Friday, July 27, 2012

නුගේගොඩ බෝ ගහ ගැන අතුරු කතාවක්.....



අද මේ ලියන්න යන කතාව ලියන්න හිතුනේ ගැමියගේ පත් ඉරැව පැත්තේ පළවෙනි වතාවට සංචාරයක් දාන්න ගිය වෙලාවේ දැක්ක දෙයක් හින්දා... මාරයියයි Dude මහත්තයයි ගුරැමුෂ්ටි තියා ගන්නේ නැතුව හිරුට ලින්ක් දාන හැටි කියලා දුන්න නිසා ඔන්න ලින්ක් එකකුත් දැම්මා...

හැබැයි නගර සෝබිනියෝ ගැනවත් පච්ච ගැනවත් නෙවෙයි මගේ මතකයට ආවේ. නුගේගොඩ බෝ ගහ ගැන අහල තියන දැකලා තියන දේවල් ටිකක් තමා.. ඒ ගැන කියන්න හිතුනා..

නුගේගොඩ බෝ ගහ කියන්නේ මට හිතෙන්නේ ලංකාවේ බෝ ගහක් ගැන කියන්න පුළුවන් නරකම කතා ටික අහගත්ත බෝ ගහ ඒක වෙන්න ඕනේ කියලයි. අපේ යාලුවෝ කවදාවත් මීටින් ස්පොට් එකක් විදියට නුගේගොඩ බෝ ගහ ළගට එන්න කියලා නං කවදාවත් කියන්නේ නෑ.. චුට්ටක් එහායින් තියෙන පන්සල ළගට හරි සරසවි එක ළගට හරි එන්න කියලා තමයි කියන්නේ. වැඩිය යාලුවෝ එක්ක රස්තියාදු ගහන්න යන් නැති මං ඕකේ තේරැමක් නං දැනං හිටියේ නෑ. ඔය වින්ඩෝ ෂොපින් එහෙම මට දිරවන්නෙම නෑ. පන්ති ඉවර උනාද බස් එකේ නැග්ගා මං ගෙදර.....

ඒලෙවල් කරන්න ඉස්කෝලේ මාරැ කරලා නුගේගොඩ ඉස්කෝලෙට ආවට පස්සේ ඔය රොටරි එකේ, සක්‍යා එකේ පන්ති යන්න පටන් ගත්තට පස්සේ තමයි මට ටික ටික ඕකේ තේරැම දැන ගත්තේ. ඒත් ඉතිං එතකොට මගේ වෙන්ඩ මහත්තයා දවසක් එක්කෙනෙක්ව පෙන්නලා 'ඔන්න ඔය වගේ අය තමයි අර ජාතියේ අය' කියලා මට කියලා දුන්නේ. එයා කිව්ව විදියට ඔය Tramp stamp වගේ පච්ච කොටපු අය ටිකක් පොෂ් කට්ටියලු. අනිත් අයට වෙන එක එක විදියේ සිග්නල් තියෙනවලු. කු‌ඩේ අරන් යන විදිය, හෙයා ස්ටයිල්ස් සහ මේකප් එහෙම කරන විදිය. අපි ඉතිං ගොඩේ කෙල්ලොනේ. දැන ගත්තම ටිකක් බයත් හිතුනා. පන්ති වලට ඔය කියන හරියේ හරියට රස්තියාදු වෙන්න වෙනවානේ. ගෙදරින් ඉස්කෝලෙටයි ඉස්කෝලෙන් ගෙදරටයි ගිය මේ මට පොඩි හරි නිදහසක් හම්බුවෙලා තිබුනේ ඒ කාලේ. ක්ලාස් කිව්වම ඉතිං පාන්දර 7 ට විතර පටන් අරං හවස 6 විතර වෙනකම් තිබුණ කාලේනේ. අම්මලගේ 6 අදිරිනීතියත් පොඩ්ඩක් ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන් ඒ දවස් වල....

හැබැයි මේ සිද්ධිය උනේ ඊට ටික කාලෙකට පස්සේ... ඉස්කෝලෙන් අවුට් වෙලා ජොබ් කරන කාලේ.

දවසක් අම්මා කෝල් එකක් දුන්නා ඔෆිස් එකට කොහෙද ගමනක් (ෂොපින් පාරකටද කොහෙද..)යන්න අම්මයි තාත්තයි මල්ලියි එනවා, මට නුගේගොඩට අවිත් ඉන්න කියලා හාෆ් ඩේ එකක් එහෙම දාලා. ඉබ්බා දියේ දැම්මා වගේ මාත් දැන් 12.30ට විතර ඔෆිස් එකෙන් පැනලා ඇවිල්ලා බලං ඉන්නවා ඒ දවස්වල No limit එක ගාවට වෙලා. ( අනිත් පැත්තේ ඉන්න බෑනේ.) කාර් අස්සට වෙලා ඉන්නකොට මට ඉස්සරහා ගෑණු දෙන්නෙක් ඉන්නවා එකාට එකා රව රව ටිකක් ඈතට වෙලා.. මේක මට ඇල්ලුවේ නෑ. පොට් එකේ reputation එක දන්න හින්දා. කෝකටත් කියලා මම අම්මලට කෝල් කරනකොට කට්ටිය එතකොටත් කොට්ටාව හරියෙලු... මෙන්න මගේ කරැමෙට මං කවර් වෙලා හිටපු අර කාර් කබලත් යන්න ගියා.. දැන් ඉතිං මොනා කරන්නද.. මං අර බෑග් කවුන්ටරේ පැත්තට කිට්ටු කලා... ඔන්න ඒකේ ඉන්නවා පොඩි කොලු පැටියෙක්.. මේකා මගේ දිහා දැන් දෙතුන් පාරක් බලනවා මං දැක්කා.. ඒ අස්සේ අරැන් දෙන්නා රවා ගන්නවා හෝ ගාලා... කෝකටත් කියලා මං බෑග් එක තියලා ෂොප් එකට වත් වෙලා ඉන්නවා කියලා හිතලා බෑග් එක දෙන්න ගියා.. ඒ පාර අර කොල්ලා මට කියනවා ඔහොම තමයි මිස්.. කවුරැහරි එනකම් ඉන්නවනම් ඇතුලට වෙලා ඉන්න කියලා.. මට පොලව පැලෙන්න ලැජ්ජ හිතුනත් වෙලාවේ හැටියට දෙයියෙක් කියලත් හිතුනා.

ඔය තත්පරේට කාර් එකක් ඇවිත් එතන නතර කලා.. ඊළග තත්පරේට ඒක එතනින් ගියා... මෙන්න අරුන් ‌‌දෙන්නා ගහ ගන්න පටන් ගත්තා.... මේ අම්මපා කියන්නේ උන් දෙන්නා එදා එතන කියපු වචන සෙට් එක ඊට කලින් අහලා තිබුනෙත් නෑ. ඊට පස්සේ ඇහුනෙත් මේ බ්ලොග් කැරුවාවට ආවට පස්සේ ඔය කතන්දර කියවනකොට තමයි...හි හි ( අපි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මල් පැල වගේ වගේ ළමයි.) කොච්චර බය උනාද කිව්වොත් මං ගල් වෙලා බලං හිටියා දාඩිය දාගෙන වෙවුල වෙවුල... මෙන්න කොහෙන්දෝ මන්දා එතනට ආවා මගේ දෙයියා... ( අර කවුන්ටරේ හිටපු එක්කෙනා නෙවෙයි.) මගේ වෙන්ඩ මහත්තයා.. එයාට ෆොන් කට්ටක් තිබුනෙත් නෑ.. නුගේගොඩ රජ කරගෙන හිටපු මනුස්සයා නොවැ.. ආරංචිය ගිහිල්ලා... වැඩකට යන ගමන්... බෑග් එකයි මාවයි ඇදගෙන ෂොප් එක අස්සට පැන්නා... (ච්ත්තරපටියක් වගේ නේ... නෑ නෑ මේක ඇත්ත..)

කියන්න වචන මෙච්චර ගියත් ඔය ඔක්කොටම ගියේ විනාඩි දෙකක් විතර වෙලාවක්... අරුන් දෙන්නා කෙහෙවලු පටලෝගෙන තියෙන්නේ එකියක් අනිත් එකියගේ පෝට් එකට ඇවිල්ලලු. අලුතෙන් ආපු ගෑණු කෙනා ටිකක් තරුණ වැඩේට අලුත් කෙනෙක් ලු. ඉතිං ඉල්ලුම වැඩි ලු.. ඒකලු අනිත් එක්කෙනාට කේන්ති ගිහින් තියෙන්නේ...

ඔය ගොඩක් විස්තර කිව්‌වේ බෑග් කවුන්ටරේ හිටපු පිරිමි ළමයා.. ළග පාත හිටපු පොලිස් හෝ සිකියුරිටි මහත්තයෙක් ඇවිත් අර දෙන්නව එලෝලා දැම්මා....

මට දුක හිතුනේ මෙන්න මේ කතාව ඇහුවම.. ඒ ගෑණු කෙනාට ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක් ඉන්නවලු... ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කලින් හැමදාම ගෙදර යනවලු... ළමයි දන්නෙත් නෑලු අම්මා කරන රස්සාව මොකද්ද කියලා...

මට ඇත්තටම දැනුනේ දුකක්... මුලින් මම ඒ ගැන හිතද්දි මට පිළිකුලක් දැනුනත් පහු වෙන කොට මට දැනුනේ දුකක් විතරයි.. තාමත් මම ඒ ගැන හිතනකොට කල්පනා වෙනවා අර ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගත්ත දරුවෝ දෙන්නට මොනවා උනාද කියලා....

Photo from Drama House of Tolerance

7 comments:

  1. හ්ම්ම් අපිත් ක්ලාස් යද්දී එක්කෝ රොටරි එක ගාව කඩේට නැත්තම් නොලිමිට් එක ලඟට තමා යාලුවො එක්කහු වෙන්නේ.කලින් ඔය කතා දැනගෙන නොහිටියත් දැනගත්තම අමුතු අමුතු ඒවා හිතෙනවා..

    අනේ මන්ද අප්ප..අක්කිගෙ පෝස්ට් එකේ අන්තිම ටිකටනම් මට මාර අවුල්..ෂික් දෙයියනේ..මිනිස්සු ඔක්කොටම එක වගේ කාල බීල ඉන්න සල්ලි තිබ්බනම් මිනිස්සු මෙහෙම දේට පෙළඹෙන්නේ නැහැනෙ....

    ReplyDelete
  2. අපේ පැත්තෙ ඉන්නවා ගෑණු කෙනෙක්.මහත්තයා රට,දුව යන්නෙ නුගේගොඩ පැත්තෙ ඉස්කෝලෙකට.සල්ලි අතින් කිසිම අමාරුවක් නෑ.මේ අම්මා තමා හැමදාම දුවව ඉස්කෝලෙට දාන්න යන්නෙ.ලිප්ස්ටික්,කියුටෙක්ස් ගාලා,අලුත් පන්නයේ ඇදුම් ඇදලා,කොන්ඩෙ කඩා දාලා යන විදිහට ළමයෙක් ඉන්නවා කියලා කියන්නවත් බෑ.ළමයට ඉස්කෝලෙ ඇරෙනකල් එයා එක එක තැන් වලට වෙලා ඉන්නවා කියලා කියනවා.ඒත් බස් වල එයත් එක්කම යන අයනම් එක එක ඒවා කියනවා. ඇත්ත මොකක්ද කියලා හිතන්නනම් බෑ.ඒත් ඇත්තනම්,ඔයා ඔය කියපු අන්තිම සිද්ධියේ වගේ දෙයක් තමා. හ්ම්...

    ReplyDelete
    Replies
    1. මේක මං අහපු එක කතාවක් විතරයි අප්පා.... තව කොච්චර ගෑණු, දරැවෝ මේ වගේ දේවල් වලට මූණ දෙනවා ඇතිද..... වැඩේ කියන්නේ වැඩිපුරම ගෑණුම තමයි මේ වගේ අය ගැන කැත විදියට කතා කරන්නේත්....

      Delete
  3. මුලු නුගේගොඩම දන්නවා නම් අර අම්මගෙ රස්සාව, ළමයත් ඉක්මනටම දැනගනී. Just a matter of time!
    මට Dude මහත්තයා කියන්න එපෝ. ඉස්කෝලෙට විතරයි මහත්තයා.:D

    ගුරුමුෂ්ඨි නැතුවම කමෙන්ට් එකකට ලින්ක් එකක් දාන්නෙ මෙහෙමයි:
    පේන්න ඕනෙ වචන හෝ වචනය මෙතනට දාන්න)
    මේ පහල දාලා තියෙන ලින්ක් දාලා තියෙන්නෙත් ඔය විදියට
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  4. අර මාරයට වෙච්ච වැඩේමයි මට උනේ!!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  5. මලා... මේක දැක්කේ පස්සේනේ... අනේ මන්දා... Dude මහත්තයා කිව්වම මාර ගතියක් තියෙනවා... කමක් නෑ.. ඔන්න මම ආයිත් කියන්නේ නෑ එහෙනම්....

    ලින්ක් දාන සිස්ටම් එකට තැන්කූ වේවා..

    ReplyDelete