Thursday, July 26, 2012

අපේ මහත්තයගේ ඩ්‍රයිවින්....


මේ බ්ලොග් එකේ පළවෙනි ලේබල් එක අපේ මහත්තයගේ වීරකම් කියලා දාන්න වෙයි ද දන් නෑ....

මාරයියගේ පන්සල් දිවිය කියව කියව ඉන්න කොට අපේ මහත්තයා කෝල් කලා... මගුල් ගෙදර ගිය කට්ටිය ආපහු එනකොට කැබ් එක ඇසිඩන්ට් උනාලු..... (ඔය කිව්වට ඕක අපේ එකක් එහෙම නෙවෙයි.. ඔෆිස් එකේ වැඩ වලට යන එක....) දැං ඕක එලවන් ආවේ අපේ මහත්තයා නොවෑ....(දැං මට අර කලින් කියපු එක ෂුවර් නෑ නෑ වගේ.. ආපුදෙන්කෝ උන්දෑ අද ගෙදර.. නෑ නෑ අපේ මහත්තයා හොදයි...)

අපේ මහත්තයාගේ ඩ්‍රයිවින් ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ... අම්මලා තාත්තලා ළග ඉන්නවනං උපසක බළලා වගේ එලවන්නේ... 40 එහාට යන්නේ නෑ... අනිත් වෙලාවටත් 60ට එහා යන්නේ නෑ කියලා මට නං කියන්නේ.... කොහොම උනත් රෝද 4න් යන වෙලාවට නං මට කොහොම ගියත් කමක් නෑ... සීට් බෙල්ට් එක දා ගත්තා ඉස්සරහා බලා ගත්තා .. ඒ ඇරෙන්න ඩ්‍රයිවින් ගැන මං මෙලෝ දෙයක් කියන්නේ නෑ.... ( එයාගේ ගෙදර කට්ටිය එක්ක නං යන කොට අඩු ගානේ ඩ්‍රයිවර්ලා 4 දෙනෙක්වත් එක කර් එකේ යනවා....)

හැබැයි අපේ මහත්තයා රෝද දෙකේ යනකොට නං මං පිටිපස්සෙන් ඉදගෙන යන්නේ ඇගේ ලේ නැතුව... පාරේ දකුණක් වමක් ලේන් එකක් එයාට ගානක් නෑ... අස්සෙන් මුල්ලෙන් දාලා යනවා.. අහිංසක මං මේ දවස්වල බේරෙන්නේ කොන්ද පොළියට තියලා... (බැදලා සති දෙකෙන් මං කොන්ද කඩා ගත්තා...) හිමිං යන්න කිව්වම 20ට විතර තියාගෙන කොට කොට යනවා මල පැනලා... (පිරිමි හැමෝම එක වගේද මන්දා) කියන්නේ එහෙම නැතුව ලංකාවේ පාරවල්වල යන්න බෑ කියලා.... පේමන්ට් උඩිං, ත්‍රීවිල් අස්සෙන්, බස් අස්සෙන් දානකොට මං වෙවුල වෙවුල ඉන්නේ..... හැම එකාම එහෙම කිය කිය ඔය විදියට ගියාම හැමදාම ඔහොමම යන්න වෙයි කිව්වම කට වහගෙන තව හයියෙන් යනවා..... පුළුවන්නම් මම බයිසිකොල් එක විකුනනවා... ඒත් ඊටපස්සේ බස් වල යන්න බැරි නිසා ඒක කරන්නත් බෑ... රෝද 4ක් ගන්නත් වත්කමක් නෑ.. දුක තමයි....

මං කියන්න හැදුවේ පාරෙ යන කට්ටියගෙන් වැඩිම කරදර ත්‍රිවීල් කට්ටියගෙනුයි බයික් අයියලගෙනුයි තමයි...වැඩිපුරම ඇක්සිඩන්ට් වෙන්නෙත් එයාලම තමයි.... මරැම වැඩේ තමයි මේක... අපේ මහත්තයා රෝද 4 යන වෙලාවට ඔය දෙගොල්ලටම පලු යන්න බනිනවා කියන එකනේ... ඒ වෙලාවට මං එයා බයික් එකේ යන හැටි මතක් කලාම ඒ ඉතිං ඒ වෙලාවටනේ කියලා ෂේප් වෙනවා......

දැං ඉතිං එයා කැබ් එක ඉන්ෂුවරන්ස් එකට දාලා බොසාට කරැණු පැහැදිලි කලා දීලා එනකොට මහ රෑ වෙයි වගේ... අදත් මං ඉතිං තනියම ඉන්න එපැයි.... ආ දෙන්කෝ උන් දෑ.........

19 comments:

  1. හිරුගේ මහත්තයාට අද සෑට වෙන්න යන මහ කෙලිය සම්බන්ධව මාගේ බලවත් කණගාටුව.. අහෝ...

    ReplyDelete
    Replies
    1. බේරැනානේ.... හැප්පිලා තියෙන්නේ කොම්පැනියේ වාහන දෙකමයි..... එයා මගෙන් බේරැනත් බොසා ගෙන් නං හොද පනිෂ්මන්ට් එකක් කනවා...... ඒක නිසා මං වලං පිගන් ටික පරිස්සම් කර ගත්තා වෙන දවසක පාවිච්චියට.....

      Delete
  2. අහෝ අද වලන් මුට්ටි එහෙට මෙහෙට පාවෙයිදෝ :o

    ReplyDelete
  3. අද නං දෙයියන්ගේම පිහිටයි මහත්තයට...හිකිස්

    ReplyDelete
  4. හච්චෝ.........................:)

    ReplyDelete
  5. //බැදලා සති දෙකෙන් මං කොන්ද කඩා ගත්තා..// අනේ දෙයියනේ ඒ මක් කරන්න ගිහින්ද?

    // මරැම වැඩේ තමයි මේක... අපේ මහත්තයා රෝද 4 යන වෙලාවට ඔය දෙගොල්ලටම පලු යන්න බනිනවා කියන එකනේ... ඒ වෙලාවට මං එයා බයික් එකේ යන හැටි මතක් කලාම ඒ ඉතිං ඒ වෙලාවටනේ කියලා ෂේප් වෙනවා.//

    මේක තමා මරු. හි හී...

    ReplyDelete
    Replies
    1. //බැදලා සති දෙකෙන් මං කොන්ද කඩා ගත්තා..// අනේ දෙයියනේ ඒ මක් කරන්න ගිහින්ද?


      ඕකට ඇත්තම කතා කියන්න යන්නේ නැතිව මොනවා හරි බොරුවක් කියන්න හිරු..නැත්තං මේ කෙලී බය වෙයි...:D:D:D

      Delete
    2. නැන්දම්මට වැඩ පෙන්නන්න වතුර බාල්දියක් උස්සන්න ගිහින්.. කවදා කාපු කටුද මන් අහන්නේ..... ඒ වෙලාවෙ නං අවුලක් උනේ නෑ... දවස් 2ක් විතර යනකොට හැරෙන්න නැවෙන්න වත් බැරි උනා.... දැං අපේ මෑන් මං කොන්ද මතක් කරනකොටම බයිසිකලේ ස්ලෝ කරනවා......

      Delete
    3. බය වෙන්න දෙයක් නෑ... ඒවගේ ගැට දාලා තමා නැන්දම්මව දැං ටිකක් හරි ෂේප් කරන් ඉන්නේ....

      Delete
  6. //බැදලා සති දෙකෙන් මං කොන්ද කඩා ගත්තා...//

    මොනවා කරන්න ගිහින්ද අනේ කොන්ද කැඩුනේ...

    ReplyDelete
  7. යකෝ මේ ගෑණු ඔක්කොම හිතන්නෙ එකම විදියටනෙ පිරිමි ගැනයි පිරිමින්ගෙ වාහන එලවිල්ල ගැනයි.

    හස්බන්ඩා මෙහෙම කියන්නෙ නැත්ද?

    රෝද දෙකේ යනකොට:"පේව්මන්ට් උඩින් දාලා, එහෙට මෙහෙට වනලා රිංගලා යන්න ඕනෙ හන්ද තමයි බයික් එකේ ආවේ. ඔයා කියන්නෙ මේ ලොරිය පිටිපස්සෙන් දිගටම යන්න කියලද ඉස්සර නොකර? එතකොට මම මෙතන හිරකරගෙන ඉන්නවා කියලා අනිත් බයික් කාරයොන්ටත් මල පනී. ඌ යන්නෙත් නෑ, අපිට යන්න දෙන්නෙත් නෑ කියලා. ඒක තමයි බයික් එකේ තියෙන වාසිය."

    රෝද හතරෙ යනකොට: "ෂ්ෂ්ෂික්ක්. දැක්කද අර ත්‍රීවීල් කාරයා දාපු දැමිල්ල. මුං එක්ක පාරෙ යන්න බෑනෙ. ෂ්ෂ්ෂීක්ක්ක්. දැක්කද අර බයික් එක දාපු දැමිල්ල වම් පැත්තෙන්. මම හොඳ වෙලාවට බැලුවෙ ඒ මිරර් එකෙන්. නැත්නම් වදිනවනෙ. දැක්කද අරූ වම් පැත්තෙන් දැම්ම මදිවට ඔරවගෙන ගිය හැටි! කවුද දන්නෑ මුන්ට ලයිසන් දුන්නෙ. දැක්කද අර බයික් කාරයා ඉන්න තැන. බලන්න මම පිකප් කරන කොට පොඩ්ඩක් පස්සට ගියොත් වදිනවනෙ. අනික බ්ලයින්ඩ් ස්පොට් එකේනෙ ඉන්නෙ. මුන්ව බේරන්න ඕනෙ මේ අපි. නොදකින්!! මමනම් කියන්නෙ මේ ත්‍රී වීලර් ගෙන්නන එක තහනං කරන්න ඕනෙ...."

    ඔයාලට තේරෙන්නෙ නෑ ඔය ලොජික් එක. ඕන පිරිමි ලොජික් එකත්. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. වාහන එලවිල්ලට විතරක් නෙවෙයි මහත්තයෝ පිරිමින්ට හැම දේකටම ඔය ලොජික් එක තමයි තියෙන්නේ.... තමන්ගේ වාසියට නොවැ... හි හි......

      Delete
    2. @ හෙන්රි, හික්ස්...

      Delete
  8. මහත්තයාවත් ඇදගෙන පයින් පලයන් බන් . . . හික්z

    ReplyDelete
    Replies
    1. මේ දවස් ටිකේ නං පයින්ම තමා අපි‌ෙ දෙන්නා ගමන දුකා අයියේ..... හි හි..

      මහ වැස්සේ, කුඩේකුත් ඉහලගෙන.. තුරුල් වෙලා.. පිස්සු නට නට.... හරියට යාලු වෙලා හිටපු කාලේ වගේ... හි හි

      Delete
  9. හිරුවෝ උඹත් ස්කූටියක් ගත්ත දවසට තේරෙයි බයික් එකේ හොඳකම. (නැත්නම් මහත්තයාගෙන් ඉගෙන ගනින් ඔය බයික් එකවත් පදින්න)

    වාහනයක් එලවනකොට අනිත් කොයි කාට ෂුවර් නැතත් පදින එකාට ෂුවර් හින්දා තමයි ඌ එහෙම යන්නේ. (උඹට ඇස්වහ කටවහ එහෙම නෑනේ)

    ReplyDelete
    Replies
    1. ඒ උනාට පස්සෙ ඉන්න මට ෂුවර් නෑනේ.. ඒකයි අවුල.. හි හි

      Delete
  10. බයික් එක පදින එකාට ෂුවර් නිසා කොයිතරම් හයියෙන් ගියත් පස්සෙ ඉන්න කෙනා ඉන්නෙ පණ බයෙන්, ඒක මට තේරෙන්නෙ බයික් එකේ පිටිපස්සෙ ඉඳගෙන යන දවසට.... ඒ නිසා ඕව ගනන් ගන්නෙපා!

    ReplyDelete