Thursday, July 26, 2012

ඔන්න ආයිමත් බීම ගැන ...... නෑ නෑ.. මේක බ්ලොග් ගැන....

මේ වෙලාව වෙනකොට නම් මට ගොඩක් දවසට කම්මැලියි. ලංකාවටම කරන්ට් කපනවා කිව්වට තාම මේ පැත්තට නම් කැපුවෙ නෑ ද කොහෙද.... අපේ මහත්තයා මගුල් ගෙදරක ගිහින්... කට්ටිය තාම බොනවලු.. ඉතිං එයාට එන්න විදියක් නෑලු... ඩ්‍රයිව් කරන්න ඉන්නේ එයා විතරනේ... ඉතිං මම ‌ගොඩක් අයගේ බ්ලොග් වල පහුගිය කාලේ වෙලා තිබුණ පරණ සිද්ධි ගැන කියවා කියව ඉන්න කොට හිතට ආපු අදහස් ටික ගැන යමක් ලියන්න ඕනේ කියලා හිතුනා... හැබයි ඉතිං මම හැමෝගෙම බ්ලොග් කියෙව්වේ නම් නෑ...

ගොඩක් ලියලා තියෙන දේවල් වලින් තම තමන්ගේ පහුගිය තොරතුරැ. ජොලි කතා, පොර කතා, මඩ කතා, කුණුහරැප කතා (සිංහල භාෂාවේ කුණුහරැප කියලා දෙයක් නෑලු..අපේ සර් තමා කිව්‌වේ ඒ ලෙවල් ක්ලාස් එකේදි) වලියට බර කතා, ගුටි කන කතා, නිර්මාණාත්මක කතා, කවි කතා, ( තරහා වෙන්ඩ එපා මං කවි කියවන්ඩ නං ටිකක් හොරයි) එතකොට බොරැ කතා, තව තව කියන්න බැරි නම් වලින් ලේබල් ගහලා තියෙන කතා වගේ ගොඩක් දේවල් හම්බුනා.. ඒවයින් මට හම්බුන තව දෙයක් තමයි ආර්තික,සමාජීය හා අධ්‍යාපනික ප්‍රශ්න ගැන කතා කරලා තියෙන කතා... ( මේ කී බෝඩ් එක හින්දා කරන අක්ෂර වින්‍යාස වැරදි අ‌පේ සෑර් එහෙම දැක්කනං බෙල්ලෙ වැල දාගනී මුං වගේ එවුන්ට මං මොකට ඉගැන්නුවද කියලා)

ඒ වගේම මට දැනගන්න ලැබුන හැටියට අවුරැදු දෙකකට උඩදි මම මේ බ්ලොග් එක පටන් ගන්න කාලේ බ්ලොග් ලියන්න පටන් අරං තිබුනෙ කොල්ලෝ කෙල්ලෝ උනත් දැං ටිකක් වයසින් වැඩි පන්නරයක් ලැබූ අත්දැකීම් බහුල වැඩිහිටියන් කීපදෙනෙක් ම බ්ලොග් අවකාශයේ ජනප්‍රිය චරිත වෙලා ඉන්නවා...මම නම් කියන්න නම් යන්නේ නෑ... හැමෝටම ලින්ක් දාන්න වෙන නිසා (කට්ටිය හිතයි ලින්ක් දාන්න පුරැදු වෙනවා කියලා... ඒ තරමි සෙට් එකක් ඉන්නවා.. හි හි) ඒ වගේම ගොඩක් ප්‍රශ්න සාමාජයේ වැඩිපුර කතා වෙන්නේ නැති දේවල් මේ හරහා කතා වෙනවා කියලා දැක්කා.. ඇත්තටම ඒ ගැන සතුටක් ඇති උනා ලියලා තියෙන ලිපි සහ ලැබිලා තියෙන කොමෙන්ට් කියවද්දි... මොකද සාමාජීය ප්‍රශ්න ගැන කතා කරන්න විවෘත වේදිකාවක් සහ තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්නත් ඒවයින් කෙනෙකුට පාඩමක් ඉගෙන ගන්නත් අවස්ථාවත් ලැබෙන නිසා..

බොරැවට පොර ටෝක් එකක් දුන්නත් ඒකෙන් ගන්න යමක් තියෙනවා නම් පොර ටෝක් අවුලක් නෑ කියලයි මට හිතෙන්නේ.... ඒත් මට එක පුරස්නයක් ආවා... මගේ ආසම මාතෘකාව නොවැ බේබදුකම.... ඒක ගැන...



සීයට පනහක් විතර තියෙන කතා තියෙන්නේ බීම සහ බීම ගැන සහ බීලා කරපු ජොලි වැඩ, අනා ගත්ත වැඩ සහ පඩි වැඩ ගැන කියලයි මට හිතුනේ... අනේ මන්දා කට්ටියට ඕවා වෙන්නේ බොනකොට විතර ද දන්නෑ... දැන් කට්ටිය කඩු පොලු හොයන්න යයි.... පුහ් .. මං බය වෙයි ඕවාට....

අපේ මහත්තයා පඩි ගත්තම මට මාසෙට ගෙදරට ඕනෙ කරන බඩු ටික අරන් දුන්නට පස්සේ මම එයාට ෂුවර් එකටම බියර් එකක් නැත්තම් දෙකක් අරං දෙනවා.. (හෝ ගිහින් අරගන්න කියනවා) මොකද එයා කවදාවත් එළියට ගිහින් බොන්නෙ නැති කෙනෙක් නිසා... මහ ලොකු ගාණක් යන්නේ නෑ... ඒත් එයා කවදාවත් වෙන කොහොවත් බොන්න යන්නෙත් නෑ. ( ඒවා ගෑණු ගැට.. හරිද)

මම කියන්න හැදුවේ මේකයි.. මහත්තුරැ බොන එකට හැම නෝනම කැමති නෑ කියලා දැං කට්ටිය කියයි.. ඒක ඉතිං එහෙම තමයි.. කට්ටිය සට් වෙලා බොන එක ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ.. මොකද ඕක බෝතලේකින් දෙකකින් ඉවර වෙන්‌නේ නැති නිසා. අලුතෙන් එන පොඩි මල්ලිලා ඔය අයියලගේ පොර ටෝක් අහලා නොමග යන්නත් පුළුවන් කියලා මට හිතුනා...

තවත් දෙයක් ගැන ලියන්න හිතුනා... ඒත් අයිත් හිතුනා අහක යන මඩ වලවල් වලට පැනලා ගද ගස්සගන්නේ මොකොටද කියලා....

16 comments:

  1. බැන්ද කාලෙක මටත් ප්‍රයෝජනවත් වෙයි වගේ අක්කගේ කතාව නම්.... :) මරු ප්ලෑන් එක :)

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒක හැම මහත්තයටම හරි යයිද දන්නෑ..... බෙබේලා නං බියර් එකෙන් දෙකෙන් ෂේප් වෙන් නෑ... තව ගැට ගහන්න වෙයි.....

      Delete
  2. "අපේ මහත්තයා පඩි ගත්තම මට මාසෙට ගෙදරට ඕනෙ කරන බඩු ටික අරන් දුන්නට පස්සේ මම එයාට ෂුවර් එකටම බියර් එකක් නැත්තම් දෙකක් අරං දෙනවා.. "

    අන්න අනිත් නෝනලත් ගන්නව නං ආදර්සෙ!

    ReplyDelete
    Replies
    1. නෝනලා විතරක් ආදර්ශෙ අරං හරියන් නෑ... මහත්තුරැත් අපේ මහත්තයගේ ආදර්ශෙ ගත්ත නම් තවත් හොදයි........

      Delete
  3. දැනට අවුරුද්දකට දෙකකට කලින් මේක ලිව්වනං මං අතාරින්නේ නැහැ..දැන් නං ඉතිං මොනවා කියන්නද..ඔන්න අල්ලලා දැම්මා...

    ReplyDelete
    Replies
    1. මාරයියගේ පන්සල් කතාව තමා තාම මං කියවගෙන යන්නේ.... ඒක නිසා ඔය අතෑරියා කිවවා කියපු එක ගැන තේරැණේ නෑ......

      Delete
  4. මෙහෙමනෙ හිරු.
    මම කොච්චර කිව්වත් හිරු බීම ගැන බලන්නෙ ගෑණු කෝනයකින්. ඔන්න තරහ වෙන්න එපා හරිද. මේ ලියන මම බොන්නෙ අවුරුද්දකට සැරයයි. ඒ කියන්නෙ නිවාඩුවට ගෙදර ආවාම ඉඳහිට බියර් එක වයින් එකක් බොනවා. ඊට එහා ඒවා බොන්නෙම බ්නෑ. සිගර‍ටුත් නවත්තලා අවුරුදු බර ගානක්. මේ කියන්නෙ මම බේබද්දෙක් නෙවෙයි කියන්නයි.

    ගෙදර බැල්කනියට හරි ඉස්තෝප්පුවව හරි වෙලා හැන්දෑවෙ කකුල් ස්ටූල් එක උඩහරි, බිත්තියට හරි කණුවකට හරි තියාගෙන අඩ අඳුරෙ සින්දුවකුත් අහගෙන ඕනෙනම් වයිෆුත් එක්ක කතාකර කර බියර් එකක් ගහන එකෙත් ආතල් එකක් තියෙනවා, වයිෆ් සුපවයිස් කරන්න එන්නෙ නැත්නම්.

    නමුත් මේ ඇත්තමයි කියන්නෙ යාලුවො සෙට් එකක් එක්ක සෙට් වෙලා කෑ ගගහ කතන්දර කිය කිය අනුමත වෙන එකෙත් මාර ආතල් එකක් තියෙනවා. ඔන්න මම ආයෙ මතක් කරනවා. මම එහෙම බිව්ව කාලයක් මතක නෑ.මම දැන් නොකලට මට ඒක පිලිගන්න වෙනවා. සිගර‍ටුත් ඇඟට අගුණ නැත්නම් මම අදටත් බොනවා.

    ඔයා බ්ලොග් මුල ඉඳලා බලාගෙන යනවනෙ.

    මෙන්න මම සැර බීම අඩුකරපු දවස.

    මෙන්න මම සිගරට් සම්පූර්ණයෙන් නතරකරපු දවස.


    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... අනිත් අයගේ බීම නිසා විදින්න පුළුවත් ඔක්‌ෙකාම දුක් විදින කෙනෙක් නිසා මම එහෙම බලනවා ඇති සමහර විට..

      ඇත්තටම Dude මහත්තයෝ අපේ මහත්තයා කවදාවත් යාලුවෝ එක්කවත් බොන්නේ නෑ. කවදාවත් මගුල් ගෙදරකදිවත් බොන්නේ නෑ... එයාගේ ඒ ගතිගුණේ හින්දා තමයි මම ඒ විදියේ දෙයක් කරන්නේ... බොනවා නම් ගෙදරදි... මටත් ටිකක් දීලා... හි හි ( මම බොන කෙනෙක් නෙවෙයි .. බියර් එකේ පළවෙනි උගුරැ මට) ඒක එයාගේ සතුට වෙනුවෙන් මම කරන දෙයක්... එයාට ඔය මුලින් කියපු ආතල් එක ඕනවටත් වඩා ලැබෙනවා....

      දෙවනි එකේ තියෙන ප්‍රශ්නේ මේකයි... ඔය වෙලාවලදි නැති ප්‍රශ්න ඇති වෙන්න තියෙන ඉඩ වැඩියි.. ඒකයි මම ඒකට කැමති නැත්තේ....

      සිගරට් වලට නම් මම කොහොමත් අකමැතියි...
      ඔයාගේ කතා දෙකත් කියවන්නම්.... තැන්කූ...

      Delete
  5. මේකට එක බිංදුවක් එකඟ නැහැ.
    මන් සහ මාත් එකක් බොන්න සෙට් වෙන කිසිම කෙනෙක් බ්ලොග් කියවලා බලලා බොන්න පුරුදු උන අය නෙමෙයි. අඩුම ගානේ මන් බොන්න පටන් ගන්න කාලේ ඉන්ටර්නෙට් එකක් ගැනවත් අහලා නැහැ. ඒක නිසා බ්ලොග් වල පෙරලි පෙරලි බීම ගැන කිව්වත් ඒකෙන් තව කෙනෙක්ට වෙන බලපෑම 0% කියලා මන් හිතන්නේ. :-D

    ReplyDelete
    Replies
    1. පහුවෙලා දැක්කේ.... සොරි හොදේ...

      මෙහෙමනේ.... මේ මං නරකක් හින්දා කියනවා නෙවෙයි.. නමුත් ඉස්සර ගායකයෝ, නළුවෝ රෝල් මොඩ්ල් උනාට දැන් පරපුරට නෙට් එක සහ බ්ලොග් වල ඉන්න වීරයෝ රෝල් මොඩ්ල් වෙන්න ඉඩ තියෙනවා නේ.... සහ මේවා කියවද්දි තියෙන ආතල් එක කරලා බලන්න හිතෙන්නේ නැද්ද මං අහන්නේ....? මන්දා... මං කොල්ලෙක් උනා නම් මට කරලා බලන්න හිතෙයි.... ..

      Delete
  6. මේකනේ හිරු පොඩ්ඩක් නිකන් වැදී නොවැදී එන ගාන
    ඒ කියන්නේ beer එකක් දෙකක් බිව්වම එන ගානට අරන්
    හිටියම හරි . එතනින් එහාට යද්දී තමා අවුල් වෙන්නේ.
    පොදුවේ මම බොන කෙනෙක් නෙවේ . ඒ කියන්නේ බොන්න
    ආස නැහැ . මට ඒකෙ විනෝදයක් නැහැ ඇති .

    ReplyDelete
  7. අපෙ අයට කිසි දේක සීමාවක් නෑ නේ සහන්.. ඒකනේ අවුල.. හි හි..
    බොන්නේ නැති එක තමයි වැඩියම හොඳ...

    මේ මම මුලදිම බීම ගැන ලියපු එකක්.. පොඩි ෂොට් එකක් ගත්තා....

    ReplyDelete
  8. කියවල කමෙන්ට් එකක් දැම්ම ඈ ..

    ReplyDelete
  9. මගේ නෝනා ඒ අතින් මරුය. ඊයේ රාත්තිරියේ ෆුඩ්සිටි ගිය වෙලේ මට පෙට්ටියේ දමපු බෝතලයක්ද, එතුමියට බියර් දෙකක්ද ගත්තාය. දැන් තොපිට මල පැන්නට කොරන්න දෙයක් නැත. ඒ මගේ නෝනාගේ හැටිය. එතුමිය ලබන්නට මා පින් කල සැටි.....

    ටිකකින් හිසේ සිට පාදාන්තය දක්වා තෙත් විය. ඒ අස්සේ "පොප්" හඬ නංවමින් සබන් බුබුලක් වැනි දෙයක් පුපුරා යන හඬද පැහැදිලිවම ඇසුණි.
    "නොදකින් මේ කාලකන්නියා. ඊයේ රෑත් බීගෙන ඇවිත්. අනේ අම්මප මන් වගේ කරුමක්කාර ගෑනියක්" උදේ පාන්දර පිරිත් දේශනය ඇසෙන්නට විය.


    හි..හි.. මන් තාම තනිකඩ හොඳේ.
    කට්ටිය හිරුට අහුවෙනවා නෙවේ ඕන්.
    තමන් අපේ මහත්තයා දාපු වලේ අනික් උනුත් වැටේයැයි අරමුණින් පළකර ඇත.

    ReplyDelete
    Replies
    1. මෙයා තාම හීන දකිනවද කොහෙද.. හි හි....

      Delete
  10. මට හිතෙන විදිහට බොන නොබොන එක වගේම බොන එක විවේචනය කරන එකත් පුද්ගලික අයිතියක් :)

    ඉතින් බොන එකා බිව්වහමත් නොනොන එකා විවේචනය කරහමත් කාටවත් මොකද ???

    අනෙක් කාරණය බිව්වා කියල හැම මිනිහම නරකාදියෙක් වෙන්නෙත් බොන්නේ නැති එවුන් දෙවිවරු වෙන්නෙත් නැහැ !

    මට අනන්තවත් හමු වෙලා ඉන්නවා ලිවර් දියවෙලා ගියත් බොහොම පපුව හොඳ බෙබාල වගේම, ඇල්වතුරත් නිවල බොන කට්ට කයිරාටික එවුනුත්

    කොටින්ම මිනිහෙක්ට මිනිහෙක් වෙන්න බොන නොබොන එක අදාලම නැහැ :)

    ReplyDelete