Tuesday, September 11, 2012

හප්පා.. අවුරුදු 2ක් ඉවරයි....


හප්පා.... බැදලා අවුරුදු 2ක් උනා ඊයෙට.....දැන් ඉතිං කාලෙ ගියා දැනුනෙවත් නෑ කියලා කියන්නද...? අපෝ නෑ... ගෙදරටම වෙලා හිටපු නිසා කාලේ යනවා දැනුනේ හරිම හිමින්.....හරියට අවුරුදු 15ක් ගියා වගේ...

අපේ මහත්තයට ‌පොඩි සර්ප්‍රයිස් පාටියක් දෙන්න හිතාගෙන හිටියට මේ පත්තු බැදපු අතත් එක්ක උයන්න බැරි නිසා සර්ප්‍රයිස් ඩිනර් එක හදාගන්න බැරි උනා...ඒත් ගෙනාපු තෑග්ග නම් රැප් කරගත්තා කොහොම හරි....

මේ අවුරුදු දෙකේ ප්‍රගතිය.... මම දතක් කඩා ගත්තා... කොන්ද කඩා ගත්තා.. අතක් කඩා ගත්තා.. දණිස්ස කඩා ගත්තා..... නරක නෑ නේ කල්පනා කරලා බැලුවාම..... හි හි...ඒ ඉතිං සාමාන්‍යයෙන් කැඩෙන ඒව ටිකට අමතරව.. හි හි...

ඒත් වැඩියෙන්ම දුක් වින්දේ හිත කැඩුන එකෙන් කියලා තමයි හිතෙන්නේ....එක ඉතිං තාමත් විදෝනවා නේ.... හරි හරි.... ඒ කතාව පැත්තකින් තියමුකෝ....

කොහොම උනත් ඉතිං අපි දෙන්නා තීරණය කළා මීට පස්සේ වෙඩ්න් ඇනිවසරි එකට කාටවත් පාටි දෙන් නෑ කියලා... දෙන්නා එක්ක හොදට කාලා බීලා, ඩාන්ස් එකක් දාලා, ෆන් එකක් අරන් සමරනවා කියලා.... එකපාරක් දුන්නනේ.. ඒකෙන්ම ඇති උනා....

ඉතිං මෙදා පාර අපි දෙන්නා විතරයි....මගේ අත නිසා ටිකක් වැඩේ අවුල් උනත් අපේ මහත්තයට හොද සර්ප්‍රයිස් එකක් දෙන්න මට පුළුවන් උනා....

දැං අද මගේ ප්‍රධාන රාජකාරිය.... ඊයේ අපේ මහත්තයගෙන් හම්බුන චොක්ලට් මල්ල තනියෙන් කාලා ඉවර කරන එක....

ඔය ෆොටෝ එකේ තියෙන්නේ මං තෑග්ගට දුන්න පරණ කාර් පොඩ්ඩ තමයි... හි හි... අපේ මහත්තයට ඉතිං පරණ කාර් කට්ටක් කිව්වොත් වෙන මුකුත් ඕනෙ නෑ නේ....

දත කඩා ගත්ත හැටි ලියන්න ඕනෙ කියලා හිතුනා...

ඔන්න ඉතිං බැදලා මාසයක් විතර ගිය තැන පොඩි සෙල්ලමක් දාන්න ගිහිල්ලා ඉස්සරහම දතක් කැඩුනා.... වෙන කොහෙවත් වැදිලා නෙවෙයි.. ඇද රෙද්දේ වැදිලා....

ඒ පාර දත් දොස්තර කෙනෙක් ගාවට ගියාම මේ මනුස්සයා අහනවා.... 

“ ඇයි ළමයෝ.. මේක කිරි දතක් නේ... මෙච්චර කල් තියාගෙන හිටියේ මොකද ගලවලා දන්නේ නැතුව .. දැන් ඉතිං ඇතුලේ තියෙන හොද දත එළියට ගන්න ඔපරේෂන් එකක් කරන්න වෙනවා...“ කියලා....

ගෙදර ගිහින් ඔය කතාව අම්මලට කිව්වම කට්ටිය බඩවල් අල්ලන් හිනා වෙන්න ගත්තා...

“ ඇයි බං උඹ මෙච්චරකල් ලවු කරලා බැදගත්තේ කටේ කිරිදත් ටික වත් හැලිලා ඉවර නැති කෙල්ලෙක්වද...“ 

කියලා මස්සිනා පොඩ්ඩ අපේ මහත්තයට නෝණ්ඩිය දාන්න ගත්තා... මේ දත සම්බන්ධ කතාව එලියට ආවොත් හැමදාම ඔය නෝන්ඩිය වරදින් නෑ තාමත්...

මේ දවස් ටිකේ ගොඩක් කොටන්න අමාරු නිසා මේක කෙටුවේ නිකම් ජොලියට වගේ....

61 comments:

  1. අම්මො මේ හිරුව කියන දේවල්...බැන්දහම ඉතින් කැඩෙනවනෙ.ඒක සාමාන්‍ය තත්ත්වය.(කලින් මොකුත් කරගත්තේ නෑනෙ)ඒත් හිත කැඩුන කියන කතාවට...... අනේ මන්ද...පරිස්සම්න් බැඳගත්තු බෙරේ ගහන්න..මට කියන්න තියෙන්නෙ ඒකයි.ඉවසීමෙන් සැනසීම ලැබේ.

    මේ ඒක නෙමේ මහත්තයට දුන්න සර්ප්‍රයිස් එක මොකක්ද කියනවකො හලො....

    මේ අපරාදෙ ටිකක් කෙටුවෙ...කොටනකොට හොඳට කොටන්න...හූ..හූ.....

    ReplyDelete
    Replies
    1. සර්ප්‍රයිස් එක තමයි ඔය ෆොටෝ එකේ තියෙන්නේ... මට ඩිනර් එක හදා ගන්න බැරි උනා....
      ඔන්න ඔයාටම කියලා මම තව කෑල්ලක් එකතු කළා....
      ඕක නොකිව්වනම් කට්ටියට ටක් ගාලා මතක් වෙනවානේ.. ඒකයි මමම කිව්වේ.. හි හි...
      හිත කැඩුන කතාවට.... ඒක තමයි මේ කරගෙන යන්නේ..... අවවාදයට ස්තූතියි....

      Delete
    2. මගේ ඉල්ලීමට හොඳට කෙටුව එකට මල් මිටක්....

      Delete
  2. පළමුවෙන්ම හිරුට මගෙන් උණුසුම් සුභ පැතුම්...

    (දෙවැනුව ගෙදර උන්නැහේට මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනා අතරම නොවෙවා මෙවන් දුකක් යැයි පතමි..:D:D:D)

    රයිටෝ අපි යං අද මොනවද මෙයා මේ කියලා තියෙන කතා කියලා බලන්න...

    අර කැඩුන දේවලුයි කඩාගත්ත දේවලුයි ගැනනං ඉතිං මං මොනවත් කියන්න යන්නේ නැහැ...අපි දන්නවෑ ඔය නොකිව්වට තව මොන මොනවා කඩා ගත්තද නැද්ද කියලා...

    මගේ හිතට වැදුනම දේ තමා ඔයා කොලුවට දුන්න තෑග්ග.. හප්පා බලන්න ඒකත් හරියටම මේ විවාහය කියන දේ නියම විදියට අරුත් ගැන්වෙන ආකාරයට දීලා තියෙනවා නෙව... ඇත්තටම හිරු ඔයාගේ තේරීමනං සුපිරි ආ...

    මේ මේකට අඳාල නැහැ ඒත් මං ඔයාට පරණ කියමනක් කියන්ටෙයි..?
    ඉස්සර උදවිය කියනවා මිනිහෙක් නැති වෙන්ට මිනිහෙක් කරගන්න ඕන ලොකුව වැරදි 3ක්.. ඒ තමා මෙන්න මෙව්වා...

    1.ලෙඩ කේස් එකක් එකක් සහේට ගැනීම...
    2.පරණ වාහනයක් මිලට ගැනීම...
    3.ඉඩං නඩුවක් පටලා ගැනීම...

    බලන්න නේද ඈ..?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.... හොදට කල්පනා කරලා තමා දුන්නේ... ඒකනේ ලෙඩ කේස් එක හරි ගිහිල්ලා තියෙන වෙලාවේ පරණ කාර්කට්ටක් අරං දුන්නේ....
      ඉඩං නඩු වලට තව කල් තියෙනවා... හි හි

      තැන්කියු වේවා.. හි හි..

      Delete
    2. දැං මාරෙ ඉඩං කේස් එකකුත් පටලා ගත්තනං වැඩේ කම්ප්ලීට් නේ?

      හිරු, උඹලා දෙන්නට වාසනාවන්ත යුගදිවියකට ආසිරි පතනවා මේ ගමන්ම.
      අර කාර් එක නම් එල ඈ! එක පාරක් මග බර්ත්ඩේ එකකට හම්බවුනා කම්බු වලින් හදපු මෝටර්බයික් එකක්.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. තැන්ක් යු ඩූඩ් අයියා...
      ඉඩං දැම්ම බෑ... බලමු තව ටික කාලෙකින්... හි හි...
      බයික් එක ටිකක් මගේ බජට් එකට වැඩි... ඒක නිසා ගත්තේ නෑ...

      Delete
  3. ආ තව එකක් අර අත තාම සනීප නැති හින්දා වැඩේ ටිකක් අවුල් උනා කිව්වා නේද...? පව් අප්පා..ඇත්තටම දුකයි..ඒත් කොහොම හරි වැඩ ටික ගානකට කර ගත්තා මදෑ නේද..?

    //දතක් කැඩුනා.... වෙන කොහෙවත් වැදිලා නෙවෙයි.. ඇද රෙද්දේ වැදිලා....//

    හනේ මංදා...පුළුන් කෑල්ලකින් ගහලා අලියෙක් මැරුවා ව‍ගේ ෂීන් එකක්... අනික ඉතිං ඇඳරෙද්දේ මොකටද දත හප්පන්න ගියේ..මේ බ්ලොග් එකනං මෙහෙම බලලා හරියන්නේ නැහැ..අඩියක් ගහලම බැළුවොත් තමා මේ කියන ඒවා තේරුං ගන්ට ඇහැකි...:)

    ReplyDelete
    Replies
    1. මාරයිය අද නම් අඩියක් ගහලද කොහෙද ඉන්‌නේ උදේ පාන්දරම....
      මම කිව්වේ පොඩි සෙල්ලමක් දාන්න ගිහිල්ලා කියලා....
      කිරි දත දිරලා තිබිලා තියෙන්නේ.. කවුද අප්පා ඒවා දන්නේ.. අවුරුදු 10 වෙනකොට ඔක්කෝම කිරි දත් ටික හැලෙනවා කියලනේ උගන්නන්නේ....

      Delete
  4. සුභ පැතුම් ඔයාට යි හබී ටයි!
    කිරි දතක් මගෙත් තියෙනවා තාම. ඩෙන්ටිස්ට් කියනවා තව පොඩ්ඩක් ඉන්නලු ගලවන්න. එයා කියනවා හැබැයි හොඳ දත දැන් එන්නේ නෑලු :( අයියෝ ...දතක් දාන්න වෙයිලු. ඔයාගේ කිරි දත කැඩුනට පස්සේ හොඳ දත ආවද?

    ReplyDelete
    Replies
    1. හි හි.. කිරි දත් මහ වදයක්... මගේ හොද දත ඇවිල්ලා විදුරුමස ඇතුලේ හිරවෙලා ලු... ඒක හදන්න ඔපරේට් කරන්න ඕනෙලු.. මං ඔන්නොහෙ අතඇරලා දැම්මා....

      තැන්ක් යූ නඟා...

      Delete
  5. බලාගෙන ගියහම පුදුම දේවල් ගොඩක් නෙව කඩාගෙන තියෙන්නේ.... ඒවා ගැන නම් මොකට කතා කරනවද ඉතින් නෙහ්... ;)

    ඒක නෙමේ මට තාමත් පුදුම ඇඳ රෙද්දෙන් කොහොමද දත කඩා ගත්තේ කියලා. ඇඳ රෙද්දේ කොනක් අරන් දතේ පටලවලා ඇද්දා ද ? හික්ස් :)

    මොනවා උනත් කමන් නෑ දෙන්නට දෙන්නා සතුටින් ඉන්නවා නම්.... එච්චරයි නෙව අපටත් ඕන. මං ඔයැයිටයි මහත්තයාටයි දෙන්නටම සුබ පතනවා තව චිරාත් කාලයක් සතුටින් ජීවත් වෙන්ඩ ලැබෙන්ඩ කියලා...... !!!

    ඒක නෙමේ හිරූ... ඔය චිරාත් කායයක් කියන්නේ කොච්චර කාලෙකට දෑ... :)

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒ වගේ වැඩක් තමයි....
      තැන්ක් යූ මලයා...

      චිරාත් කාලයක් කියන එකේ තේරුම නම් මම දන් නෑ.. ඒත් ඉතිං ඔය කෝකත් දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙනකම් විතරනේ.. නේද....`?

      Delete
    2. ඔවු ඉතින් බොරුවට ඊලඟ අත්මෙත් එකට ඉන්ඩ ලැබෙන්ඩ කියලා කියන්ඩ ඕන යෑ.. ඒවා ඉතින් පොඩි කාලේ කියන කතා නෙව.ඇරත් එහෙම ඉන්ඩ ලැබෙයි කියලා කවුදෑ දන්නේ... :)

      Delete
    3. හි හි.. අපොයි.. ඕවා බොරු කියලා අද හෙට බදින්න ඉන්න කට්ටියගෙන් ගුටි කන්න වෙයි....

      Delete
  6. දෙන්නටම හැපි මෙව්ව එකක්!
    එක එක ඒව කඩාගන්න එපා. අවුරුදු දහයක් පහලවක් යනකොට සුන්බුන් ගොඩක් වේවි. :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් හැබැව.. හි හි..

      තැන්ක් යු වේවා....

      Delete
  7. 2වෙනි ඇනිවසරියට මගෙන් උණුසුම් සුභ පැතුම් !

    .. දෙන්නා එක්ක හොදට කාලා බීලා, ඩාන්ස් එකක් දාලා, ෆන් එකක් අරන් සමරනවා කියලා....


    ෆන් එකක් කිව්වෙ මෙයා.... මට අන්න එතැන වැටහුනේ නෑනෙ....

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නෙම මටත් ආවා නෑහුවට..!

      Delete
    2. ඕනේ නැති පුරස්න ඔය පොඩි ඔලු වලට ඕනෙ නෑ..... හි හි...

      තැන්ක් යු වේවා..

      Delete
    3. සිරාගේ සිරා කමෙන්ටුවක් !!!
      මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා... කැඩිච්ච දේවල් ගැන කිව්වට පස්සේ අහන්ඩ හිත් දුන්නේ නෑ...හිහ්.. :)
      හිරූගේ පොස්ට් එක වගේම කමෙන්ට් ටිකත් එන්ජොයි කළා ! :)
      සර්වර් එකක් ඩවුන් වෙනකන්ම කමෙන්ට් ටික කියෙව්වා.

      Delete
    4. හිනා උනා නම් එච්චරයි.... හි හි...

      Delete
    5. පොඩිවුන් පොඩිවුන් හැටියට හිටහල්ල.

      Delete
    6. මමනම් වෙන්න බෑ ඔය පොඩි එකා.

      Delete
  8. උණුසුම් සුභ පැතුම් මී පැටියගෙනුත්. මී පැටියාගේ ආදර අන්දරයටත් දැන් අවුරුදු 2ක්. හැබැයි තාම බැඳලා නෑ. තාම ඉතින් පොඩි එකානේ..!

    මොනව වෙලාද අත කැඩුනේ? දත කඩා ගත්තේ ඇඳ උඩ ලොක් ඇන්ඩ් කී කරාද? දැන් ස්ථිර දත ඇවිත්ද?

    තෑග්ග නම් පංකාදුයි..ඈ..!

    ReplyDelete
    Replies
    1. අත කැඩුන හැට් ඊයේ පෙරේදා ලිව්වානේ පැට්ටෝ...
      දත ගැන නම් ඉතිං ඔය පොඩි එයුන්ට තේරෙන හැටියකට හිතා ගන්නකෝ.. හි හි...

      Delete
    2. තාම ටික ටික කියවන් යනවා. ඒකත් කියවලම බලන්නම් කෝ..

      Delete
  9. මුලින්ම දෙන්නටම උණුසුම් සුබ පැතුම්....!!!

    දැන් ප්‍රශ්න ටික හී හී...

    //මම දතක් කඩා ගත්තා... කොන්ද කඩා ගත්තා.. අතක් කඩා ගත්තා.. දණිස්ස කඩා ගත්තා..... //

    මේවා කැඩුනේ කොහොමද? කරණාකර එකින් එක කැඩුනු හැටි විස්තර කරන මෙන් ඉල්ලමි

    //ඒ ඉතිං සාමාන්‍යයෙන් කැඩෙන ඒව ටිකට අමතරව.. හි හි... //

    සාමාන්‍යයෙන් කැඩෙන්නේ මොනවාද?

    //ඒත් වැඩියෙන්ම දුක් වින්දේ හිත කැඩුන එකෙන් කියලා තමයි හිතෙන්නේ//

    මේවත් කැඩෙනවද කසාද බැන්දාම? :)

    අනික් අය මොකටද අනේ ඔය වගේ දවසක දෙන්නා පාර්ටි දානවා ඇර...:D

    ReplyDelete
  10. මුලින්ම තැන්ක් යූ ‌පොඩ්ඩිට...

    දතයි අතයි කඩා ගත්ත හැටි කලින් කිව්වනේ... කොන්ද කඩා ගත්තේ නැන්දම්මට වැඩ පෙන්නන්න ගිහින්.. දණිස්ස කැඩුනේ බයිසිකලේට නගින්න ගිහිල්ලා... හි හි..
    අනිත් පුරස්නට උත්තර දෙන්න පුළුවන් දන්නේම නැති කෙනෙක් ඇහුවනම්...හි හි..

    හිත කැඩුනේ මඟුල දවසේ අපි දෙන්නගෙම නෑයෝ නිසා...
    ඒක නිසා මීට පස්සේ උන්දැලට කන්න දෙන්න සල්ලි වියදම් කරන් නෑ අපි... හි හි..

    ReplyDelete
  11. යකෝ අවුරුදු දෙකට මෙච්චර ඩැමේජ් නම් වයසට යන කොට ඇඟේ පතේ ගන්න දෙයක් ඉතුරු කරන එකක් නෑනේ අරූ. ඔයාට මට දෙන්න තියෙන උපදේශයනම් ස්පෝට්ස් කඩේකට ගිහින් ටූත් ගාඩ් හෙල්මට් ග්ලව්ස් පෑඩ්ස් (මාසෙකට වරක් අඳින ඒවා නෙමේ) චෙස්ට් ගාඩ් විතරක් නෙමෙයි මතක ඇතුව බෝල් ගාඩ් එකකුත් ගන්න.

    හැපි ඇනිවසරි, හැපි ඇනිවසරි, හැපි ඇනිවසරි
    හැප්පි හැප්පි ඇනිවසරි.

    ReplyDelete
    Replies
    1. හි හි. තැන්ක් යූ තැන්ක් යූ...

      Delete
  12. ඔන්න ඉදිරි අනාගතතේට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ඊලග පාර අමතක නොකර කැඩිච්ච ඒවගේ ලිස්ට් එකක් දාන්න ඈ ;)

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ තැන්ක් යූ....

      ඊළඟ පාර ලිස්ට් දාන්න බෙල්ල නොකැඩි තියෙයි ද දන් නෑ.. හි හි....

      Delete
  13. උන්න හැටියට මලා මදෑ කියල හිත හදා ගමු.එතකොට අර උන්දැත් ගොඩ නෙව.
    සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. හි හි... ඒකනේ...
      තැන්ක් යූ....

      Delete
  14. බෙල්ල කඩා ගන්නේ නැතිව කොහොම හරි ඉන්න ශක්තිය ධෛර්‍යය වාසනාව ලැබේවා!!

    ReplyDelete
  15. මුලිංම ජය වේවා අවුරුදු දෙකේ ඇනවසරියට...
    දෙවනුව එවුවා ඕන්නෑ අයියෝ..
    මං සූටි කොල්ලා නරක් වෙයි...

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි...
      පුදුමයි ඕන් නෑ කිව්වා... හි හි....
      සූටි කොල්ලන්ගේ තරම මං දන්නවානේ...
      අපෙත් ඉන්නවනේ ඔය වයසේ එක්කෙනෙක්..... හි හි...

      Delete
  16. විවාහය නම් ...අනේ මන්දා තන්තෝසෙන් ඉන්න පුළුවන්නම් එච්චරයි....
    අපෙනුත් සුබ පැතුම්.....!!!

    ReplyDelete
    Replies
    1. හි හි.. අමාරුයි තමයි.. ඒත් උත්සාහ කරනවා....

      ස්තූතියි....

      Delete
  17. කඩා ගත්ත දෙවල් ගැන නොහිතා තව මොනවත් නොකඩා ගන්න සුබ අනාගතයක් පතනවා

    ReplyDelete
    Replies
    1. හි හි.. තැන්ක් යු තැන්ක් යූ......

      Delete
  18. මුලින්ම දෙන්නටම සුභ පතනවා............
    අහන්න හිතන් හිටිය දේවල් අනිත් අය කලින්ම අහලා.
    අන්තිමට ආයෙත් දෙන්නටම සුභ පතනවා............

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි ... ඔය මූණ දැක්කම ඔයාට පොඩි එකා කියලා කියන්නමයි හිතෙන්නේ.....

      Delete
    2. හත් දෙයියනෙ මන් පොඩි එකෙක් තමා..
      තාම කස්ටිය මට කථා කරන්නෙ බබා කියලා හරිය

      Delete
  19. ඉස්සෙල්ලම ඔන්න දෙන්නටම සුහ පැතුම් හොදේ..

    "හප්පා.... බැදලා අවුරුදු 2ක් උනා ඊයෙට.."

    මෙහෙම පටන් ගනිද්දි මම හිතුවේ දවස අමතක වෙලා කියලා.. :)

    අවුරුදු දෙකට ලේසි නෑ කැඩුම් බිදුම්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ... පහුගිට අවුරුදු 25ටම මෙහෙම කැඩුම් බිදුම් වෙලා නෑ... හි හි...
      තැන්ක් යූ මලයා...

      Delete
  20. හී හී..මරු මරු.ඔයාට සුභ පැතුම් අක්කියා :) :)
    හැමදාම සතුටින් ඉන්න :)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් නඟා.... හි හි....

      Delete
  21. මගේ සුබ පැතුම් හිරු අක්කේ.ආයෙත් නම් මුකුත් කඩා ගන්න එපා.මීට පස්සේ දෙන්නත් එක්ක සමරනවා කිව්ව එකටම නම් මම බොහොම කැමතියි.බඳින්න හම්බුණොත් මමත් තනියමමයි සමරන්නේ.බැඳපු කෙනාටව්ත් කියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඈ.... බැදපු කෙනාට නොකිය කොහොමද ....? හි හි..
      අපිට නෑයෝ එපා වෙලා ඉන්නේ.... ඒකයි එහෙම කලේ...

      තැන්ක්ස් සුදා...

      Delete
  22. ඔබ සමග පුරා වසර දෙකක් එකට සිටි ස්වාමියාට ජය !

    ReplyDelete
    Replies
    1. අනේ අනේ.... ඔහොම කියනවද මං අහන්නේ....

      Delete
  23. හිරු ඉන්න දුර යන්න අපිට තව කොයිතරම් කල් යයිද හිතා ගන්න බෑ. ඒත් ඉතින් කෙල්ලක් විදියට තවත් කෙල්ලකගෙ සතුට දැක්කම සිංහලෙන්ම කියනවා නම් මාර හැපි...
    Happy Anniversary හිරූ...ඔය ආදරේ..සතුට..බැඳීම හැමදාම රැකගන්න...

    ReplyDelete
    Replies
    1. හි හි.... ඒකනේ නඟා කෙල්ලෝ කියන්නේ...

      තැන්කු යූ තැන්ක් යූ..... හි හි

      Delete
  24. අක්කේ අවුරුදු 2කට සුභ පැතුම්...!
    ඊලග ඇනුවසරි එක වෙද්දී දෙන්නට ලස්සන බබෙක් ගෙන්න ධෛර්ය ශක්තිය ලැබේවා....!

    ReplyDelete
    Replies
    1. හපොයි... මං ජොලියේ හිටියේ කාටවත් මතක් උන් නැති නිසා... හි හි...

      Delete
    2. මට මතක් උනා නේ.අවුලක් නෑ අක්කේ දැන් වයස හරිත් එක්ක නේ ;)

      Delete