelete
    Replies
    1. හැබෑට... හි හි...
      අපි නරකද......?

      දැං හොයා ගත්තනේ......

      Delete
    2. අමතක උනා.. ඔය ඔයාට උන වැඩේ අපිත් එක්ක ගිය හැම කොල්ලටම එක පාරක් හරි උනා.... අපි ඉතිං වැඩිය නොණ්ඩි කරන් නෑ.. මොකද අපේ යාලුවෝ නේ.....

      Delete
  16. මොකක් කියන්නද මන්දා. හැබැයි සන්නස්ගල සර් ගැන නම් මගෙ තියෙන්නේ එච්චර හොද ප්‍රතිරූපයක් නෙමෙයි. යොවුන් වයසෙදි අනුකරණය කියන එක සාමාන්‍ය දෙයක්. අනිත් එක ආකර්ෂණය ලබාගන්න ලොකු උවමනාවක් තියෙනවා. අපේ සමහර වැඩිහිටියෝ හැසිරෙන්නෙ එයාලා ඒ වයස පහු කරලා නෑ වගේ. එයාලගෙ කාලෙ කරපු දේවල් වෙනස් ඇති. නමුත් එකම හැගීම් තමයි තියෙන්නේ. එතනදි දරුවන්ට ඒවාගෙ හොද නරක කියලා දෙන්න ඕන හොදට හිතලා මතලා. නැත්නම් සමහරවිට දරුවගෙ අනාගතේම අදුරු වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් කියන එක හරි... ඒකාලේ සහ මේ කාලේ අතර තියෙන්නේ තාක්ෂණික වෙනසක් මිසක් සිතුවිලි වල වෙනසක් නෙවෙයි... ඒක මේ පෝස්ට් එකට ආපු කමෙන්ට් වලින්ම තේරුම් ගන්න පුළුවන්.. පරම්පරා තුනක විතර අද්දැකීම් මෙතන කියෙනවා.... මෙන්න මේ සෑම්ගේ පෝස්ට් එකෙත් ඕක හොදට තියෙනවා.. සෑම් තරහා වෙන එකක් නෑ කියලා හිතෙනවා මම මේක මෙතන දැම්මට...
      http://samindikasrimantha.blogspot.com/2012/09/blog-post_6.html

      මට හිතෙන විදියට කියලා දෙන දේ කියලා දෙන්න ඕනෙ විදිය සහ කියලා දෙන කෙනා මොන වගේ විය යුතුද කියන එක මම කලින් පෝස්ට් එකක් දැම්මා මගේ අත්දැකීමක් එක්කම...
      http://hirunethihorawa.blogspot.com/2012/08/blog-post_15.html

      සන්නස්ගල සර් ගැන සර්‌ෙග් ශිෂ්‍යයෙක්ගේ තියෙන ප්‍රතිරෑපය තමයි මම මේ පෝස්ට් එකේ දැම්මේ... සමහර විට මේකෙන් ඔයාගේ තියෙන අදහස වෙනස් වෙන්න පුළුවන්.. කියවලා බලන්නකෝ....
      http://hirunethihorawa.blogspot.com/2012/09/blog-post_4.html#comment-form

      (ඔයාට ලිස්ට් එකක් දුන්නා නේද මම.... හි හි... )

      කමෙන්ට් එකට තොඩක් ස්තූතියි....

      Delete
  17. නියමයි ආයෙත් ඒ කාලෙට යන්න තිබුනනම්

    ReplyDelete
    Replies
    1. නියමයි තමයි... හැබැයි අර කරුම විභාග ටික නම් ආයිත් කරන්න බෑ...... ( Twilight එකේ වගේ Vampire කෙනෙක් වෙන්න පුළුවන් උනා නම් මරු... හි හි..)

      Delete
  18. හප්පා..වහ කනවනෙ..
    සන්නගේ පොත් ටිකයි ෂෝ ටිකයි බලල තියෙනව.මට තාමත් හිතෙන දෙයක් තමා ලොකු සීන් නැතුව නන්දෙව සන්නට මාරු කලානම් ගොඩනෙ කියල.
    ඒකාලේ අපි ගුරුවරු හොයන් ගියෙ රැල්ලට වගේනෙ.මතකද කුමාර ලොක්කගේ ඉංග්‍රීසි පංතිය...

    ReplyDelete
    Replies
    1. ඒක නම් හැබැයි... මම නම් ඉතිං එහෙමකට කියලා ලොකු පන්ති වලට ගියේ නෑ... සන්න ගාවට ගියා සිංහල වලට, චිත්‍ර වලටත් ‌හොද සර් කෙනෙක් ගාවට ගියා... ඉකෝන් වලට නම් බණ්ඩාර සර්ගෙ ක්ලාස් ගියාට ඒක සාර්ථක උන් නෑ... වෙන සර් කෙනෙක් ගාවට ගියා.. වැඩක් උන් නෑ... එස් එකකින් ෂේප් උනා...

      නන්දෙ කිව්වෙ කාටද කියලා මීටර් නෑ... නන්දලාල් සර් ද...

      Delete
  19. ලොකු සීන් කිව්වෙ කොමර්ස් නොකර දන්න කලාව කරානම් කියල.නන්දලාල් තමා.ඔය ලෙඩේ නම් මටත් තිබ්බ,පස්සෙ බන්දුල උන්නැහේ ගාව.(දැන්නම් කියන්නත් ලැජ්ජයි.ඉස්කෝලෙ ගියෙ නෑ යකෝ කියනව ඊට නම්බුයි)
    පාදුක්කෙ කුමාගෙ පංතිය...?

    ReplyDelete
    Replies
    1. අප්පා.. කුමාර සර් කිව්වේ එයාද....? මම නම් ගිහිල්ලා නෑ.. හැබැයි මනුස්සයා ගැන හොදට දන්නවා... වසන්තේ ප්‍රදීප් උඩුවන ගාවට තමයි ඉකෝන් වලට ගියේ මං...

      ඒක නම් ඇත්ත... මට නම් චිත්‍ර යි සිංහලයි කොහොමත් ආස ඒවා... ඉකෝන් තේරුවේ වෙන එකක් නැති උන හින්දා.. පොලිටිකලුයි ලොජිකුයි විතරයි තිබ්බේ... ඉකෝන් සර්ලා දෙන්නම ඒ විශය කෑවා.. ඉස්කෝලෙ නම් ඉතිං කරපු කෙංගෙඩියක් නෑ... පම්පෝරිය විතරයි....

      Delete
  20. අනේ උඹලා කොල්ලන්ට කරලා තියන දේවල් , අපි හිටියානං දනි බොලාට කරන එව්වා

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ට එච්චර ඔලුවක් තියෙනවයෑ... හි හි... ඔය ටිකක් නාකි වෙන‌ෙකාට තමයි පොඩ්ඩක් මොලේ පෑදෙන්නේ... හි හි....

      Delete
    2. තට්ටෙ පෑදෙනකොට ද?

      Delete
    3. හි හි.. ඔව් වෙන්නැති නේ...

      Delete
  21. මාත් ඔන්න හොයාගෙනම ආවා. කෙල්ලෙක්ගෙ හිතේ තියෙන දෙයක් අවංකවම ඇහුවෙ අදයි. (සොරි ඈ. කියෙව්වෙ අදයි.) අනික් උන්නම් සීනි බෝල වගේ. "අපිනම් ඔයාල වගේ නෝටි නෑ අනේ. මතනම් පේන්නේ ඔයාල අලි නාකයි වගේ." කියලනේ කියන්නේ.
    හයියෝ ඒ කාලෙ ඔව්වා දන්නවනම් සබන් නිල් ලෙමන් වල බලේ පෙන්නනවනේ. සිකේ......

    ReplyDelete
    Replies
    1. සොයා ආවාට ස්තූතියි....

      ඕවා කරන්නේ නැති කෙල්ලොත් ඇති.. ඒත් අපේ සෙට් එකේ හිටපු උන් නං ඉතිං ඔක්කොම මේ වගේ තමා.... මොකටද බොරු කියන්නේ... හි හි

      Delete
  22. මැක්සා කතාව හිරුවෝ. . . නියමයි බන්. . .

    ReplyDelete
  23. මාව ආපහු මරදාන ස්ටේෂන් එකේ ඉඳන් හෝමගම ස්ටේෂමට ඇදිල ගියා මේක කියවපු පාර .... :-D

    කැලණිවැලි පාරෙ ලී පෙට්ටි තියන කාලේ වහින් දවස් වලට කන කට්ට වගේම නටපු පිස්සු විතරක් නෙමෙයි ... අපිත් එක්ක ෆුට් බෝඩ් එකේ එල්ලිලා ගිහින් ජීවිතෙන් වන්දි ගෙවපු එවුන් පවා ආපහු මතක් උනා :(

    ReplyDelete