Saturday, June 26, 2010

මගේ පළවෙනි පෝස්ට් එක....

හිරැ නැති හෝරාවේ පළවෙනි කතන්දරේ පළ කරන්න මෙච්චර කල් ගත වෙයි කියලා මම හිතුවෙම නැ නොවැ... මොනවා කරන්නද..... වැඩක් තරන්න ගත්තම හරියට බාල්දි පෙරලෙනවනේ... මේ දවස් ටිකේ බාල්දි විතරයි ජීවිතේ... ඒ කතාව පැත්තකින් තියලා අපි හා හා පුරා කියලා කතාවට බහිමුකෝ...

මුලින් ම මා ගැන යමක් කියලම පටන් ගත්තොත් හොදයි කියලා හිතුන නිසා මම මෙහෙම පටන් ගන්නම්..

හිරු කියන්නේ බිලොග් ජීවිතේට මොහොම ආධුනිකයෙක්.... අවුරුද්දක් විතර තිස්සේ ඉදන් මම සිංහල ‍බ්ලොග් කියවන්න පුරුදු උනා.... බොහොම සීමිත පුමාණයක්... ඒකට හේතුව තමා මේ කවදත් හරහට හිටින වෙලාව නැති කම....

නොහොම නමුත් මොන දේ හරි පටන් ගැනීමක් තියෙන්න එපැයි... ඒක නිසා ඔන්න මම මොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන ( ඒ කිව්වේ නිදා ගන්න වෙලාවෙන් ටිකක් කැප කරලා ) ... වැඩක් පටන් ගත්තා..

මේ බ්ලොග් එකට අරමුණක් නැ... හරියටම මට වගේම... ඉදිරියට මේකේ මොනවා ලියවෙයිද කියලා නම් කියන්න බෑ මට... ඒක නිසා බොහොම හරබර කවි පද , සී පද , කතන්දර , විවේචන මේකේ ලියවෙයි කියලා පොරොන්දු වෙන්න බෑ .. ඒ වගේම ඔය කියාපුවා නොලියවෙයි ද කියලත් මට සහතික වෙන්න බෑ... ඒක නිසා ඔන්න මම හා හා පුරා කියලා හිරු ගේ හිරු නැති ‍හෝරාව ආරම්භ කළා....

9 comments:

  1. අරමුණකින් ලියන්වට වඩා ඒ වෙලේට ඔළුවට එන දෙයක් ලියන එක හොඳයි වගේ :-)

    ReplyDelete
  2. බොහොම පරණ බ්ලොග් කාරිණියක්නේ අපිට මග ඇරිලා තිබුනට...

    ඊයේ පෙරෙදා ඉඳන් මගේ බ්ලොග් එකේ දාපු දිග කමෙන්ට් ටික හින්දා බලන්න හිතුනේ කවුද මේ කියලා... හොඳට ලියන අළුත් කෙනෙක් කියලා හිතලා... බැලින්නං අළුත් නැහැ නෙව...

    අග සිට මුලට පෝස්ට් ටික කියෙව්වා... නියම බ්ලොග් එකක්

    ReplyDelete
  3. ආ හිරු අක්කේ.. (ඇයි යකෝ ආදී කාලේ පටන් ගත්තු බ්ලොගක් නේ මේ.. ආච්චි ද මන්දා) හික් හික්...
    එල එල.. පුළුවන් විදිහට අනිත් ලිපි ටිකත් බලමුකෝ.

    ReplyDelete
  4. ඔන්න සුදීකයත් ආව.

    ReplyDelete
  5. බ්ලොග් එකේ මුලටම ඇවිත් බලන්න හිතුනා....

    ReplyDelete
  6. "On Blogger since June 2010"
    අපි ඉපදිලත් නැත්ද කොහෙද :D

    ReplyDelete