Wednesday, July 25, 2012

දාලා යන්න බැරිම උන එකා.....

අපේ මලයා කෙල්ලෙක් සෙට් කරගෙන. කට්ටිය නඩු අහනවා. කොහෙවත් නැති මං වැරදිකාරයා වෙයි වගේ....


හිරු පොඩි කාලේ (ඒ කාලේ පොඩි කිව්වට දැං උනත් එච්චර ලොකුවක් නං නෑ ඉතිං) අවුරුදු 7ක් විතර වෙනකම් තනියමම තමයි හිටියේ. ගෙදර විතරක් නෙවෙයි අපේ මාමලා නැන්දලගේ ඔක්කොම ආදරේ විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ සත්තං වලට අහුවුනේ මේ අහිංසක මං තමයි. ඔය කාලේ තමයි අපේ මලයා අපේ ගෙදර ආවේ. ඉස්කෝලෙ ගිහින් ගෙදර එනකොට අම්මා ඉන්නවා බබෙක් වඩාගෙන. අම්මට බබෙක් හම්බුවෙන්න ඉස්පිරිතාලේ ගියා කියලා දැනං උන්නත් මේ චූටිම චූටි බබාව දකිනකම් මට නංතේරැණේ නෑ මොකද්ද වෙන්න යන්නේ කියලා...

අනේ මන්දා කට්ටිය මාව පැත්තකට දාලා බබා වටේට වෙලා ඉන්නවා. මට රජ මගුල්. ඇයි ඉතිං මං කියන කොරන දේ හොයන්න බලන්න කවුරැවත් නෑ නේ... ඒත් ටික දවසක් යනකොට මට තේරැණා හැමෝම ඉස්සර වගේ මට ආදරේ නෑ කියලා. අම්මා හැමතිස්සේම මල්ලි වටේට කැරකෙනවා. තාත්තත් ගෙදර ආපු ගමන් මල්ලිව තමයි හොයන්නේ. ඉතිං මට මල්ලි ගැන දැනුනේ ලොකු තරහක්. අනිත් එක මූ රැහැයියා වගේ බෙරිහන් දෙනවා.අනිත් එක හිටපු ගමන් ලෙඩ වෙනවා. එතකොට අම්මා ඔක්කොම දාලා ඉස්පිරිතාලෙට දුවනවා. මට දැනුනේ මහා කරදරයක් වගේ. ඇත්තටම කිව්වොත් ඉපදෙන්න ඉස්පිරිතාලෙට ගියාට පස්සේ බේත් විදින්න විතරයි මාව ඉස්පිරිතාලෙ අරන් ගිහින් තියෙන්නේ. ඒත් මෙයා රිච්වේ එකේ දවස් ගනන් ඉන්නවා. ඔපරේෂන් කරනවා. මට තේරැණේ නෑ ඇයි කියලා.

ටික කාලයක් යනකොට මල්ලි මොන්ටිසෝරි යන්න පටන් ගත්තා. එතකොට අම්මා මාවත් අරං නිවාඩු කාලෙට මොන්ටිසෝරියට යනවා. මම කොළඹ ඉස්කෝලෙකට ශිෂ්‍යත්වෙන් මාරැ උන නිසා මල්ලියි මායි එක ඉස්කෝලෙ කවදාවත් හිටියේ නෑ. ඒක නිසා මරා ගන්න හම්බුනේ ගෙදරදි විතරයි. අපි දෙන්නා කොච්චර මරා ගන්නවද කිව්වොත් කාටවත් බෑ අපි දෙන්නව යාලු කරන්න. මම ගහනවා ඇදෙන් බිමට වැටෙන්නම. දන්නෙම නැතුව මූ උස ගිහින් මටත් වඩා. දැං මූ ගහනවා මට බිම වටෙන්න. මම එක සෙරප්පුවකින් ගහලා ඒක වැදුන් නැති උනාම අනිත් එකෙනුත් ගහනවා.

හැබැයි ඔය කාලේ වෙනකොට අපි දෙන්න ටිකක් සමගි වෙලා හිටියේ. එයාගේ ඉස්කෝලෙ තියෙන වැඩ වලට එහෙම මට යන්න උනා. ශිෂ්‍යනායකයෙක් උනාමත් මමයි ගියේ. එදා කොල්ලො කෙල්ලො ටික වටවෙලා මට සැලකුවේ පිනාගෙ කාට හරි සලකනවා වගේ. මගෙත් පරණ ඉස්කෝලෙනේ... එදා තමයි මම දැනගත්තේ මූට කෙල්ලෝ තොගයක් ඉන්නවා කියලා.

ටික ටික මූ මට උපදෙස් දෙන සයිස් එකට ආවා.අපි දෙන්නා ෆුල් ෆිට් දැං. මට කොල්ලොන්ගේ හොද නරක හොයලා දෙන්නේ එයා තමයි. හැබැයි එයාගේ රහස් මම රකින්න ඕනේ. අම්මට අහුවුනොත් විනාසයිනේ. මාත් අනේ ඒකව පාවලා දුන් නෑ. මොනා උනත් මගේ මලයනේ. මට කියලා යාලුවො හිටියෙ නැති එකේ මල්ලිගේ සහ නංගිගේ (එයාගේ කතාව පස්සේ දාන්නම්) යාලුවෝ තමා මගෙත් යාලුවෝ උනේ.

මං බදින කොට මල්ලි ඒලෙවල් කරනවා. මම හිත හිත හිටියේ කවදා මුගෙන් ගැලවෙන්නද කියලා. ඒ තරම් වද දුන්නා මට ඒ දවස් ටිකේ. එයාගේ යාලුවෝ ඔක්කෝම අපේ ගෙදර. රූ එළිවෙනකම් ඇහැරගෙන බිම පොලිෂ් කලේ උන්ටික. හැබැයි රට වටේට කුණු කතා කිය කිය. මම ගිය ගමන්ම මගේ කාමරේ එයා ගන්නවලු. ආයි පැත්ත පලාතේ එහෙම එන්න එපාලු මට.

බදින දවසේ උදෙත් මට ඒතරම් ගානක් තිබුන් නෑ කිසි දෙයක් ගැන. ඒ තරමට කලබල වෙලා හිටපු නිසා. ෆොටො එකට වන්දව ගන්න උනෙත් හරිම අමාරැවෙන් අපේ මලයට කියලා.

ඒත් අන්තිමට පිටත් වෙන්න ලෑස්ති වලා උෟ මං ගාවට ආවම මට ඇඩුනා. අම්මවත් තාත්තවත් හින්දා නෙවෙයි මලයම දාලා යන්න වෙන එකට. ( මං හිතන් හිටියේ මට වැඩිපුර දුක අපේ බුලට්ව දාලා යන්න වෙන එකට කියලා.)මොකද මට යන්න තිබුණේ හිරගේකට වගේ තැනකට කියලා මම දැනන් හිටිය නිසා. මං ඔහේ ගිහින් කාත් එක්ක ගහ ගන්නද ඉතිං.

මගුලෙන් පස්සේ වෙච්ච දේවල් වලට පස්සේ මාත් අපේ ගෙදරත් මේ ගෙදරත් එක්ක මට තිබුණ එකම සැනසිලිදායක සම්බන්ධය මල්ලි විතරයි. කියන්න තිබුන දේවල් හිතේ හැටියට කියන්න පුළුවන් උනෙත් මල්ලිටම විතරයි. අනේ මං උට දැං හරිම ආදරෙයි.

දැං මට දුකයි ඒකා බැදපු දවසට මට මල්ලිවත් නැති වෙයි කියලා....... ආත්මාර්තකාමියි තමයි... ඒත් මං ඒකගේ අක්ක හැටියට පුළුවන් උදවුවක් කරනවා. අම්මලගේ බාල්දි එහෙම වෙන වෙන පැති වලට පෙරලලා....


දැං මගේ කෑම ටිකත් එක්කම කාලා අලියා වගේ මහත් වෙලා... හරකා, ගොනා, බූරැවා වෙලා හිටියට දැං මගේ කාමරේ පේන්ට් කරලා පොලිෂ් කරලා අලුතින් කර්ට්න් දාලා බලාගෙන ඉන්නවලු මං එනකං....... මටත් උඹත් එක්ක වලියක් දාගන්න ආසයි බං දැං.....

රාජ්ගේ මේ පෝස්ට් එක දැක්කමයි මට මේ දේ මතක් උනේ.... ලින්ක් එක දාන්න හැදුවා. තේරෙන්නේ නෑ. ඒක නිසා URL එක දැම්මා......

18 comments:

  1. ඔහොම තමයිසහෝදරකම්. එකට ඉන්නකල් වටිනා කමක් නෑ. තමන් කොච්චර ආදරෙන් ඉඳලද කියලා තේරෙන්නෙ වෙන්වෙලා යන දවසට තමයි.
    ඇයි හිරු එඩිට් එකට ගිහින් ලින්ක් එක දාන්න ඕනෙ වචනෙ හයිලයිට් කරලා උඩ ලින්ක් කියලා තියෙන icon එක ක්ලික් කරාම එනවා ඩයලොග් බොක්ස් එකක්. ඒකෙ URL අලවලා ok කලාම හරිනෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  2. කරලා බලන්නම්. කලින් හරි ගියෙ නෑ.
    තැන්කූ

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්තං මේක පාවිච්චි කරලා බලන්න...

      ලින්ක් එක දාන්න ඕනෙ වචනය හරි ඡේදය හරි

      ඔකේ සිංහල අකුරු තියෙන තැන්වලට ඒ කියලා තියෙන දේ දාන්න එච්චරයි.

      Delete
    2. හුටා..ඒක ලින්ක් එකක් වෙලා නේද..

      ලින්ක් එක දාන්න ඕනෙ වචනය හරි ඡේදය හරි

      ඔන්න ආයෙත්...අර "ලින්ක් එක" කියන තැන දෙපැත්තේ ඇති හිස් තැන් දෙක අහක් කරන්න

      Delete
    3. මලා..ඒකත් ලින්ක් එකක් වෙලා... අයේ බලමු..මේනං අනිත්ම පාර

      ලින්ක් එක දාන්න ඕනෙ වචනය හරි ඡේදය හරි

      Delete
    4. මාරෙ මල්ලි, මොකක්ද බං මේ වෙන්න යන්නේ? අර අවුරුද්දට ගෙනත් තියපු ඉතුරුවා වත්...? :D
      henryblogwalker the Dude

      Delete
    5. අනේ අම්මපා මාරයෝ ඔච්චර කියලත් මට තේරැණේ නෑ නොවැ..... හි හි.
      මගේ මොලේ මලකඩ ටික කඩන්න තාම බැනේ...

      Delete
    6. ‌ගොඩ ගොඩ.... මාරයියටයි Dude මහත්තයටයි පිං සිද්ධ වෙච්චාවේ.....

      Delete
    7. හප්පට සිරි! මම මහත්තයෙකුත් වෙලා!!:O
      :D
      henryblogwalker the Dude

      Delete
    8. මහත්තයෙක් නෙවේ ද?????? ඕන් එහෙනම් සොරි කිව්වා......

      Delete
  3. 'අනිත් එක මූ රැහැයියා වගේ බෙරිහන් දෙනවා.'

    'මම ගහනවා ඇදෙන් බිමට වැටෙන්නම. දන්නෙම නැතුව මූ උස ගිහින් මටත් වඩා. දැං මූ ගහනවා මට බිම වටෙන්න. මම එක සෙරප්පුවකින් ගහලා ඒක වැදුන් නැති උනාම අනිත් එකෙනුත් ගහනවා.'

    හි හි මරු කතාව හිරු අක්කි.මම ආසම මේ ටිකට..:)

    ReplyDelete
  4. මට සහෝදරියො තුන්දෙනෙක් හිටියට යාළුවෙක් වගේ ෆිට් කෙනෙක් නැතිඑක හෙන පාඩුවක්.
    මේ අඩවියට ආවෙ අදයි. ලිවිල්ලෙ හැටියට වාර්තාවක් තියයි වගේ. ඒ කියන්නෙ 2010, 2011ට වඩා පෝස්ට් වැටෙයි! :)

    ReplyDelete
  5. 2010 සැප්තැම්බර් වලින් පස්සේ ගංවතුරක් ආවා. මගේ කොම්පීතරේ ඒකට ගහගෙන ගියා. දැං තමයි කොම්පීතරයක් හම්බුනේ.... හි හි....

    ReplyDelete
  6. හරකෙක් නෙමෙයි ඌ අලියෙක්

    ReplyDelete
  7. මාරයාගේ කමෙන්ට් ටිකටයි හිනා.
    :D

    ReplyDelete
  8. Hiruwo.....mage kathawa assen mekata awe ada ude train eke wadata ena gaman..laawata as dekata thethamanayak daneddi me comentuwa kotala danne....attatama....me bandeem hari sundaray..

    Maaraya....moko me.....

    ReplyDelete
  9. Hiruwo.....mage kathawa assen mekata awe ada ude train eke wadata ena gaman..laawata as dekata thethamanayak daneddi me comentuwa kotala danne....attatama....me bandeem hari sundaray..

    Maaraya....moko me.....

    ReplyDelete