Monday, August 27, 2012

අතිශයින්ම පිරිමින්ට පමණයි. 3 කොටස


මේ දෙවනි කෑල්ල....

පෙම්වතියක් පෙම්වතෙකුට ආදරේ කරනවාට වඩා, බිරිදක්, සැමියාට ආදරය කරන බව ඔබ තේරුම් ගත්තොත් ඔබට මේක තේරෙයි... ඇය නිදහස් කිරිල්ලියක් සේ ඉන්න කා‌ෙල් මොන විදියට හිතුවත් ඔබගේ බිරිද වූ පසු ඇයට ඇයගේ මුළු ලෝකයම ඔබයි...

ඇය දවසම ගෙදරට වී බලා ඉන්නේ ඔබ හවසට ගෙදර එනතුරුයි... ඔබගේ දවස කො‌හොමද ගෙවුනේ කියලා දැන ගන්න ඇය ආසාවෙන් ඉදියි... ඔබ දවසම කාර්යාලයේ මිතුරන්, සතුරන් අතරේ ගත කරන අතරේ ඇය ගෙදරට වී ඉන්නේ ඔබේ මතකයන් එක්කයි... ඇනිවසරි එකක් ඔබට අමතක උනොත් ඇයට දුක හිතෙන්නේ ඇයට එය මතක තියෙන නිසයි... ඇයට ඒවා අමතක වෙන්නේ නෑ... ඇයගේ ලස්සනම මතක සටහන් ඒවායි... ඒක නිසා ෆොන් කැලැන්ඩර් එකේ රිමයින්ඩර් එකක් දාගෙන හරි ඇනිවසරි සහ උපන්දින මතක තියා ගන්න ඔබට බැරි කමක් නෑ නේ....

වැඩක් දා ගන්න කලින් ටිකක් බිරිදගෙන් විමසන්න... ඒක මදිකමක් නෙවෙයි.... යාලුවෝ, දෙමවුපියෝ කියයි “ මේකා ඔක්කොටම ගෑණිගෙන් අවසර ගන්න ඕනේ නේ “ කියලා.... නමුත් මතක් කරගන්න ඇය හැම දෙයක්ම කරන්න කලින් ඔබෙන් අහන්න ඕනේ කියලා ඔබ හිතන බව.... මතක තියාගන්න ඇය හැමදෙයකටම ඔබගේ සහය බලපොරොත්තු වෙන බව... හෙට උයන්නෙ මොනාද කියලා ඇහුවොත්, කර්ට්න් වලට පාට තෝරන්න ඔබෙන් උදවු ඉල්ලුවොත් ඔයාට කැමති දෙයක් කරන්න කියලා මඟෑරලා යන්න එපා.... ඇය ඒ වගේ දේවල් වලට ඔබේ අදහස අහන්නේ ඔබවත් හවුල් කරගන්න ඕනෙ නිසා... “මං කිව්වට ඔයා කරනවයෑ“ කියලා මඟෑරියොත් ඇය හිතින් දුක් වෙයි... ෆොන් එකෙන් වැඩක් දා ගන්න කලින් පොඩ්ඩක් ඉන්න කියලා බිරිදගෙන් ඔබ ඇහුවොත් “ ඔයාට මෙදාට මුකුත් වැඩක් තියෙනවද...“ කියලා ඇය ගොඩක් සතුටුවෙයි... මතක තියාගන්න ඔබ දැන් තනිකඩයක් නෙවෙයි.... බිරිද වෙනුවෙන් යම් කාලයක් තියා ගන්න... ඇයට ආදරය කරන්න, කතා කරන්න, හිනා වෙන්න, පොඩි පහේ සෙල්ලමක් කරන්න, චුට්ටක් ඉස්සර ආදරේ කරන කාලේ ගියා වගේ පන්සලකට, පල්ලියකට යන්න වෙලාව වෙන් කර ගන්න.... එතකොට ඔබේ ආදරේ වෙනුවෙන් රණ්ඩු කරන්න බිරිදට සිද්ධ වෙන එකක් නැති වේවි...

ඇයට පොඩි හරි අසනීපයක් දැනෙනවා නම් සැලකිලිමත් වෙන්න... එළවලු කපන්න ගිහින් ඇයගේ ඇඟිල්ල කැපුනා කියලා හිතන්න... ඇය රෙදි පටියක් බැදගෙන හරි ඉතරු ටිකත් කපලා උයන්න යන කොට ඔබ ඉස්සර වගේ සැලකිලිමත් වෙලා නිකමට හරි උදව්වක් කරන්න ආවොත්, එහෙම නැත්තම් “ දැන් උයන්න එපා සුදු.. අමාරැයි නේ... මං අද කඩෙන් කන්නං...“ කියලා කිව්වොත් හරි ඇය අමාරුවෙන් හරි ඔබට උයලා දේවි.... ඒ ඔබ ගැන වැඩිපුරත් ආදරෙන්... මොකද එතකොට ඇය දන්නවා කොච්චර වයස ගියත් ඔබට ඇය තාමත් පුංචි සියුමැලි කෙල්ලෙක් කියලා....

බිරිදක් හැමතිස්සෙම තමන්ගේ අවශ්‍යතාවයන්ට වඩා තමන්ගේ සැමියගේ සහ දරුවන්ගේ අවශ්‍යතාවන් සපුරන්න උත්සාහ කරනවා කියන එකත් හිතේ තියාගන්න... ගෙදර හැමෝම කාලා ඉවර වෙනකම් අම්මා කන්නේ නැතුව ඉන්නේ ඒකයි.. කොච්චර කන්න කිව්වත් කන්නේ නැත්‌ෙත් උයලා තියෙන ටික මදි වෙයි කියලා හිතලා... බැන්දට පස්‌සේ ඉස්සර වගේ ලස්සනට ඉන්නේ නෑ කියලා ඔබ හිතුවත් ඇය එහෙම කරන්නේ ඇයගේ ඕනෙකමටම නෙවෙයි.... ඒ වගේ දේකට වියදම් කරනවට වඩා දරුවන්ට යමක් කරන්න, ගෙදර දොර අඩුපාඩුවක් හදා ගන්න ඇය උත්සාහ කරනවා වෙන්න ඇති... ඔබට වඩා ඔබේ බිරිද පවුලේ අනාගතය ගැන හිතනවා වැඩියි...ඇයව ලස්සනට ඉන්න උනන්දු කරවන එක ඔබේ යුතුකමක්.. ඇයට ඉදලා හිටලා හරි ලස්සන ඇදුමක් ගෙනල්ලා දීලා, පොඩි පහේ සැලොන් එකක ඇපොයින්මන්ට් එකක් දාලා දීලා, එහෙම නැත්තම් ව්‍යායාම මධ්‍යස්ථානයක සාමාජිකත්වය අරන් දීලා ඇයව පුදුමයට පත් ක‌ෙලාත් ඇය මුලින්ම අහයි... අනේ ඇයි මේවට සල්ලි වියදම් කළේ කියලා... ඒ වගේ ඇහුවොත් තරහා වෙන්න එපා.... ඒ වගේ දේකට ඇය සතුටු වෙන බව ඔබේ හිතේ තියාගන්න.. “සල්ලි තියෙන්නේ දීලා... යන්න ඕනෙ නම් යන්න බැරියැ... එයාට ඕනෙ කමක් නෑ ....“ කියලා හිතලා ඔබත් ඇයව පැත්තකට දාලා හිටියොත් ඇය දුකට පත්වෙලා තමන් ගැන සැලකිල්ලක් දක්වන එක නැතිම වෙලා යාවි... අසනීපයකටවත් ප්‍රතිකාර නොගන්න තත්වයකට ඇය පත්වේවි...( එහෙම වෙලා ලෙඩ වෙන ගෑනු අය ලංකාවේ වැඩියි... මොකද ඩොක්ට කෙනෙක් ගාවට යන්න ටිකක් මැලි වෙන නිසා සහ සල්ලි ප්‍රශ්න නිසා ලෙඩ හංගගෙන ඉන්න පුරුද්දක් ලංකාවේ ගෑණුන්ට තියෙනවානේ... එතකොට පරක්කු වැඩි වෙලා වෙන්න පුළුවන්..)

ඇයගේ සියුම් අවශ්‍යතාවයන් ගැන සංවේදී වෙන්න... මතක තියාගන්න ගෑණුන්ට ප්‍රශ්න වැඩියි... ගෑණු අය ප්‍රශ්න මවා ගන්නවා කියලා හිතන්න එපා... ඔබට ටිකක්වත් වත් බලපාන්නේ නැති ප්‍රශ්නයක් ඔබේ බිරිදට හිතට වද දෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්... විවාහයෙන් පස්සේ ඔබේ ජීවිතයට වඩා ඇගේ ජීවිතය වෙනස් උනා වෙන්න පුළුවන්... ඇයට අභියෝග වැඩියි...ඇයට කරන්න වන කැපකිරීම් වැඩියි... ඇගෙන් බලාපොරොත්තු වෙන දේවලුත් වැඩියි.. එතකොට ඇයට ඇතිවෙන ප්‍රශ්නත් වැඩි වෙන්න පුළුවන්... හැම තිස්සේම කෙදිරි ගානව කියලා හිතන්න එපා... ඇයට තියෙන ප්‍රශ්න කියන්න ඉන්න එකම කෙනා ඔබයි... ඇය පිළිතුරක්, විසදුමක් බලාපොරොත්තු වෙන්නේ ඔබෙන්..... අනිත් අයව සතුටු කරන්න කලින් ඇයව සතුටු කරන්න උත්සාහ කරන්න.... ඇය ඇගේ ජීවිතය ඔබේ අතේ තියලා තියෙන්නේ.....

ඒ වගේම ඔබේ ප්‍රශ්න ගැනත් ඇය එක්ක කතා කරන්න... ඇයත් සමඟ විවෘත වෙන්න....ඔබට නොපෙනුනු පිළිතුරක් ඇයට පේන්න බැරි කමක් නෑ.... ඔබේ රුකියාවේ විස්තර ඇය ආසාවෙන් අහන් ඉදියි.... ඔබගේ ප්‍රශ්න විසදා ගැනීමට මිතුරන් වෙත නොව ඔබේ බිරිද වෙත විශ්වාසය තබන්න... එතකොට ඔබට මිතුරන්ගේ බෝතල් සාද වල වටිනාකම අඩුවෙන් දැනේවි..... ඔබට විවෘතව, බොක්කෙන්ම කතා කරන්න පුළුවන් කෙනෙක් ගෙදරම ඉන්න නිසා.....

ඇයගේ සතුට ගැනත් හිතන්න.... wam bam, thank u ma'am ජාතියේ වෙන්න එපා... ඒක නම් තේරෙනවානේ..... නේද...? ( දැං තේරැන් නෑ කියලා පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙන්න එපා...)

ඒක අනිත් දේවල් වලටත් අදාලයි ඉතින්.... ඕනෑම තීරණයක් ගැනීමේදී අනිත් අය ගැන හිතන්න කලින් තමන්ගේ බිරිද ගැන හිතන්න.....

දැං මේ කියපු දේවල් හැම කෙනාටම 100% ක්ම ඒ විදියටම අදාල නොවෙන්න පුළුවන්..... ඒත් සාමාන්‍ය ‌දේ මේකයි.... බිරිදක් සැමියෙක් ගෙන් ,

ඇයට ආදරය දැක්වීම
ඇය කෙරෙහි ‌කරුණාවෙන් සැලකීම
ඇයට ගෞරව කිරීම
ඇයට අවංක වීම
ඇය කෙරෙහි විශ්වාසය තැබීම
ඇයට රැකවරණය ලබා දීම

කියන දේවල් ටික බලපොරොත්තු වෙනවා....... ඉතිං ඔය ටික ලබා දීමේ ක්‍රම සහ විධි ගොඩක් තිබුනත් බේසික් ඔය ටික තමා.... ඔය ටික හොදින් ලැබෙනවා නම් බිරිදක් බොහෝ විට සතුටින් ඉන්න උත්සාහ කරනවා...

දැං මං මේ අහන්න හැදුවේ....... ඉතිං ඔතන මහ ගොඩක් ජාති තියෙනවාද......?

35 comments:

  1. ඔය කියන දේවල් ටික සහතික ඇත්ත හිරු...
    ගොඩක් කට්ටියට ඔය ටික තේරුම් ගන්න පුලුවන් නම් පවුල් ප්‍රශ්න ගොඩක්ම අඩු වෙයි..

    ReplyDelete
    Replies
    1. මුලින්ම තැන්කිවු වේවා.... ඔව්.. ගොඩක් අයට ඇති වෙන ප්‍රශ්න මේවා තමයි.... ගොඩක් අයගේ පවුල් අවුල් වෙන්නෙත් මේ වගේ පොඩි දේවල් නොසලකා හැරීමෙන්......

      ප්‍රශ්නෙ තියෙන්නේ තේරුම් ගැනීමේම නෙවෙයි.... සම්ප්‍රදායික අදහස් නිසා මේ වගේ දෙයක් කිව්වම හිනාවෙන්න, උපහාසයෙන් හිනාවෙලා මගෑරලා යන්න හදන අය වැඩි වීමයි.....

      Delete
  2. උඩින් උඩින් කියෙව්වා... ඇත්තටම මට හිතුනේ කසාඳ බැඳපු මිනිස්සු මොන දුකක් විඳිනවද කියලා...අම්මපා මුංට සම්මාන දෙන්න වටිනවා...:D

    ඇයි යකෝ මේ තරං ඩිංගක් කියන්න ‍බාරියාවක් මොන තරං වටේ යනවද... එක දේකට එහොමනං එදි නෙදා සිද්ධ වෙන හැම කාරණාවෙදීම මිනිහෙක් මොන තරංනං දුකක් විඳින්න ඕනද මේ බිරිඳට සවන් දීම කියන ටික කරන්න විතරක්.. ඇත්තටම මෙච්චර දවසක් බැඳපු උන් "ඔක්කෝම හොඳයි ගෑණුන්ගේ කන්කරච්චලේ තමා ඉවසන්න බැරි" කියලා කිව්වට මං හිතුවේ මුංට පිස්සු කියලා...ඔය කියන තරං දෙයක් තියෙන්ට හැටියක් නැහැ කියලා.. අද තමා ඒක ටක්කෙටම මට තේරුනේ... තැන්කූ හිරු..මගේ දෑස් විවර කෙරුවාට...

    ReplyDelete
    Replies
    1. එකපාරටම කිව්වොත් ..... ඕක ඉතිං කනට ගහනවා වගේ කියන්න ඕනැයෑ.... ආදරෙන් හිමීට කිව්වනං මං අහනවනේ .... කියලා කියනවා..... පොඩ්ඩක් ආදරෙන් විස්තර කරලා, මුරැංගා අත්තේ තියලා, තේරෙන බාසාවෙන් කිව්වම ..... වටේ කැරකෙන්නෙ නැතුව කියන්න තියෙන දේ කියනවකෝ ...... කියනවා.... මාරයියට ඕවා තේරෙන් නැති එක හරි කියමුකෝ.... ඒත් මේ පවුල් පන්සල් වෙලා දසක ගණනාවක් ගත වෙච්ච හතලිස් ඇදිරියට කිට්ටු උන්දැලත් ඔහොම කියනකොට ඉතිං දුක හිතෙන් නැද්ද මං අහන්නේ....

      Delete
    2. අනේද කියන්නෙ මාරෙ අයියා... කසාඳ බදින එකෙත් ගතියක් ඇති කියල ආපහු ටික වෙලාවකටවත් හිතෙන එකක් නෑ... :)


      @හිරු: පුළුවන් නම් කියනවද කසාඳ බඳින්න ඕන ඇයි කියල... ඕකක් කරගනින් කියල ගෙදරින් මේ දවස් වල වදේ ගැහැවට තාම බදින්න ඕන ඇයි කියන ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ...

      Delete
    3. පිස්සුද.. කවුද කියන්නේ බදින්න ඕනේ කියලා.... ගෙවල් වල කට්ටියට ඕනෙ නම් බැදගන්න කියන්න... යාළුවෙච්ච උන් දෙන්නෙකුට තමන්ට ඕනෙ කියලා හිතෙනකම් නොබැද ඉන්න හැම අයිතියක්ම තියෙනවා....

      අපේ ඉතිං 21 පැන්න කෙල්ලෙකුටයි 25 පැන්න කොල්ලෙක්ටයි කනක් ඇහිලා ඉන්න බැරි මේ ගෙවල් වලින් දාම බර බරේ හින්දානේ.....

      Delete
  3. අවසාන එක හැර අනික් සෑම දේම අපිත් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා..
    අවසාන එකත් පුළුවන්නම් මරු. (අපේ නෝනා නම් වලියකට ඉස්සෙල්ලම බහිනවා.)

    ReplyDelete
    Replies
    1. ඔය එන්නේ එළියට....... මං දැනගත්තා ඔය පෙන්නන තරම් යකා කලු නෑ කියලා හි හි........ කිව්වේ නම් අපිට ඕනේ කොච්චර පොඩි දේවල් ටිකක්ද කියලා....... ( මොකටදැ නෝනා වලියට එන්නේ...... අර ගාමන්ට් වල වැඩකරලා ගත්ත දැනුමින් ටිකක් ප්‍රයෝජනයට ගන්නකෝ..... )

      Delete
  4. ඉස්සරහට ගොඩක් වැදගත් වෙන ලිපියක්න් හිරූ අක්කේ.. කලින් දෙකත් කියවන්න ඕන.. මම මේ පැත්තට ආවේ ලගදිනේ. ඉතින් මග ඇරුනා.. :)

    ReplyDelete
  5. මේකේ පොඩ්ඩක් වැඩි වගේ :පී. හිරු අක්කගේ ඕනේ එපාකම් ටික ඔක්කොම වගේ මේකේ ලියලා තියනවා.
    අද තමා බ්ලොග් එක දැක්කේ.
    ෆලෝ වෙන්නත් ඕනේ.......
    WWW.IBBA.TK

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි... නැතුව බැ නේ... හි හි.... එන්නම් එන්නං ඉබි පැටියවත් බලන්න...

      Delete
  6. මටනම් ඔය විවාහය ගැන මහප්‍රාණ නෑ. ළමයි ටිකක් ලොකු වුනාම ආපහු තනිකඩ ජීවිතයට....

    ReplyDelete
    Replies
    1. හොදයි කරන්න පුළුවන් නම්.... තමන් ගැන විතරක් හිතන කෙනෙකුට පුළුවන් වෙයි මං හිතන්‌නේ....

      Delete
  7. මේ වගේ ලිපි වලින් පිරිමි ජාතියට ආදර්ශයක් වෙන්න ඇත්තටම අමාරුයි. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් කෙල්ලෙක් මේ වගේ මිනිහෙක්ට බිරිඳක් වෙන්න හදනවා. ඒත් කීයෙන් කීයද වාසනාවන්ත. අඩුම තරමෙ මට දැනෙන විදියට දැන් neglect වීම ඇරඹෙන්නෙ කසාදෙට හුඟක් කලින්!

    ReplyDelete
  8. බැඳපු අපිට මේ ලිපි ටික හරිම ප්‍රයෝජනවත් වෙයි වගේ . . නිවාඩු පාඩුවේ ලිපි තුනම කියවන්නම්කෝ . . .

    ReplyDelete
  9. මේ ලිපි පෙළ පුරාවටම කිව්වා වගේ ඉස්සරහට තමා වටින්නේ :)

    ReplyDelete
  10. හිරු පායා ඇත උමතු ලෙසින් මහ රෑ යාමේ,....
    නෑ ඒක එහෙම නොවෙයි

    හිරු පායා ඇත සඳසේ සොඳුරුව

    ReplyDelete
  11. මං එකඟයි ඉල්ලීම් වලට... :D

    ReplyDelete
  12. අනේ අක්කේ මට මේක කියවද්දි ගෑල්ලමයි ගැන මහා.....දුකක් ඇතිවෙනවා. මොකද මන්දා...
    සිරාවට කියන්නේ. විහිළු නෙමේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දුක හිතුනේ මොකෝ.... මෙච්චර පොඩි දේකට මෙච්චර වටේ යන්න වෙනවනම් ලොකු දෙයක් කියන්න මොන තරම් දුකක් විදින්න ඕනේද කියලා හිතුනද....

      Delete
  13. අතිෂයින් කාන්තාවන්ට පමණයි කියලත් එකක් ලියන්න.නැත්තන් පිරිමි අපි පව්නේ.අපිට විතරක් අනම් මනම් කියනවා.හරිම අසාධාරණයි.

    ReplyDelete
    Replies
    1. අනේ මම ඒකත් ලියන්න ඕනේද... ඒවා හැමෝම දන්නවා නේ..... අර මාතලන් ගොයියාගේ ලින්ක් එක දිගේ ගියානම් ඒ ටික අල්ලගන්න පුළුවන් ඔයාට.....

      ඇයි වදේ..... මම අනම් මනම් කිව්වද.....? මම මේ අපේ ආදරණීය පිරිමි ජාතිය හරීඊඊඊඊඊඊඊ හොදයි කිව්වා විතරනේ....

      Delete
  14. අදයි මේ පැත්තට අවෙ. තාම අත්දැකීම් නැති උනත් අනාගතයට ඔන වෙවි කියලා පොස්ට් 3 ම කියෙව්වා. ඇත්තටම හොදයි. ජීවිතේට ගන්න දෙයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි.... හි හි

      Delete
  15. සිරාම පොස්ට් 3ක් අක්කේ.වෙන්ඩ මහත්තයා කියපු නිසා මේ පැත්තට අදමයි ආවේ.ඒත් එයා මේක බලලා නෑ නේ.ඔන්න මං බලන්න කියලා එයාට නිර්දේශ කලා.මේවා බලලා හැදෙන්න ඕන නේ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. බලලා හදා ගන්න දැම්මට.. බැන්දට පස්සේ නම් හැදිලි බොරු.. හි හි....

      Delete
  16. නියම පෝස්ට් ටික අක්කෙ!! අදයි මෙහාට ආවෙ!! අක්කාගෙ කමෙන්ට්ස් දැකලා තිබ්බට පෝස්ට් කියෙව්වෙ අදයි!!

    නියම වටින පෝස්ට් 3 :)

    ආයෙත් එන්නම් දිගටම.. !! ජය වේවා!!

    ReplyDelete
  17. හප්පටසිරි.... මගේ ආතල් මූඩ් එක සුනුවිසුනු වෙලා ගියා නොවැ.... "අපිත් ඉතිං ගෑනියෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියනවා" කියලා මග ඇරලා යන්න බැරි ගානට මේ පෝස්ට් ටික බොක්කෙන්ම ලියලා තියනවා. ඉස්සරහට මේ කියලා තියන විදිහට ටිකක් හොයලා බලලා වැඩකරන්නම්කෝ. කොම්පියුටරේ බදාගෙන සිටීමේ වැරැද්ද නම් මා අතින් අනන්තවත් වෙනවා.... ඒත් ලස්සන නයිට් ඩ්‍රෙස් නම් කවදාවත් අතපසුවී නැත.

    මේකට හොඳම වැඩේ තමයි, සමහර පොඩි පොඩි දේවල් තමන්ට ගැලපෙන හැටියට පුරුදු බවට පත්කර ගැනීම.... ඒ කියන්නේ... පඩි දවසේ, පිටින් කෑම කන්න යන එක, එතකොට... හෝල් එකේ හරි, ගෙදර හරි මාසෙකට සැරයක් හරි චිත්‍රපටියක් බලන්න පුරුදු වීම (චිත්‍රපටියේ පාට ප්‍රශ්නයක් නැත ), ඔය උපන්දින, අරදින මේ දින වලට කොහෙ හරි විශේෂ තැනකට (මුහුදු වෙරලකට, මොනවත්ම නැත්නම් පන්සලකට ), ඒ වගේම ස්වාභාවික අවශ්‍යතා සපුරා ගැනීම 'අනිවාර්ය' දවස් තිබීම... අපි ඉන්න වේගවත් ජීවන රටාවෙදි, අපිට සමහර වෙලාවට මේ දේවල් මග ඇරෙනවා... ඒ නිසා ඒක හිතලා කරන දෙයකට වඩා පුරුද්දකට හරවගන්න එකේ පොඩි සාර්ථකත්වයක් තියනව මං හිතන්නේ. කොහොමත්, ඔය වගේ වැඩ හිත හිත කරන්න බැඳපු පිරිමි එච්චර දක්ෂ නැහැ.

    තව පොඩි කෑල්ලක් එකතු කරන්නම්කෝ ඇත්දැකීමෙන්ම... අපි හැමෝම බලාපොරොත්තුවෙන පර්ෆෙක්ට් බිරිඳ හෝ සැමියා අපිට ලැබෙන්නෙ නැහැනෙ. හැබැයි කාලයක් එකට ඉන්නකොට එකිනෙකාගෙ අඩුපාඩු දුර්වලකම් තේරුම් අරන් ඒවත් එක්ක ජීවත්වෙන්න හැඩගැහෙනවා.... මොනතරම් අඩුපාඩු තිබ්බත්, ජීවිතයේ 'අත්‍යාවශ්‍යම' අවස්ථාවලදි (මේවා මොනවද කියලා පැහැදිලි කරන්න අමාරුයි, ආපසු හැරිල බැලුවහම තමයි ජීවිතේ මේ ටර්නිං පොයින්ට්ස් මොනාද කියලා පේන්නේ). තමන්ගේ බිරිඳ හෝ සැමියා තමන් සමග සිටි බව තමන්ට ශක්තියක් වූ බව තේරෙයි. එහෙම නොවන බොහෝ අයට ඒ විදිහට ආපසු හැරිල බලන්න වෙන්නේ තනි තනිව.

    අපි ආදරේ කරන්නෙයි, ආදරේ ලබන්නෙයි අපිටම ආවේණික එක එක හැඩ වලින්... ඒ හැඩ තේරුම් ගැනීම සහ අනෙකාටත් තමන්ගේ හැඩය තේරුම්කරදීම දෙගොල්ලොම කරන්න ඕනේ... ඕක අපිට සෑහෙන කාලයක් ගියාම නිකම්ම තේරෙනවා... ඒත් එතකොට හොඳ කාලේ ඉවරවෙලා තියෙන්න පුළුවන්නේ... ඒ නිසා ඒ වෙනුවෙන් පොඩි උත්සහයක් ගන්න එක නම් වටිනවා....

    දැන් අන්තිමේ බලං ගියාම මාත් උපදෙස් ටිකක්නේ දීලා තියෙන්නේ.... මම මේවා පිළිපදිනවද වගේ අදාල නැති ප්‍රශ්න අහන්න එපා දැන් ඉතින්...

    ReplyDelete
  18. ඔව් තිසර... පුළුවන් නම් පුරුද්දක් විදියට හරි යමක් කරන එක හොඳයි....

    ඒත් මට පොඩි අවුලක් තියෙනවා.. හැම දේම පුරුද්දට කරන්න ගියොත් පොඩි රූටීන් එකකට යනවා වගේ දැනෙන්නේ නැද්ද.. මං කියන්නේ නිකම් කිසි අලුත් දෙයක් නෑ වගේ... හි හි

    තුන් වෙනි ඡේදෙ නම් මල් හතයි....

    එහෙම හැඩගැහෙන්න ඕනේ ඇත්තටම... හි හි.. මොකෝ ජීවිත කාලයක් එකට ඉන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි.. එක්කෙනෙක් විතරක් හැඩගැහිලා ඇනිත් ගෙනා දරඳඬු උනොත් වැඩේ කචල් ඉතිං...

    ReplyDelete
  19. මරු ඈ..අක්කේ
    අපි කෙනෙක්ට නොකියන ඒත් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවනේ
    අන්න ඒවා කලින් දෙකෙයි දැන් එකෙයි හොදටම විස්තර කරල දීල තියෙනවා..
    ඒක බොහොම වටිනවා..
    ඒ විදිහේ භාරියාවක්ම මටත් සෙට් වේවා කියලා පතනවා..
    ඒ වගේම ඔයාටත් දිගු කලක් පායන්න ඉඩ හසර ලැබේවා කියලත් පතනවා :)

    ReplyDelete
    Replies
    1. තමන් අවංක වෙන තරමට ගෑණු ළමයත් ඔයාට අවංක වෙයි... මොකද ඔයා අවංකයි කියලා දැනුනොත් එයත් ඔයාට එයාගේ හිතේ තියෙන දේවල් කියයි.. එතකොට මේ වගේ දේවල් කතා කරන්න අවස්ථාවක් හම්බුවෙනවා.. අන්න ඒවයින් ප්‍රයෝජන ගන්න..

      ඔයාට හොඳ භාරියාවක් සෙට් වේවායි පතනවා... හි හි..

      Delete
  20. ආයුබෝවන් හිරු!!!

    අදයි මේ පැත්තට ආවේ... මුලින්ම කියෙව්වෙ මේ පෝස්ට් එක...

    අනාගතයට ගොඩාක් වටින ලිපි පෙළක්...;)

    ReplyDelete
  21. ලිපි තුනම කියෙව්වා ගැණු පිරිමි කියල නැහැ හැමෝටම ඕන අනෙකාගේ ජීවිතේ තුල තමන්ටත් තැනක් පිළිගැනීමක් තියෙනවා කියල හදවතට දැනෙන එකයි... එහෙම නේද?

    ReplyDelete
  22. මේ පොස්ට් 3න මම දකින කොට කල් වැඩියි, එයා මාව දාලා ගියා.............

    ReplyDelete