Friday, July 20, 2012

හිතේ තිබුන ලොකුම හීනේ





මගේ පොඩි කාලේ ඉදලම හිතේ තිබුන ලොකුම හීනේ තමයි (ඉස්කෝලෙ යන්න පටන් ගත්තට පස්සේ) මාස 3ක් විතර හැමදාම උදේ 8-9 වෙනකම් නිදා ගන්න තියෙනවනම් කියන එක. මාර කම්මැලි කේස් එකක්නේ කියලා හිතුනට අනේ මන්දා මාත් එක්ක හිටපු ගොඩක් එවුන්ට ඔය ආසාව තිබුනා. ඕකට හේතුව තමයි හැමදාම මහ පාන්දර 4ට 4.30 ට නැගිටලා ඉස්කෝලෙ යන්න තියෙන කම්මැලිකම. ඒ මදිවට රෑටත් කරැවල වැටුනටත් පස්සේ නේ ගෙදර එන්නේ. ඇයි වදේ දෙයියනේ කියලා සැපට නිදාගෙන හීනයක් එහෙම බල බල ඉන්නකොට අම්මා ඇවිල්ලා දෙකක් තුනක් ඇනලා ඇහැරෙව්වම වෙන මොනවා ගැන හීන මවන්නදෑ ඉතිං.

ඔය ආසාව සංසිදුවා ගන්න ඕ ලෙවල් ඉවර වෙනකම් බලං හිටියට ඒ වැඩෙත් හරි ගියේ නෑ. ඒ මාස 3ක් උදේ පාන්දර ගෙදරින් යන්න උනා පාට් ටයිම් ජොබ් එකකට.(හැබැයි ඉතිං ඒක වොලන්ටරි තමා. පඩි නෑ) දන්නෙත් නැතුවම ඒ ලෙවලුත් ඉවරම උනා. ( දැන් දන් නැ කිව්වට ඉස්සර ඔය අවරැදු 2 අවුරැදු 20 ක් වගේ තමා දැනුනේ)

මගේ ඒ දවස් වල වෙන්ඩ මහත්තයට මම කියලා තිබුණ මගේ දෙවැනි ලොකුම ආසාව තමයි බැන්දට පස්සේ දෙයියනේ කියලා මට අවුරැද්දක් ගෙදරට වෙලා ඉන්න ඕනෙ කියන එක. ඒ තරමට හැමදාම වැඩට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා මට එපා වෙලා තිබුනේ.

කොහොමහරි ඔය හීනේ හැබෑ උනා කියමුකෝ. අවුරැද්දට අවුරැදු 2ක්ම නිකම්ම ගෙදරට වෙලා හිටියා. පුදුමේ කියන්නේ හරියට කූඩුවක දාලා තියෙනවා වගේ දැනෙන්න පටන් ගත්තනේ මට. ඇත්තම කිව්වොත් පුදුමාකාර පාළුවක් කාන්සියක් දැනෙන්න පටන් ගත්තා. කොම්පීතරෙත් නෑ. අපේ තාත්තා මෝඩයා වෙලා ආපු අලුතම රැ 14000 ක් දීලා ගත්ත ඩයලොග් ටීවී එකත් නෑ. කරන්ඩ කියලා මෙලෝ දෙකුත් නෑ. ටික ටික ජීවිතෙත් එක්කම එපා වෙන්න ගත්තා කියලා කිව්වොත් ඒකත් බොරැවක් නෙවෙයි ඕං...

නීදා ගන්න එක තමා හොදටම කරන්න පුළුවන්. ඒකනේ ඉතිං මගේ හීනේ. ඒත් ටික දවසක් යනකොට මට ඒකත් එපාම උනා. මොකද දවල්ට නිදා ගත්තම රෑට නින්ද යන්නේ නෑ නේ. පුදුම කරැමයක්.

අවුරැදු 2ක් නහයෙන් ඇඩුවට පස්සේ මට කොම්පීතරයක් නම් හම්බුනා. හැබැයි මගේ ආදරණීය ADSL connection එක නෑ. දැං මොකද කොරන්නේ...........

අනේ අම්මපා දැං නම් හිතෙනවා නිදා ගැනිල්ල පැත්තක තියලා දිගටම ජොබ් එකට ගියා නම් කියලා.

17 comments:

  1. මගේ කතාවත් ටිකක් මේ වගේ තමා. ඉස්කෝලේ යන කාලේ මාත් උදේ 4 ට නැගිට්ට කෙනෙක්. ඒ කාලේ මටත් උවමනා වුනේ හොඳට දවල් වෙනකම් නිදාගන්න.

    ඒත් උපෙ ලියනකම්ම ඒක කරන්න වුණේ නැහැ. ඊට පස්සේත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් වුණු නිසා ඒ ආසාව ඉටු කරගන්න වුනේ නැහැ.

    කොහොම හරි ඒක හරි ගියේ කැම්පස් යන්න පටන් ගත්තාට පස්සේ. කැම්පස් එකට ගෙවල් පැත්තේ ඉදන් වැඩි දුරක් නැති නිසා හොඳට ඇති තරම් නිදාගන්න පුලුවන් :D

    ReplyDelete
  2. හිරු මම නම් කියන්නෙ ඕක හිතේ තියෙන දෙයක්. මට නම් ඕන්නම් පස්ස පැත්තට එලිය වැටෙනකල් නිදාගන්න පුලුවන් නිවාඩු දව්ස් වලට උදේ පාන්දර ඇහැරෙනවා. වැඩට යන්න තියෙන දවසට මර නිදිමතක්නෙ තියෙන්නෙ!!

    ඔයාගෙ මේ නම ලියන හැටි නම් මට ටිකක් අවුල් වගෙ. ඕක හිරු නෙවෙයිද? හි‍රැ ද ඇත්තටම?

    henryblogwalker the Dude

    ReplyDelete
  3. ඔන්න මමත් ආවා. මමත් කැමැත්තෙන් කරන එකම දේ නිදාගන්න එක :ඩි

    ReplyDelete
  4. Dude

    අනේ මන්දා. මගේ නම ඉස්සර නම් හොදට තිබ්බා. දැන් නම් අවුල් වගේ. බලන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ කියලා. හිහ් හිහ්....

    ReplyDelete
  5. නිදගෙනම ඉදලත් හරි යන්නේ නැහැනේ.. බබෙක් හදාගන්න එතකොට . ඔය කම්මේලි කම නැතුව යනවා... ADSL connection මොකටද ගන්නකො ඩොන්ගල් එකක්.

    ReplyDelete
    Replies
    1. හදා ගන්න ඕනේ. ඒත් තව ටික කාලයක් ඉන්න වෙනවා ඒකට. තව මාසෙකින් විතර තමා connection දෙකෙන් කෝක හරි ගන්න වෙන්නේ.

      කී‌බෝඩ් එක හරිම ලෙඩ ගොඩක්. වරදිනවා ඉවරයක් නෑ....

      Delete
  6. word verification අයින් කරන්න..word verification එනකොට කමෙන්ට් කරන්න අමාරුයි

    Dashboard - Settings -Show word verification -NO"

    ReplyDelete
    Replies
    1. හැදුවා. දං හරි නේ.

      තැන්කූ වේවා....

      Delete
  7. 'මගේ පොඩි කාලේ ඉදලම හිතේ තිබුන ලොකුම හීනේ තමයි (ඉස්කෝලෙ යන්න පටන් ගත්තට පස්සේ) මාස 3ක් විතර හැමදාම උදේ 8-9 වෙනකම් නිදා ගන්න තියෙනවනම් කියන එක.'

    හිරුලා ඔක්කොම එක වගේද මන්දා..:)

    ReplyDelete
    Replies
    1. ඒක තමා මටත් පේන්නේ.... හි හි ....

      Delete
  8. පරණ බ්ලොග් එකක් උනත් මං අදමයි නේ මේ පලාතට ආවේ. හිරුලා බර ගානයි දැන්. හිරු නමට අධිපතියන් මේ පැත්තෙත් එයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හි හි.... හිරුලා වැඩි උනාට නරකක් වෙන් නෑ.....

      Delete
  9. ඕක මටත් තිබ්බ හීනයක් නේ. මගේ උදේ නැගිටින වෙලාව එන්න එන්නම පස්සට ගියා ලොකු වෙනකොට..
    ඉස්කෝලේ යද්දී උදේ 5 ට. උදේ 6 .45 වෙනකොට ඉතින් ඉස්කෝලේ.
    කැම්පස් යද්දී ඒක උදේ 6 උනා. එතකොට 8 ලේක්ෂර් එකට කැම්පස්.
    ඔෆිස් යනකොට උදේ 6.30. 7.45 වෙද්දී ඔෆිස්.
    දැන් නම්...මේ වින්ටර් එකේ උදේ 8.30 ට නැගිට ගත්තොත් ලොකු දෙයක්. ඔන්න ඉතින් දවල් වෙනකන් නිදා ගන්න නම් පස්තාච්චි කුපාඩි වැඩක් කරන්න :D :D

    ReplyDelete
    Replies
    1. හි හි.. දැනුත් පාන්දර නැගිටිනවා කියන්නේ නම් මරනවා වගේ තමා....

      Delete
  10. apo math issara iskole yanna pandara 5 ta ada ada nagitte,

    ReplyDelete
    Replies
    1. මතක් කරන්න එපා.. හපෝ.....

      Delete
  11. මගේ ඒ දවස් වල වෙන්ඩ මහත්තයට මම කියලා තිබුණ මගේ දෙවැනි ලොකුම ආසාව තමයි බැන්දට පස්සේ දෙයියනේ කියලා මට අවුරැද්දක් ගෙදරට වෙලා ඉන්න ඕනෙ කියන එක. ඒ තරමට හැමදාම වැඩට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා මට එපා වෙලා තිබුනේ.

    මේ ටික දැක්ක ගමන් දැනුනු සතුට!!!!

    ReplyDelete