Thursday, August 16, 2012

ඇත්තමයි... ලැජ්ජයි මට.........



මේක ලියන්න හිතුනේ අපේ නැන්දම්මට ආපු කෝල් එකක් හින්දා මට මං ගැන හිතුන දෙයක් හින්දයි....

මං ඉස්සර වැඩ කලේ පෞද්ගලික ආයතනයකනේ... ඉතිං ගොඩක් පෞද්ගලික ආයතන වල වගේ මේකෙත් පියන්ලා හිටියේ නෑ....

හැබැයි හිටියා බොහොම වයසක කොම්පැනිය පටන් ගත්ත කාලේ ඉදලම ඉන්න හොදට ඉංග්‍රීසි පුළුවන් සීයා කෙනෙක්... බොහොම හොද මනුස්සයෙක්...එයා ගැන පස්සේ කතා කරමුකෝ...

තව තරුණ ළමයෙක් හිටියා.. ඉහලට ඉගෙන ගෙන නැති නිසා බොස්ගේ ගමේ ( අපේ බොස් යූ.න්.පී බල කණුවක නෑයෙක් හොදේ...) හිතවත්කමට රස්සාවට ආපු කෙනෙක්... නම රනිල්...

රනිල් පියන් කෙනෙක් විදියට තමයි හිටියේ... ඒත් ගොඩක් වෙලාවට කිසි කෙනෙක් රනිලව පියන් කෙනෙක් විදියට සැලකුවෙ නෑ.. ( මං දන්න තරමට...) මොකද අනිත් කොල්ලොත් එක්කම තමයි මූ හැම තිස්සෙම... අවුරුද්දක් විතර මම ඔතන වැඩ කරලා ඩිවිෂන් එක මාරු කලාම තමයි මට මේ රනිල් කියන මනුස්සයව ළඟින් ආශ්‍රය කරන්න ලැබුනේ....

අවුරුද්දක විතර වැඩ ගොඩක් ගොඩ ගැහිලා තියෙන නිසා ඒක ඉවර කරන්න මට රනිල්වත් උදවු කර ගන්න කියපු නිසා මම මෙයාව මගේ ළඟින්ම මේසයක් දාලා එතන තියා ගත්තා.. දැං මෙයාට පොඩි උසස්වීමක් වගේනේ...

ලොකුවට ඉගෙන ගත්තේ නැති උනත් මූ ලස්සන කොල්ලෙක්.. හරිම පිලිවෙලට ඇන්දා.. කතාවත් හරි සංවරයි... (කෙල්ලොත් එක්ක...) ලොකුම වි‌ෙශ්ෂත්වය තමයි මෙයාගේ වැඩ හරිම පිළිවෙලයි... කරන්න කිව්වොත් ඕන දෙයක් කරනවා... මේක බැක් ඔෆිස් වැඩක් නිසා වැඩිපුර ස්ටෝ රූම් වල වැඩ තිබුනා.. රනිල් බොහොම පිළිවෙලට මට කියලා කම්පියුටර් ප්‍රින්ට් අවුට් අරන් බොක්ස් ෆයිල්ස් නීට් එකට හදනකොට මැනේජ්මන්ට් එකත් හරිම ප්‍රශංසා කලා අපිට... රනිල්ගේ උදව්වෙන් බැක්ලොග් එකත් මාස 6කින් විතර ඉවර උනා...

ඔය අතරේ රනිල්ගේ එක වැඩක් තිබුනා... අපි හිටපු තැන ෆොන් එකක් තිබුනෙ මගේ මේසේ උඩ.... ඕක පැය 8ම වද දෙනවා.. වැඩ අඩු දවසට ඕකට කෝල් එකක් එනවා.... ඒක එන්නේ එහා පැත්තේ එකවුන්ට් සෙක්ෂන් එකේ කෙල්ලෙක් ගෙන්... මුන් දෙන්නගෙ සල්ලි ගනුදෙනුවක් තිබුනා කියලා දැනගෙන හිටියත් ඊට එහා මුකුත් මේ ම‌ෙග් මීටරේට නං වැටුන් නෑ....

ඕක ඉතිං පැය දෙකක් විතර ඇදෙන මලක්... කොහොමත් දීර්ඝ මල් වලට වඩා ප්‍රසිද්ධ වෙලා හිටියේ මං හින්දා (එන කෝල්ස් හොදේ...රනිල්ගෙ වැඩේ මගේ වටේට ඩස්ට්බින් තියන එක.. මල් එකතු කරන්න....) මටත් ගානක් තිබුන් නෑ.. ටික වෙලාවකට මං නිදහස් නේ...

ඔහොම ඉදලා මාස 8 කට විතර පස්සේ මාව තව ඩිපාර්ට්මන්ට් එකකට දැම්මා... ඕවර්රෝල් ජොබ් ට්‍රේනින් සිස්ටම් එකට එහෙම ඩිපාට්මන්ට් මාරු කළේ.. ඉතිං මං ගියත් අලුත් අයත් එක්ක රනිල් දිගටම වැඩ කර ගෙන ගියා...

මාස දෙකක් විතර ගියාට පස්සේ දවසක් මං ගෙදර ඉන්නකොට අපේ පිස්සු මීටරයක් වුන දිල් ( ගොන් වැඩක් කරලා අපේ කම්පැනියෙන් එකෙන් අස් කරපු එකෙක් ...)මට මැසේජ් එකක් එවනවා “රනිල් ඇක්සිඩන්ට් වෙලා“ කියලා..... ඒකා කොහොමත් වැඩිපුර කියන්නේ‌ෙ බොරු නිසා ඕක ගනන් ගන්නේ නැතුව මම ඊළඟ දවසේ ඔෆිස් යනකොට මෙන්න ඔෆිස් එක ඉස්සරහා සුදු කොඩියක් දාලා....

රනිලුයි අපේ ඩ්‍රයිවර් කෙනෙක් උන ලලිතුයි දානෙ ගේක යන්න ගිහිල්ලා බයික් එක ඇක්සිඩන්ට් වෙලා එතනම මැරිලා කියලා එතකොටත් ඔෆිස් ඇවිත් හිටපු අපේ මැනේජර් මට කිව්වා...

ඔෆිස් එකේ අනිත් කට්ටිය මලගෙදර යන්න ලෑස්ති උනා... අර හැමදාම කෝල් කරන කෙල්ල අඩනවා දැක්කත් මගෙ බට ලයිට් මොලේ ඒක අල්ලගත්තේ නෑ...

දැං මොකද කරන්නේ.. රනිල්ගේ ගම පො‌ලොන්නරුව... මට එහෙ යන්න පුළුවන් කමක් නෑ.. ගෙදරින් ඇදිරි නීතියනේ... ඉතිං මං ලලිත් ගේ මලගෙදර විතරක් ගියා..ඊට එහා දෙයක් මට රනිල් වෙනුවෙන් කරන්න තිබුනේ නෑ... ඒත් ඒ වෙනකොටත් රනිල්ට ක්ලාක් පෝස්ට් එකක් දෙන්න මැනේජර්ලා කතා වෙලා හිටියා කියලා මම දැනගෙන හිටියා... රනිල් මැරෙනකොට එයාට අවුරුදු 27යි....

ඊළඟ දවසේ මගේ පරණ පාට්නර්, අවුරුදු 65ක් විතර උන ෂර්ලි ඇන්ටි මාත් එක්ක කියනවා “ පවු අප්පා අර කෙල්ල. ....මඟ දිගටම අඩ අඩ ගියේ.. කොච්චර ආදරෙන්ද උන් දෙන්නා හිටියේ ....“ කියලා..

මගේ අර පත්තු නොවී තිබ්බ බට ලයිට් එක එතකොට තමා “ටික් ටික් ටික්“ ගාලා පත්තු උනේ.... මගේ ඔලුව වටේට ප්‍රශ්නාර්ථ පාවෙනවා දැකලද කොහෙද ෂර්ලි ඇන්ටි අහපි “ඇයි ඔයා දන් නැද්ද.. හැමෝම දන්නවනේ මේ දෙන්නා යාලුයි කියලා....“

ඔන්න ඔහොමයි... බලනකොට මුලු ඔෆිස් එකෙන්ම මං විතරයි දැනගෙන ඉදලා නැත්තේ......

පස්සේ දවසක මට අර ගෑණු ළමයා කිව්වා “ අපි හිතුවෙ ඔයා දන්නවා ඇති කියලා හැමතිස්සේම කෝල් කරන නිසා... දවස් දෙක තුනක් ඔයාලව අපිට මූණටම හම්බුනානේ...“ කියලා...

එහෙම තිබුණ බට ලයිට් එක මේ වෙනකොට කොච්චර ටියුන් වෙලාද කිව්වොත් නැන්දම්මට ආපු කෝල් එක ( මං හොරෙන් අහන් හිටියේ නෑ... මං ගාවම ඉදන් ආන්සර් කළේ...එතකොට මට ඇහෙනවනේ...) ආවේ කාගෙන්ද.. හේතුව මොකද්ද... ඔක්කොම ටික මට ඇහුන වචන දෙක තුනෙන් හිතාගන්න පුළුවන් උනා නැන්දම්මා ෆොන් එක තියනකොට......

ඉස්සර අහල පහල වෙන දේවල් ගැන හොයන්න කිසිම ඕනෙකමක් තිබුනේ නැති මට දැං අනුන්ගේ කුණු කන්දල් හොදට පේනවා.... බැන්දම එන ලෙඩක්ද මන්දා... අනේ මට කාගෙවත් දේවල් ඕනේ නෑ..... මං මෙහෙම වෙලා කියලා හිතෙනකොට මට මං ගැන ලැජ්ජ හිතෙනවා....

7 comments:

  1. රනිල් නම් පවු...



    ඒක නෙමේ හිරු, මොකෑ බැන්දට පස්සේ අවුරුදු 15ක් පස්සට ගියාය කියන්නේ... හික්ස් :)

    ReplyDelete
  2. ඒ වගේ දැනෙන්නේ....... හි හි...... අවුරුදු 2කට කරගෙන ආපු වැඩ ඔක්කොම හිර උනා.... කාලයේ වටිනාම හින්දා අවුරුදු15ක් වගේ දැනෙනවා...

    ReplyDelete
  3. අප්පේ.... ඔයා එච්චරට ඒ කාලෙ ටියුබ් ලයිට්ද?

    ReplyDelete
    Replies
    1. අහල පහල අයගේ දේවල් වලට නොම්මර එකේ ටියුබ් ලයිට් එකක් මං...... ඒ තරමට මගේ වැඩ තිබ්බා මට... දැං නැනේ.. ඒක ද කොහෙද මේ අවුල.....

      Delete
  4. හයියෝ......මාරම ටියුබ් ලයිට් එකක්නේ අප්පා...:)
    රනිල් පව් ඉතින්...

    ReplyDelete
    Replies
    1. රනිලට වඩා එයාගේ අම්මා පව් ප්‍රදී... පොලොන්නරුවෙ ඉන්න එයාට කොල්ලා කොළඹ රස්සාවක් කරනවා කියන එකත් ලොකු දෙයක් නේ... ඊට පස්සේ මම ගොඩක් දේවල් දැන ගත්තා.. ඒත් ඒවා මේ පොස්ට් එකට අදාල නෑ..... ඒවයින් උනේ රනිල් ගැන තිබ්බ දුක වැඩි උන එකයි, ආදරේ කියන්නේ මොත තරම් කරුමයක්ද කියලා තේරුන එකයි විතරයි....

      Delete