Monday, June 28, 2010

පොඩි ෂොට් එකක් දැම්මා.... නැත්තම් මගුලකට ගිහින් වැඩක් නෑ නේ.......

මේ දවස් වල අපේ ගෙදර උදේට තේ එක බොන ගමන් පටන් ගන්න කතන්දර කීම සමහර වෙලාවට ඉවර වෙන්නෙ අලි වලියක් දාගෙන.... හේතුව කතාවෙ මාතෘකාව මත්පැන් පානය වීම...

අපේ තාත්තත් අමද්‍යප මූණ දාගෙන හිටියට හිටපු ගමන් දෙතුන් දෙනා සෙට් වෙලා පාටි දාන වෙලාවට හොදට බොනවා.... ගෙදර පාර්ලිමේන්තුවේ කතානායකයි, අණ්ඩුපක්ෂ නායකයි, සුළු පක්ෂ ඔක්කොමයි ( ඒ කිව්වේ අම්මයි මායි අපේ මල්ලියි....) ඕකට විරුද්ධයි....

අද උදේ මාතෘකාව මගුල් ගෙවල් වල මත්පැන් බොන්න දෙන එන නවත්තන්න ඕනෙ කියන එක... ( ඕක ඇවිල්ලා ගෙයි උළු උඩ යන විදියෙ මාතෘකාවක්... ඒක නිසා ටිකක් පරිස්සමින් ඇදලා ගන්න ඕනේ... හේතුව අපෙත් මගුලක් ළග එන නිසා ).... ආණ්ඩු පක්ෂේ... ( ඒ කිව්වෙ අපි තුන් දෙනා...) සම්පූර්ණයෙන් විරුද්ධයි බොන්න දෙන එකට... හැබැයි හැමදාම හණ මිටිය කරේ තියාගෙන ඉන්න විපක්ෂෙ ( ඒ කිව්වේ අපේ තාත්තා..) තනියම... (මල්ලිත් අපේ පැත්තෙ නේ... ) විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා බොන්න දෙන් නැත්තම් ඒයා එන්නේ නෑ කියලා මගුලට....

මේක මාර වැඩක් තමයි....

අන්තිමට මං තාත්තගෙන් ඇහුවා... " ඇයි තාත්තේ ඇත්තටම පිරිමි ඔය තරම් අමාරුවෙන් සල්ලි වියදම් කරගෙන මූණ ඇඹුල් කරගෙන, ඕවා බිව්වම ලෙඩ වෙනවා කියලා දැනගෙනම, තිත්ත කසායකට වඩා තිත්ත, අරක්කු බොන්නේ..." කියලා...

ඔය පිරිමි ළමයි කාටවත් තියෙනව ද දන්නෑ නේද මේකට උත්තරයක්... මොකද අපේ තාත්තා නම් දුන්නේ හරි පරණ මෝඩ උත්තරයක්... " මගේ යාලුවො ඔක්කොම බොන එවුන්... ඉතිං මං විතරක් කොහොම ද නොබී ඉන්නේ..." ( පිරිමි මහ මෝඩ ජාතියක්... )

තාත්‍තගෙ උත්තරේ පැත්තකින් තියමුකෝ... ඒ වෙලාවෙ මට මෙහෙම හිතුනා...

" පිරිමි අරක්කු ‍බොන්නේ ඕපදූප කියවන්න හිතට ධෛර්යය ගන්න... මොකද පිරිමි කියන්නේ හරිම හිත දුර්වල ජාතියක්...."

දැං මං මෙහෙම කිව්වම කට්ටියම කඩු පොලු හොයන්න යන්න කලින් මම එහෙම කියන්න හේතුව අහගන්නකෝ...

ඉස්සර සමාජයේ කතාවක් තිබුනා... ගෑණු ළිද ගාවට ගියාම තමා ඕපදුප සංගමේ පටන් ගන්නේ කියලා... තවත් කතාවක් තියෙනවා ගෑණු තමා ඕපදූප හොයන්න පුරුදු වෙලා තියෙන්නේ කියලා...

ඒත් මං හිතන විදියට අපේ සමාජයේ වැඩිපුරම ඕපදූප හොයන්නේ පිරිමි තමයි... ඒ වගේම නරකම විදියේ ඕපදූප හොයා ගන්නෙත් පිරිමි තමයි...

ගෑණු ඕපදූප කියන්නේ සහ අහන්නේ බොහෝ දුරට හොද සිහියෙන්... හැබැයි පිරිමි ඕපදූප අහන්නේ සහ කියන්නේ අවසිහියෙන්... ඕක තමා මම දකින ලොකුම වැරැද්ද...

ඔය ගොඩක් වෙලාවට බොන අය කියනවා නේද " උගේ පපුව ඇතුලේ තිබුණ කුණු ඔක්කොම එළියට ආවේ ෂොට් දෙකක් තුනක් වැදුනට පස්සේ තමයි.. " කියලා...

හැබැයි ෂොට් දෙක තුනක් වැදුනට පස්සේ ගෙදර ගෑණිගේ දරුවන්ගේ අතර තියෙන ප්‍රශ්න ඔක්කොම තැන නොතැන නොබලා කියලා දාන ඒකේ වැරැද්ද තේරෙන්නේ හොද සිහිය ආවට පස්සේ... හැබැයි එතකොට අස්සයා පැනලා ගිහින් ඉවරයි... මොකද ඊළගට ඒ කතාව යන්නේ අහගෙන හිටපු අයගේ ගෙදර උන්දැලගේ කනට නොවැ.... හික් හික්...

දැං කියන්නකෝ.. "පිස්සුද මම බොන්නේ මගේ ප්‍රාණ සම මිත්‍රයෝ ටිකත් එක්ක විතරයි කියලා... හැබැයි ප්‍රාණ සම මිත්‍රයෝ අතර දේවදත්තලත් ඉන්න බව තේරෙන්නේ මොනවා හරි වැරදුනාට පස්සේ ගෙදර උන්දැගෙන් කන් අඩි පැලෙන්න අහගන්නකොට තමා... (අපේ තාත්තටත් මේ ළග දි දවසක් ඔය වගේ වැඩක් උනා... එයා අහගන්නේ අම්මගෙන් විතරක් නෙවෙයි .. අපි දෙන්නත් හැංගිලා ඉදගෙන අම්ම‍ට සපෝට් එක දෙනවා... )

ඒක නිසයි මම කියන්නේ පිරිමි කියන්නේ හරිම හිත දුර්වල ජාතියක් කියලා... ගෑණු හිතට දරා ගන්න බැරි දෙයක් උනාම අඩන්න හිත හදා ගන්නවා... ඒත් පිරිමි හිත තද කරගන්න උත්සාහ කරනවා.. ඒත් ඒක දරා ගන්න බැරි උනාම අඩන්න තියෙන ලැජ්ජාවට මත්පැන් බොනවා.. ඊට පස්සේ අඩන්න පුළුවන්...කියවන්න පුළුවන්... ඇයි වෙරි මතින් නේ අඩන්නේ.. කියවන්නේ... එතකොට ලැජ්ජාවක් නැ නේ....

හ්ම්ම්.. මේක මට හිතුන දෙයක් විතරයි... ‍ඕගොල්ලන්ටත් කියන්න දෙයක් තියෙනව නම් කියන්න මේකේ ඕනෙ තරම් ඉඩ තියෙනවා.... හි හි හි.............

දැං නං නිදා ගන්න වෙලාව පහුවෙලා පැය දෙකක් විතර ගිහිල්ලා... හෙට උදේ පාන්දර නැගිටින්නත් ඕනේ... එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක්.....

හිරු..............

11 comments:

  1. හරියට හරි පිරිමි කියන්නේ මහ මෝඩ ජාතියක් තමා ඒ කියන්නේ මේ මමත් ඇතුලුව..! නියමයි නංගී ලියන්න දිගට ම අපි ඉන්නවා කියවන්න..!

    ReplyDelete
  2. සෑහෙන විවාද සම්පන්න මාතෘකාවක්. කතාව 50/50. මොකද ලංකාවෙ මධ්යම පන්තියෙ බහුතරයක් එහෙම උනත් හැමෝගෙම ත්තවෙ ඒක නෙමෙයි.
    හැබැයි ඔය මංගල උත්සව වලදි බොන්න නොදෙන එක වැරදියි. මොකද ඒකවත් නැත්තං එන උන්ට බහුතරයක් උත්සව හරිම බෝරිං. එක පාරක් අපේ යාලුවෙක් මින්හගෙ හෝම් කමින් එකේදි බොන්න නොදී, ඒ මදිවට අපිට තව කින්ඩියත් දදා හිටියෙ. අපි කොල්ලො සේරම ටික වෙලාවක් බලල හිමීට එකෙක්ගෙ වාහනේක නැගල ගිහින් ලඟම තිබ්බ බාර් එකකින් හොඳට ගැහුව. වෙන්ද ගල් පොල් ගහපු උන් එදා ඉම්පොඉර්ටඩ් බ්‍රැන්ඩි විතරයි බිව්වෙ. පස්සෙ මඟුලට දෙන්න ගෙනාව සල්ලි ඔක්කොම එකතුකරල ඒකෙන් බිලත් ගෙවල, ඉතුරු සල්ලි ටිකයි බිලයි කවරෙකට දාල නම් ටික ලියල මනමාලයට දීල නව දිවියට සුභ පතල කට්ටිය විසිර ගියා.

    ReplyDelete
  3. පබ්බත මහත්තයෝ...

    අහල පහල ඉන්න පිරිමි පරාණ වලින් ඔලුව බේර ගන්න වෙයි ඔයාට... හි හි.... බොහොම ස්තූතියි කිව්වා ඕං...

    ඉන්දික උපශාන්ත මහත්තයෝ....

    ඔයා ඕකත් මතක් කරපු එක හොදයි... මම ලියන්නම් කියලා හිටපු තව කතාවක් තමා ඒක.. නිදිමත වැඩි කමට ඒක අතෑරිලා.. හි හි..

    ඒ කතාව දැං කියන්නම්කෝ...

    අපේ තාත්තලගේ company එකේ Annual family get together එකක් තියෙනවා.. සාමාන්‍යයෙන් ඕක තියෙන්නේ කොහෙ හරි හොටෙල් එකක.. මමත් අවුරුදු 5 ඉදලම ඕවට ගියා.. සාමාන්‍යයෙන් තියෙන්නේ නෝනා මහත්තුරුන්ට සහ ළමයින් ට තාත්තලත් සහභාගී වෙලා එක එක සෙල්ලම් කරන්න.. ඕගොල්ලොත් ගිහිල්ලා ඇතිනේ ඕවට... වැඩිපුරම ඔය යුද්ධේ ඉවර වෙන්නේ එක්කො යාලුවො ටික වලියක් දාගෙන.. ඒහෙම නැත්තම් නෝනා මහත්තුරු ටික මූණු ඇදකරගෙන මහත්තුරු ටික ඇදගෙන යන්න යන එක... හේතුව කට්ටිය කරටි කැඩෙන්න ගහලා ඉන්න එක.. මොකද ඉවර වෙලා වාහන එලවගෙන යන්න ඕනේ ඔය මිනිහා එක්කමනේ... හි හි...

    කොහොමින් කොහොම හරි මේ ළගදි එක පාරක් ලෑස්ති කරලා තිබුනා ලස්සන තැනකට යන්න... Leisure World එකට.. ලස්සන වැ‍ඩේ කියන්නේ ඒකට Liqueur අරගෙන යන්න දෙන්නේ නෑ... කොහොම හරි අපි හැමෝම තාත්තලා අම්මා ළමයි පුදුම විදියට විනෝද වුනා එදා... අමතක නොවෙන දවසක් ඒ දවස තාම....

    ඊළග පාර ඉදලා office party එකට liqueur නෑ..

    මම කියන්න හැදුවෙ මේකයි... ඔය මගුල් බෝරිං කතාවත් පිරිමි හදාගත්ත බොරු කතාවක්.. ඇයි බෝරිං කියන්නේ.. මගුල් ගෙයක් කියන්නේ කොච්චර කට්ටිය ඉන්න තැනක් ද..?? .. කොච්චර කාලෙකින් හම්බුවෙන නෑ‍දෑයො ඉන්න තැනක් ද.. ඔය පැය දෙක තුන බෝරිං කියන්න නම් ඔය පිරිමි කට්ටිය office වල පැය ගනන් එක තැන ඉදගෙන වැඩ කරන්නේ කොහොම ද..???

    ඕකෙ කතාව මට හිතෙන හටියට නම් මෙහෙමයි... අපේ සමාජයෙ කට්ටිය එක එක කල්ලි හදාගෙන ඉන්නවා " මට මේ කට්ටිය අල්ලන්නේ නෑ .. මේ කට්ටිය නම් මරු.. මම නම් අශ්‍රය කරන්නේ ඒ කට්ටිය විතරයි කියලා... " ඉතිං මගුල් ගෙදරක දි කරන්නේ එක එක කට්ටිය තැන් තැන වලට වෙලා බොන එක.. මොකද අනිත් අය ආශ්‍රය කරන්න බෑනේ පම්පොරිය හින්දා...

    ඔය බොන්න දෙන්නෙ නැති මගුල් ගෙවල් වලදි ඔය කිව්වා වගේ වැඩ කරන කට්ටියත් ඉන්නවා තමයි.. හැබැයි ඒ කරන අය ඒ වෙලාවට හිතන්නේ නෑ ඒ වැඩෙන් අර මංගල යුවල.. (සමහර විට ඕගොල්ලන්ගේ නෑයෙක්.. එහෙම නැත්තම් යාලුවෙක් වෙන්න පුලුවන්.. ) මොන තරම් අපහසුතාවයකට පත් වෙනවද කියලා... කවුරුවත් සල්ලි වලට ලෝබ කමට බොන්න නොදී ඉන්නේ නෑ... එහෙම කරන හේතුව ගොඩක් වෙලාවට ඒ අය කැමති නෑ මත්පැන් බොන එකට ... ( ගොඩක් ගෑණු අය කැමති නෑ තමන්ගේ husband මත්පැන් බොනවට.. ඉතිං සමහර විට මනමාලි හිතනවා ඇයි මම අකමැති දෙයකට අනිත් අයව පොලඹවන්නේ කියලා.. කොහොමත් අනිත් ගෑණු ටික බනින්නේ බීපු මෝඩ පිරිමි ටිකට නෙවෙයි බොන්න දීපු අයට නේ... )

    ඉතිං ඒ වෙලාවේ දි එලියට ගිහිල්ලා බීලා එන එක මම නම් හිතන්නේ තමන්ගේ මෝඩ කම ප්‍රදර්ශනය කරන්න කරන දෙයක් විදියට.. ඉතිං උපශාන්ත මහත්තයෝ මගේ අදහස නම් ඔය පැය දෙක තුන කට්ටිය එකක් හිනා වෙලා කතා කරලා පොඩි ළමයි ටිකත් එක්ක එකතුවෙලා ලස්සනට ගත කරලා හැමෝගෙම හිත් හොදින් තියාගෙන .. කාපු බීපුවා පුච්චගෙන දගලන්නේ නැතුව නිවී සැනසිල්ලේ ගෙදර යන එක කාගේ කාගෙත් ඇගට වගේම හිතටත් හොදයි කියන එක තමයි....

    ReplyDelete
  4. මේක දාන්න පෝස්ට් එක විදියට..! මරු

    ReplyDelete
  5. පබ්බත් උඹ මෝඩයා උනාට හැමෝම එහෙම නැහැ මචන්

    බීම ගැන ඔයාගේ අවබෝධය නම් සෑහෙන්න සාර්ථකයි. ඒත් ඔයිට වඩා වෙනස් දේවලුත් තියෙනවා. මම බීලා අඬලා නැහැ ඒත් සිහියෙන් ඉන්න වෙලාවට අඬලා තියෙනවා. බීලා කියවන එක නම් වැඩී තමා. ඔච්චර තිත්ත දෙයක් අමාරුවෙන් ඔන්නේ බිව්වම හිතට දැනෙන සැහැල්ලුව නිසා. ඒක වෙන කිසිම විදිහකින් මට ලැබිලා නැහැ දැනට නම්. පහුවදාට දැනෙන ඔළුවේ කැක්කුම උනත පාඩු නැහැ ඒ එක්ක බැලුවම.

    බොන්න නැතිට්‍රිප්, බොන්න නැති පාටි මගුල් ගෙවල් මට නම් මෙලෝ රහක් නැහැ. මේකට දානේ බණ සහ මළ ගෙවල් හිටන් අදාලයි

    ReplyDelete
  6. අපි නම් කුඩා සන්දියේ පටන් අමද්‍යපයි :)

    ReplyDelete
  7. පිරිමි- පිරිමි අතර තිබෙන මනංකල්පිත -ඔයා කියන විදියට පම්පෝරි පවුරු බිඳ ලන දිව ඔසුවකි මීවිත:

    ඒවගේමයි මෙන්නෙ මෙහෙම ලියන් අයත් ඉන්නව

    Never trust a man who doesn’t drink
    http://www.sexcigarsbooze.com/2011/09/never-trust-a-man-who-doesn%E2%80%99t-drink/

    ReplyDelete
  8. පොස්ට් එකයි කමෙන්ට් ටිකයි කියවන් යද්දී අගමුල පැටලෙනවා ..
    ආයේ කියනවනවා ඉතින් .කොහොම හරි බිව්වම සිහි නම් විකල්
    වෙන්නේ නැහැ ඇග පත පාලනය කරගන්න බැරි වෙනවා මිසක් ..
    ඒත් බිව්වම බීපු එකා හිතනවා මම බීල හින්ද කියෙව්වට අවුලක් නැහැ
    කියල.. Excuse එකක් හම්බුනා කියල හිතන් ඉන්නේ .පොඩ්ඩක් වත්
    සිහිය අඩු වෙන්නේ නැහැ , බීපු මිනිස්සු එහෙනම් පොඩි කාලේ දන ගාපුව
    කියවන්න එපැයි . ඔන්චිල්ලා පදින්න ඕනේ කියල අඩන්න්න එපැයි .
    ඒ උනාට බිව්වම කරන්නේ තමන්ට ඇදුමක් ඇඳන් කරන්න , කියන්න බැරි
    ඔක්කොම කරන එක.ඒ වෙරි උනා කියල වෙන අමුතු දෙයක් නිසා නෙවේ .
    පහු වෙනිදට මන් බීල හිටියේ ගණන් ගන්න එපා කියල අවුලක් නැතිව
    කියන්න පුළුවන් නිසා.

    මෙලෝ දෙයක් බැරි උන් ලෝකේ හදල , රට හදල තමා ඉවර වෙන්නේ .
    තමන්ට කරගන්න බැරුව ලත වෙන දේවල් සාදරනීය කරනවා බිව්වම.
    මට නම් අවන්කවම පෙන්නන්න බැහැ බීල දෙන පොර ටෝක්.

    මන් නම් සැබෑ ජීවිතේ ඕන තරම් අඬල තියෙනවා බීල අඬල නැහැ නිදා
    ගන්නවා මිසක් . මාත් කාලයක් බිව්වානින්ද යන්නේ නැති නිසා නිදි පෙති 4, 5 පැන්නුවත් .වෙරි වෙද්දී මට නම් හිතට මොනවත් වෙන්නේ නැහැ ඇවිදින්න කෙලින් ඉන්න බැරි වෙනවා මිසක් .ඇඟ අඩ පන වෙද්දී නිදා ගන්න පුළුවන් කම මිසක් . ඒ ඇර සිහිය නම් වෙනස් වෙන්නේ නැහැ. මට බීම එපා උනෙම බිව්වම කියන පොර කතා වලට .තාම ශිෂ්ට සම්පන්න විදිහට එකට ඉඳන් බොන්න පුළුවන් කෙනෙක් කියල හම්බෙලා ඉන්නේ එකම මනුස්සයයි , එකම ගෑල්ලමයයි.

    ReplyDelete
    Replies
    1. ඔයත් ඒ ගැන හිතන්නේ මං හිතන තාලෙටම තමයි... මං ඒක තමයි අපේ මහත්තයට බීම එපා කියලා රණ්ඩු කරන්නේ නැත්තේ.. එයා කවදාවත් එළියට ගිහින් බොන්නේ නෑ... එයාට එහෙම කරන්න උවමනාවක් නෑ නේ.. ගෙදරදි මාවත් ළඟින් තියාගෙන ඉඳලා හිටලා බියර් එකක් බොන එකට මමත් ආසයි... එයා ළඟට වෙලා ඇපල් ගෙඩියක් කකා කියව කියව ඉන්නවා... හැබැයි සිගරට් වලට නම් අකමැතියි මම...

      Delete
    2. පසුකාලීනව පසුතැවෙන්න වෙයි හිරු අක්කේ ...

      Delete
  9. තාත්ත එන්නේ නැහැ කිව්වත් වෙඩින්ග් එකට සර ජාති මුකුත්ම ගේන්නේ නැහැ...

    ReplyDelete