Wednesday, August 22, 2012

අතිශයින්ම පිරිමින්ට පමණයි.... 1 කොටස



මේ ලියන්නේ වෙන මොකවත් නෙවෙයි.... ඔයාලා කියන විදිහට ගෑනු අයගේ WISH LIST එක ගැනයි.....

මම මේ ටිකේ ගොඩක් බ්ලොග් වල පරණ කතා කියවා කියව යද්දි කීප තැනකම හම්බුවුනා මේ ගෑණු අයගේ Wish list එක, නැත්තම් පෙම්වතියක්, බිරිදක් තමන්ගේ පෙම්වතාගෙන්, සැමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන...

ගොඩක් තැන් වල මේ ලිස්ට් එක 45 ක් 50 ක් සහ ඊටත් වැඩි වෙලා තිබුණා.... හැබැයි පිරිමි ගෑණුන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් නම් බොහොම ටිකයි තිබුනේ...ගොඩක් වෙලාවට 1ක්, 5ක් වගේ තමා....

අපේ පිරිමි හරිම හොදයි නේ... ඉතිං මෙන්න මේ වගේ හොද පිරිමින්ට යමක් ලියන්න ඕනෙ කියලා මට හිතුනා..... හරිම ආදරේ හිතෙන මාතෘකාවක් නේද.....?

අපේ ගොඩක් පෙම්වත්තු හරී කැමතියි තමන්ගේ පෙම්වතියව අනිත් අයට පෙන්නන්න... සමහරු “මේ මගේ කෑල්ල“ කියලා.... නැත්තම් “මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්“ කියලා... නේද...? පාරේ යනකොට පෙම්වතියගේ අත අතාරින්නේ නෑ නේ.... අම්මෝ බලන්න ඕනේ බැරි වෙලා හරි වෙන කොල්ලෙක් තමන්ගේ කෙල්ල දිහා දෙපාරක් විතර බැලුවොත්... ටක් ගාලා රබර් ඇහැ දාලා බලනවා කෙල්ලත් බැලුවද කියලා... ළඟට ඇදලා අරන් ඉණ වටේට, කර වටේට අතත් දාගන්නවා පුළුවන් නම්... නේ ද ........?

අනේ ඒ පෙම්වතිය තමන්‌ගේ බිරිද උනාම..... කී දවසද දෙයියනේ ඒ ගෑණිගේ අතින් අල්ලන් යන්නේ....? ඕන්නම් මාසයක්..... හරි අපි අවුරුද්දක් කියමුකෝ... ඊට පස්‌සේ ඔයා ඉස්සරහින් යනවා බිරිද පස්සෙන් එනවා බඩු මල්ලක් හරි අලි බඩක් හරි උස්සගෙන....

හරි හරි... මම කියන්න ගියේ වෙන එකක්...අපේ හොද පිරිමි අය ගැනනේ කියන්න ගියේ...

මේක පොඩි කතාවක්... චුට්ටක් හිතන්න වෙන කතාවක්...

ඔබ රෑට වැඩ ඇරිලා ගෙදර එනවා.... සමහරවිට රෑ 8 -9 වෙලා... හොදටම මහන්සියෙන්... පාරේ ට්‍රැෆික්... බස් කාරයත් එක්ක පුදුම තරහකින්... එහෙම නැත්තම් 7- 7.30ට විතර....ඔෆිස් එකේ වැඩ ටික යන්තම් ටිකක් වේලාසන ඉවර කර ගෙන..... ඔබේ බිරිද ඔබ එනකොට රෑ කෑම හදනවා...

ඔබ ඇදුම් මාරු කරගෙන එනකොට ඔබේ බිරිද තේ එකක් හදලා ඔබේ අතට ගෙනත් දෙනවා... ඔබ තේ එක බීලා ‌වොෂ් එකක් දාගන්න යනවා... ඊට පස්සේ ඔබ කොම්පියුටරය ළඟින් වාඩි වෙනවා....FB යාලුවෝ මොනවද කියලා තියෙන්නේ, BLOG එකේ අලුත් පෝස්ට් එකේ කොමෙන්ට් වලට උත්තර දෙන්න ඕනේ... ඔබට වැඩ ගොඩක් තියෙනවා....

ඉතින් ඔබේ වැඩ ඉවර වෙලා ඔබ බිරිද බෙදලා දුන්න බත් එක කනවා... කාලා ඇදට යනවා ඔබ අද එන ගමන් ගත්ත අලුත්ම පොත අරගෙන... ඔබට ‌පොතක් කියවන්න හම්බුවෙන එකම වෙලාව ඒකනේ....

ඔබේ බිරිද කාපු බීපුවා අස්පස් කරලා , වළං පිඟන් හෝදලා තියලා, හෙට ඔබට අදින්න ඇදුම් ලෑස්ති කරලා,වොෂ් එකක් දාගෙන, ලස්සන නයිට් ඩ්‍රෙස් එකක් ඇදගෙන, තුවායෙන් ඔලුව පිහදදා කාමරේට එනවා.... එතකොට ඔබ... පොත බඩ උඩ තියාගෙන, සරම ලිහාගෙන, පොරවන රෙද්ද කකුල් දෙකේ ඔතාගෙන ගොරව ගොරව නිදි.....

ඉතිං ඔබේ බිරිද පොත පැත්තකින් තියලා, රෙද්දෙන් ඔබව පොරවලා ඔබගේ නළලතට පුංච් හාදුවක් දීලා ඔබ ළඟින් වැතිරෙනවා... ඔබගේ නින්දට බාධා උන නිසා ඔබ පොඩි කෙදිරිල්ලක් නඟලා අනිත් පැත්තට හැරිලා නිදා ගන්නවා....

රෑ මැදියමට විතර ඔබට ඇහැරෙනවා... ස්වාභාවික අවශ්‍යතාවයන් තියෙනවානේ... ඇයගේ උණුසුම ඔබට දැනෙනවා... ඉතිං ඔබ ඇයව ඇහැරවා තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්නට හදනවා... තද නින්දේ ඉන්න ඇයට මේක කරදරයක් උනත් ඇය ඔබට ඉඩ දෙනවා...ඔබ ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්නවා...

උදේට ඇය තේ එකක් හදලා ඔබව ඇහැරවනවා... ඔබ තේ එක බීලා මූණ කට හෝදගෙන, ඇදුම් ඇදගෙන, ඇය බැදලා දුන්න බත් එකත් බෑග් එකේ දාගෙන, පිටත් වෙනකොටම ඔබේ මිතුරෙක්ගෙන් කෝල් එකක්.... “මචං... හෙට නිවාඩු දවසේ අ‌ෙප් ගෙදර පොඩි පාටියක් තියෙනවා... ටිකක් උදෙන්ම වරෙං මචෝ අපේ සෙට් එකම එනවා කිව්වා...“ ඔබේ ආත්මීය මිතුරෙක්ගෙන් ආරධනාවක්... බැහැයි කියන්නේ කොහොමද... “ හරි මචං.. මං එන්නං... සෙට් වෙන්නත් පුළුවන්නේ.. නේද.. හරි හරි....කොහොම හරි එනවා... නෑ නෑ... අවුලක් නෑ... මං එන්නම් කෝ..“ ඔබ බිරිදට “මං ගිහින් එන්නම් “ කියලා වැඩට යන්න පිටත් වෙනවා......

යන ගමන් ඔබ කල්පනා කරනවා.... “ දැං ඉතිං අද ඉදලා ඉවරයි... කෝල් එක ආපු වෙලාවේ මූණේ හැටි... යාලුවෙක් හම්බුවෙන්න වත් නෑ කරදරයක් නැතුව...“ ඇත්තනේ... ඔබගේ යාලුවෝ හම්බුවෙන්නේ කොච්චර කාලෙකට පස්‌සෙද...ඉතිං උන් හම්බුනදාට පොඩි ෂොට් එකක් දැම්මට මොකද වෙන්නේ.. අනික ඔබ පුරුද්දක් විදියට බොන කෙනෙක් නෙවෙයි නේ... ඕකට මොකටද මූණ කචල් කරගන්නේ....පුදුම ගෑණු තමයි නේද....?

ඊළග දවසේ ඔබ යාලුවගේ ගෙදර යන්න සැරසෙනවා... බිරිද හිතේ අමාරුවෙන් ඉන්නවා දැනුනත් ඔබ ඒ තරම් ඒ ගැන තකන්නේ නෑ... “ ඔය මූණ ඇද කරන් ඉන්‌නේ මං යන එකට තමයි... ෂික්... යාලුවෙක් බලන්නවත් යන්න විදියක් නෑ සන්තෝසෙන්...“ ඔබට හිතෙනවා..... යන්න ලෑස්ති වෙලා ඔබ බිරිදට කතා කරනවා... “ මං යාලුවෙක් ගේ ගෙදර යනවා... රෑ වෙන්නේ නෑ... “ ඔබ ඇයට බොරුවක් කියනවා..... “ ඔයා ඉක්මණට එනවා නේද....“ ඇය අහනවා... “ඔව් ඔව්.. එනවා.....“ ඔබ පිළිතුරු දෙන්නේ නොරිස්සුමෙන්.. “ඇයි ඔයාට මොනවාහරි තියෙනවද කරන්න....“ ඔබ එළියට බහින ගමන් අහනවා... “පෙරේදා ඉදලා මගේ අඟට හරි නෑ...උණත් තිබුණා.... ඊයේ ඉදලා බඩත් අප්සට්... මං අද ඔයා එක්ක ඩොක්ට ගාවට යන්න හිතං හිටියේ...“ ඇය කියනවා... ඔබට කේන්ති යනවා... “ කලින් කියන්න එපැයි.... මං අරෑට එනවා කියලා කිව්වනේ...ඔයා අම්මත් එක්ක යන්න...“ කාලෙකට පස්සේ යාලුවෝ ටික හම්බුවෙන දවසටම මෙයාට බඩේ අමාරු.... ඔබ හිතනවා.... “කමක් නෑ... ඔයා එන්නකෝ.. ඔයා ආවම යමු..... මට ඉන්න පුළුවන්“ ඇය කියනවා.... “මං එන්න පරක්කු වෙයි...ඔයා අම්මත් එක්ක යන්න...“ ඔබ එහෙම කියලා ඉක්මණට යන්න යනවා....

කතාව ඉවරයි...

පිරිමින්ට කොච්චර පොඩි අවශ්‍යතාවයක් කීපයක්ද තියෙන්නේ....?

මං ඒක ගැනත් නෙවෙයි කියන්න ගි‌යේ..... දිග වැඩි උනා... දෙවනි කොටසකින් ඉතුරු ටික දාන්නම්.....

34 comments:

  1. හොඳ සංවාදයක් මෙවා කතාකල යුතුමයි ඇත්තටම විවාහ වෙච්චි අපට වගෙම විවාහ වෙන්න ඉන්න තරුණ පිරිසත් මෙගැන දැනුවත් වීම වැදගත්. ඔබේ කතාව සාමාන්‍ය යුග ජිවිතයේ බොහෝ චර්යා රටා උලුප්පලා තිබෙනව අගෙයි

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ්... මට හිතුන විදියට මේවා අඩු වැඩි වශයෙන් හැම කෙනාම අතින් සිදුවෙනවා.... දෙපක්ෂයෙන්ම... ඉතිං දෙපැත්තම ගැන ලියන්න හිතුවා....

      Delete
  2. මෙන්න ඔය පිළිබඳ එදා මෙදා තුර බ්ලොග් ඉතිහාසයේ ලියවුන හොඳම ළිපි සහ කවිය...

    http://maathalan.blogspot.com/2012/01/how-to-make-woman-happy.html

    http://maathalan.blogspot.com/2012/04/prayer-for-dreamed-prince.html

    http://maathalan.blogspot.com/2012/03/what-women-want-in-men.html

    ReplyDelete
    Replies
    1. හිහි.. හොදම ලිපි ටික කියෙව්ව නිසා තමයි ලියන්න හිතුනේ....

      Delete
  3. මගුලක් කර ගන්න කලින්ම මේ කරුනු දැන ගත්ත එක හොඳයි. ඊළඟ එකත් ඉක්මනටම දාන්න..!

    ReplyDelete
    Replies
    1. මේකේදි පෙම්වතා වෙලා ඉන්න කාලෙදිත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක හොදයි කොලුවෝ.......

      Delete
    2. ඒ ගැනත් කියලා පෝස්ට් එකක් දාන්නකෝ ඉතින්..

      Delete
  4. මේ වගේ දෙයක් කියවන්න ලැබුන එකත් ලොකු දෙයක් !
    ඉතුරු ලිපියත් කියවන්න බලාගෙන ඉන්නේ.
    ඉක්මනටම ලියන්න !

    ReplyDelete
    Replies
    1. ලියන්නම් ලියන්නම්...

      Delete
  5. සහතික ඇත්ත කතාවක්..

    ReplyDelete
    Replies
    1. අනේ මේ කෙල්ලෝ..... එපා කියන එකමයි කරන්නේ නේද......

      Delete
    2. ඉන්න බැනේ අක්කේ... හික්ස්.. කොහෙන් හරි එබිලා බලන්නමයි හිතෙන්නේ.. :D

      Delete
  6. ඇත්ත. හිරු බැලන්ස් එකේ ලියල තියනව.

    ReplyDelete
    Replies
    1. බැලන්ස් කලේ නෑ රාජ් මම.... මේකේ දෙපැත්තක් තියෙනවා.... දෙපැත්තටම ලියන්න හිතාගෙන ඉන්නේ....

      Delete
  7. දීල තියෙන්නෙ කරකවලා. කිසි තැනක කියලා නෑ මේ පිරිමි සතා වැරදියි කියලා. අන්න ඒකයි මේ ලිපියෙ විශේෂය! දැන් හිරු මේ පෝස්ට් එක දිහා බලාගෙනම ලියන්නකො හරි විදියත්! :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා.... ඉන්නකෝ....

      Delete
    2. අඩේ කවුද කිව්වේ වැරදි කියලා.... අපේ පිරිමි හරීඊඊඊඊඊඊඊම හොදයි නේ.........

      Delete
  8. අපිට මේවා ඉස්සරහට හොඳ පාඩම් :)

    ReplyDelete
    Replies
    1. හිහි... වැඩිය හිතන්න එපා... හදවතින්ම එන දේ කරන්න... එතකොට ආදරේ වැඩි වෙනවා.....

      Delete
  9. සමබරව ලියලා තියෙනවා වුනාට ඊළග පෝස්ට් එකේදි ගේම දෙයි වගේ....... ;)

    ReplyDelete
    Replies
    1. සමබරක් නෑ... කියන්න තියෙන දේ කියනවා....

      Delete
  10. හොද ලිපියක්..

    මොනව වුනත් පිරිමි කැමති තමන්ගෙ කෙල්ල ලස්සනට ඉන්නවට පිට කොල්ලො බලනවට. කෙල්ලො බැන්දම, ලමයි හම්බුනාම ගානක් නැහැ. ඔහේ ඉන්නවා. වුවමනාවක් නැහැ. ලමයා කරේ තියන් ඉන්නව. කොල්ල පැත්තක. එතකොට අරූ වෙන කෙල්ලො දිහා බලනව එතකොටය් ගෑනිට පත්තු වෙන්නේ.

    මේක තව පැත්තක් !!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්නකෝ... මේ ගැනත් වෙනම ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නේ...... මේ මාතෘකාව යටතේ වෙනම ලිපි කීපයක් දාන්න හිතාගෙන ඉන්නේ.... හැබැයි මම දෙපැත්තටම ලියනවා හොදේ.......

      Delete
  11. නියම පෝස්ට් එක අක්කෝ.ඔන්න ටයිට්ල් එක කොහොම උනත් අපිත් කියෙව්වා :)

    ReplyDelete
    Replies
    1. හි හි.... දන්නවා.... කියන දේ අහන් නැති කෙල්ලෝ කියලා......

      Delete
  12. අනේි අම්මපා.... කොහොමද මට මේ වගේ සම්භාව්‍ය ලිපියක් මිස් උනේ ඈ...
    ඔහෙ හිටු ඔක්කොම කියෝලා තමයි යන්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. ගෙදර ආව ගමන් කොම්පීතරේ බදාගන්න එක ගැන අපේ උන්දැත් බැන බැන ඉන්නේ හිතන්නට දෙයක් ලැබුනනා මේ පොස්ටුවෙන්

    ReplyDelete
  14. ඔයාගේ කතාව නම් හරි . මන් නම් ඔහොම කෙනෙක් නෙවේ
    එත් ඕක ගොඩක් තැන් වල විවිද ක්‍රම වලට වෙනවා ..මගෙත් පොඩි
    අඩු පාඩුවක් තියෙනවා මන් කරන කියන දේවල් එක්ක වැඩක ඉද්දි
    විවේකය නම් අඩුයි.අර අනික් වැරැද්ද නම් මගෙන් වෙන්නේ නැහැ .
    ඒක ගැන සැහෙන්න තේරුම් අරන් වැඩ කරනවා මන් .
    ඒත් dr මේ ගෙවෙන සමාජ ක්‍රමේ එක්ක මොනවා කරන්නද ..
    අද ඉන්නේ housing loan එක ගෙවන ගෑනු කෙනෙකුයි
    vehicle loan එක ගෙවන පිරිමි කෙනෙකුයි විතරනේ ..
    මහත්තයෙකුයි නෝනා කෙනෙකුයි නැහැ ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සහන්.. පුළුවන් තරම් දෙන්නට දෙන්නා තේරුම් අරන් වැඩ කරන එක තමයි හොඳ... මං මේක ලිව්වේ කට්ටිය ගෑණුන්ටම බනින නිසා.. හි හි...

      Delete
  15. ඔව් දෙන්නගෙම වෙන අඩු පාඩු දෙන්නටම tolerate කරන්න
    පුළුවන් සීමාවේ තියෙනවනම් ප්‍රශ්න පිට හරි ඉදිරියට
    යන්න පුළුවන් .. එත් එහෙම බැරි මට්ටමේ නම්
    වෙන් වෙන එක හොදයි කොච්චර දුක උනත් .
    දෙන්නම දුක් විදිනවට වඩා එක්කෙනෙක් හරි හොදින් ඉන්නවනේ ..

    ReplyDelete
  16. මම හිතුවෙ හිරු දැඩි වෛරී ප්‍රහාරයක් එල්ල කරන්න තමයි යන්නේ කියලා.කතාව කියවපුවම ඇත්ත තමයි කියල හිතුනා ඇත්තෙන්ම විවාහ වුනාට පස්සෙ මිතුරු ඇසුර හැකිතාක් අඩුකරන එක තමයි හොඳ.මමනම් මත්පැන් කටේවත් තියල නැතිකෙනෙක් කවදාවත් බොන්නෙත් නෑ.ඒත් හැමෝම එහෙම ඉන්න ඕන කියල කියන්නෙත් නෑ.ඒත් ඉතින් නරක දේ මොනවටද
    කසාද බැන්දට පස්සෙ දෙන්න දුක සැප බෙදාගෙන ඉන්න ඕන
    මම හිතුවෙ බටහිර ස්ත්‍රීවාදය කොලේ වහල දෙන්න තමයි යන්නෙ කියල .තවම තැතිගැන්ම තියෙනවා .

    ReplyDelete
    Replies
    1. මමත් කෙලින්ම ඔන්න අනිත් එකේ දැඩි වෛරී ප්‍රහාරයක් එල්ල කළා ඔයාට.. හි හි..

      නමුත් ඇත්ත කතන්දරේ බටහිර ස්ත්‍රීවාදයයි, ඇත්තටම ගැහැණුන්ට අවශ්‍ය දේයි කියන්නේ දෙකක් කියලා මාත් හිතනවා.. ගැහැණුයි පිරිමියි කියන්‌ෙන සම සත්තු දෙන්නෙක්.. දෙගොල්ලොම වැරදි කරනවා... නීතියක් උනත් දෙගොල්ලන්ටම එක වගේ බලපැවැත්වෙන්න ඕනේ..

      හැබැයි මම ඉස්ලාම්, මුස්ලිම් මතවදා වලට විරුද්ධයි...

      Delete