Wednesday, August 29, 2012

මේ ඇගේ පාපොච්චාරණයයි.....

නයෙකු තුරුළු කරගෙන නිදා සිටි සමාජ ශාලා නළඟන පොලිසියෙන් රෝහලට...
පුවතක්...


මේ ඇගේ පාපොච්චාරණයයි......

නිශාචර ජීවිතයකට ‌කොටු වුනු
ගෙවී ගිය යෞවනය
කියා දුන් පාඩමයි මේ.....

ම‌ෙග් මැණික හොදට ඉගෙනගනින්...
අප්පච්චි කිව්වා....
දුවේ උඹ අපේ අනාගතේ....
අම්මා හැමදාම කිව්වා....

ගෙන්දගම් පොළවේ
අමුත්තක් දැනුනේ නෑ....
නෙත පිනන සොදුරු දසුන්
මෙහේ මිස ගමේ නෑ...

ඇස් දෙකේ සතුට
දෝරේ ගලන කොට
ප්‍රේමයේ මල් ඵළ
කුසේ පීදී එන කොට

තනිකම දෝත මත
පුංචි දෝණි ඇස් පියන්
ඇට පෑදුණු බඩගෙඩියක් එක්ක
දත් නැති කටෙන් හිනා වෙච්චි...

නිශාචර සමාජයේ පිහිටෙන්
බත් කටක් ඒ බඩට
ඇදිවතක් ඒ ගතට
නොනවතින්නට ඒ හිනාව...

දුවේ උඹ මගේ ලෝකයයි......

සමාජය විසකුරුයි
මේ නයා ඒ තරම් විස නෑ....
මම නයා තුරුළු කර ගත්තේ ඒකයි.....


අද ලංකාදීපයේ මුල පිටුවේ තිබ්බ පුවතක් අහද්දි මගේ හිතට ආපු අදහසක් විතරයි......

Photo from

24 comments:

  1. ඒත් කොයි කාලෙකටද?

    ReplyDelete
  2. එහේම වෙන්නත් පුලුවන්..

    ReplyDelete
  3. ඇත්ත කතාව මීට වෙනස් කියල තමා දැනගන්න තියෙන්නෙ... නියමෙටම ලියල තියෙනව.. ඔයාගෙ හිතට ආපු අදහස තමා ඔය වගේ ගොඩක් තැන් වල විකුණන්නෙ... :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව මොකද්ද කියලා නම් දන්නේ නෑ.. මම දැක්කේ ඔය කෑල්ල විතරයි... ඒ වෙලාවේ හිතට ආපු එක ලිව්වා... කොහොමත් ඇත්ත කතාව මීට වඩා වෙනස් වෙන්න ඉඩ තියෙනවා....

      Delete
  4. අද ගොසිප් සයිට් වලත් මේ නිවුස් එක තිබ්බා මම් දැක්කා.
    කවි සිතුවිල්ල ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. ගොසිප් නිවුස් එකක් නේන්නම්.. හි හි....

      Delete
  5. සමාවෙන්න ඕනෙ සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ...

    මේ ප්‍ර‍වෘත්තිය මමත් කියෙව්වා... මේ නළගනට නයා දෂ්ඨ කර ඇතියි කියලා තමා පොලීසිය දැන් හිතන්නෙ... මොකද අත්අඩංගුවට ගත්තට පස්සෙ ඇය සිහි මුර්ජා වීම නිසා..

    සිරාට ආදරය කරන්න චරිතයක් නැති නිසා පූසෙක් සහ බල්ලෙක් හැම වැරැද්දම ඉවසගෙන ළමයි දෙන්නෙක් වගේ බලාගන්නවා වගේ මැයගෙ ජීවිතේටත් කාගෙවත් ආලෝකයක් නැති තැන නයා එක්ක ඒ අසරණ කම බෙදා ගත්ත වෙන්නත් පුලුවන්.

    නලගනක් කියූ පමණින් අපේ සමාජයේ ඇගේ පතුරු ගහයි... ඒ උනාට ඇය ඒ තැනට තල්ලු කලේ කවුද කියලා හොයා බලන්නෙ කීයෙන් කී දෙනාද....

    ReplyDelete
    Replies
    1. ඔය කියපු දේම තමයි මටත් එකපාරටම හිතුනේ.... කොළඹ කැම්පස් එ‌කේ මිතුරියක් කියපු කතාවකුත් මතක් උනා... ගමෙන් කොළඹ කැම්පස් ආපු ගෑණු ළමයෙක් රූම් මේට්ගේ පෙළඹවීමෙන් සමාජශාලාවක වැඩ කරන්න ගිය කතාවක්.... ඒකයි මේක මේ විදියට ලියන්න හිතුනේ.... ඇත්ත කතාව වෙනස් කියලයි ආරංචිය කියෙන්නේ... කාන්තාව රිමාන්ඩ් ඒකේ ලු.... නයාව සත්තුවත්තට දීලා...

      Delete
  6. ලස්සන කවි පෙලක් අක්කේ.. ප්‍රවෘතියනම් මොකද්ද කියලා දන්න්නේ නෑ.. ඒත් කවි පෙලේ ලොකු කතාවක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු වේවා.... මට කවි ලියන්න ඒ තරම් තේරුමක් නෑ... පොඩි උත්සාහයක් දැම්මා විතරයි...

      Delete
    2. අනේ කෝ මගේ කමෙන්ට් එක?? ඉහි ඉහි ඉහි...:'(

      Delete
    3. අනේ රත්තරනේ මේ කමෙන්ට් වලට මොකද වෙන්නේ.. ස්පෑම් ගොඩේ වත් නෑ නේ......

      Delete
  7. ඔබ විසින් ලියවුනු අපූරුම නිර්මාණයක්!
    ජය අක්කෝ!

    ReplyDelete
  8. ම්ම්..කොහොමත් අපි ගොඩ දෙනෙක් ජීවිත වලට ළං කරගන්නේ නයි තමා..එහෙම එකේ ඇත්තම නයෙක් තියාගත්තාම මොකද කියලා එයා හිතන්න ඇති.. ලස්සන නිර්මාණයක් අක්කේ..:)

    ReplyDelete
  9. ගොඩක් ලස්සනයි අක්කේ, හැබැයි සත්‍ය සිදුවීම මම දන්නෙත් නෑ...

    ReplyDelete
  10. හිරු තුල සැඟවී හිටි කිවිඳිය දැක්කෙ අදමනෙ බොලේ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හි හි.. ගොඩ කාලෙකින් මේ ලිව්වේ.. ඉස්සර නම් ලිව්වා... දැන් ආසාව තිබුනත් හිත හිස්වෙලා වගේ....

      Delete
  11. ලස්සනයි අක්කට හිතුන හැටි... ඇථ්තම විදිය කොහොම වුනත් මේ සිතුවිල්ලනම් මරු...

    ReplyDelete
  12. හැම දෙනෙක්ම මේ පුවත දැක්කා.ඒ හැමෝම ඇහුවේ කව්ද මේ නලගන කියලයි. ඒ නලගන ගේ හදවත සැබෑවටම දැක්කේ ඔබ විතරයි.
    බොහොම ඉස්සර කාලෙ පේරාදෙණිය සරසවියෙදිත් මෙහෙම දෙයක් වුණා.මිත්‍රෙයො කට්ටියක් මුදලට සැතපෙන තරුණියක් හොස්ටල් එකට ගෙනාවා. පහුවදා එළිවෙනකොටම මෙයාව පිටත් කළා. හවස වැව රවුමේ කට්ටිය තමන්ගේ දන්න අඳුනන අය සමග යනකොට ආයෙත් මේ තරුණියව දකිනවා.ඇය සිනාසීගෙන මේ පිරිස අතරට එන්න හදනකොට එක්කෙනෙක් හැරෙන්න අනිත් අය දුවනවා. ඒ සිද්ධිය පස්සෙ කාලෙ ලංකාවෙ අපූර්ව නිර්මාණයක් බවට පත්වෙනවා.
    ලඳුනේ ගීතය ලැම පමණක් දකින ලය නොපෙනෙන ළඳුන්ගේ ගීතය රන්බණ්ඩා සෙනවිරත්නයන් අතින් බිහිවෙන්නේ ඔහොමයි.

    ඔබේ හදවතේ ජනිත වූ ලෙන්ගතුකමට මගේ උත්තමාචාරය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...

      මට මේ නිවුස් එක ඇහුව ගමන් මතක් උනේ අර සිරාට මම කිව්ව කතාව.... ඒක නිසායි මේ විදියට ලියවුනේ.... ඒකනේ අර Memories of a Geisha කියන film එකේ " We are brides of night" කියලා කියන්නේ... දවල්ට දැක්කත් දන්නේ නෑ වගේ ඉන්නවා....

      මේ ගීතයේ කතාව බෙදා ගත්ත එක ගැනත් ඔබට බොහොම ස්තූතියි.... මගේ ප්‍රියතම ගීතයක්.....

      Delete